(එෆ්.අස්ලම්)
අවසන් යුද්ධයේදී මියගිය දෙමළ වැසියන් සිහිකරමින් මුල්ලිවායික්කාල් සැමරුම් උත්සව 47ක් උතුරු පළාත කේන්ද්‍රගතව සංවිධානය වී තිබෙන බව උතුරේ බුද්ධි හා ආරක්ෂක අංශ සදහන් කර සිටීයි.
මුල්ලිවයික්කාල් සැමරුම් සතිය නිමිත්තෙන් සැමරුම් 20ක පමණ සංඛ්‍යාවක් සිදුකර අවසන්ව ඇති අතර අවසන් සැමරුම මැයි 18 සවස මුලතිව් මුල්ලිවයිකාල් හිදී සිදුකිරීමට කටයුතු සූදානම් කර ඇතැයිද එම ආරංචිමාර්ග පවසයි.
යුද්ධය අවසන් වී වසර 11ක් සපිරෙන හෙට 18 වනදා සවස 06යි මිනිත්තු 18යි තප්පර 18ට සෑම නිවෙසකම පහනක් දල්වමින් මියගිය වැසියන් සිහිකරන ලෙස උතුරු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සී.වී විග්නේෂ්වරන් මහතා ද උපදෙස් දී ඇත.
මෙම සැමරුම් අතරින් වැඩිම ප්‍රමාණයක් ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම්ගේ නායකත්වයෙන් යුත් දෙමළ ජාතික ජනතා පෙරමුණ විසින් සංවිධානය කර ඇති බවටද ආරක්ෂක අංශ විසින් අනාවරණය කරගෙන තිබෙන තිබේ.
රට තුළ පවතින කොවිඩ් වසංගත තත්වය හේතුවෙන් මෙවර මුල්ලිවයික්කාල් සැමරුම් පසුගිය වසරට සාපේක්ෂව විශාල මිනිස් ඒකරාශී වලින් තොරව සිදුව ඇති අතර මියගිය වැසියන් සිහිකිරීමේ ප්‍රධාන සැමරුම 18 වනදා සවස අවසන් යුද්ධයේදී ජීවිත දහස් සංඛ්‍යාවක් අවසන් වූ බව කියන මුලතිව් මුල්ලිවයික්කාල් භූමියේදී මහවැලි විරෝධී දෙමළ එකමුතුව නැමති සංවිධානයක් විසින් සංවිධානයක් කර තිබෙන බවද උතුරේ ආරක්ෂක ආරංචිමාර්ග සදහන් කරයි. වී තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යුද්ධයේදී මියගිය සියලුම සිංහල, දෙමළ ශ්‍රී ලාංකිකයින්ට නිවන් සුව පතමි !
ලොකු කොටියා මැරුවට කොටි පුල්ලි තාම ඉන්නේ. එතකොට මැරිච්ච සිංහල හා අනික් අය මේ අයට අමතකද ? මේවට උඩගෙඩි දෙන අය තමා මුලින්ම අය්හ අඩංගුවට ගන්න ඕනේ.
මේවා එජාප ආණ්ඩුව කාලේ සිද්ධවෙනකොට කට්ටිය නටපු නැටිල්ල. දැන් මීක් නැහැ.
මේක හඩ වගේ.
ශ්‍රී ලංකාවේ සිංහල සහ ද්‍රවිඩ දේශපාලකයින් විසින් 1956 සිට ඔවුන්ගේ පැවැත්ම සඳහා අවුලවන ලද යුද්ධයෙන් අවාසනාවන්ත ලෙස ජිවිත අහිමිවුන සියලුම සිංහල, දෙමල, මුස්ලිම්, මැලේ සහ බර්ගර් " ශ්‍රී ලාංකිකයින් හට නිවන් සුව පතමි. සසරේ ඉපදෙන කිසිම භවයකදී ඔබට එවන් කුරිරු යුද්ධයක වේදනාව නොදැනෙවා...ඔබ සැමටම නිවන් සුව....!!!
අනේ මන්ද? තවම කොටි සිහිකරනවා එහෙනම්.
අර ඒ කාලෙ මැරෙන්ඩ හදපු දේශප්‍රේමින් කොහෙද දන්නෑ.
පහුගිය ආණ්ඩුව කාලෙ මේක වුණා නම් විමල් වීරවංශ කොටි සමරනවෝ කියල බෙරිහන් දෙන්න පටන් ගන්නව. ආණ්ඩුව එයාලගෙ නිසා රතු, කහ පාට කොඩි වැල් තිබුණත් මේක කොටි සැමරුමක් නෙවෙයි.
දෙමළ මිනිස්සු විතරක් සමරන්නෙ ඇයි? මේක හරිම ජාතිවාදීනෙ? අයිතිවාසිකම් ඉල්ලනකොට විතරක් අපි ඔක්කොම එකයි කියාගෙන එන්නෙ. අපේ රටේ සුලු ජාතීන් කොච්චර අවස්ථාවාදී ද කියල මේකෙන් පේනවා...
මෙහිදී පොදු ජන පෙරමුණේ ඇතැම් පුද්ගලයන්ගේ නිරුවත මනාව පැහැදිලිවෙනවා . පහුගිය ආණ්ඩුව කාලේ මේ සැමරුම කරද්දී කොටි නැගිටිනවා කියලා කියපු උදවිය අද කිසිම දෙයක් වුනේ නැති ගානට ඉන්නවා. කවුරු කළත් වැරැද්ද වැරැද්දම තමයි. අපේ දේශප්‍රේමින් කියලා කියා ගන්න කොටස සහ සංඝයා වහන්සේලා කියන ඇතැම් කොටස් මේ වගේ දේවල් වලට කිසිම ප්‍රකාශයක් නොකරන්නේ ඔවුන් කුහක නිසා බව නොවේද ?