ශ්‍රී ලංකාවේ මානව හිමිකම් පිළිබඳ දේශීය පරීක්ෂණයක් කළ යුතුයැයි කෑ ගැසූ පිරිස්ද මේ වන විට කොටි සංවිධානයට හිතවත් කණ්ඩායම්වල මතයම දරමින් මානව හිමිකම් පරීක්ෂණ පිළිබඳ දේශීය යාන්ත්‍රණයකට විරෝධය දක්වමින් සිටින්නේ යැයි ශ්‍රීලනිප තරුණ පෙරමුණේ සභාපති හිටපු නියෝජ්‍ය ඇමැති ශාන්ත බණ්ඩාර මහතා අද (5) පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.
යුද්ධය නිමා කිරීමේ ගෞරවය හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාට ලබාදෙන අතර මානව හිමිකම් පිළිබඳ දේශීය පරීක්ෂණයක් කිරීමට ජාත්‍යන්තර ප්‍රජාව එකඟ කරගත් ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ කාර්යයද ගෞරවයට ලක්විය යුතු බව බණ්ඩාර මහතා කීවේය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබතුමා සමඟ අපිත් එකඟයි (නි)
රනිල් අගමැතිතුමාටත් ලොකු ජාත්‍යන්තර පිළිගැනීමක් හා විශ්වාසයක් තිබෙනවා (නි)
ශාන්ත බණ්ඩාර මහතාගේ අදහස්වලට මමද ගරු කරමි. යුද්ධය ජයගත් මහින්ද ජනාධිපතිවරයාත් ,ශ්‍රී ලංකාවට එරෙහිව බලමුළු ගොඩ නැගු ලෝක බලවතුන් තම ප්‍රථම උත්සාහයෙන්ම අවනත කර ගැනීමට හැකි වූ වත්මන් ජනාධිපතිතුමාගේ රාජ්‍යය තාන්ත්‍රික භාවයට අපි ගරු කරමු. (අ)
රනිල් ගැන කියන්න බැරි දිව හිරි වැටිලද? (අ)
ඔය දේශීය පරීක්ෂණය ගැන අප තවම හරියට දන්නේ නැහැ. ටිකක් ඉවසිල්ලේ බලා ඉඳිමු. (අ)
බොහොම සන්තෝෂයි (නි)
යුග පුරුෂයන්ට ඉතිහාසය විසින් පවරන මෙහෙවර වෙනස්ය (අ)
අපි තව ටිකක් ඉස්සරහට ගිහින් බලමු. සමන් දෙවි පිහිටෙන් රටට හොඳ දෙයක් වෙන්න කියලා අපි පතනවා. (නි)
මේක සාමුහික ජයක්. (නි)
ජාත්‍යන්තරය ජයගන්නවා කියන්නේ ඔවුන් කියන හැම එකටම ඔලුව වනා පිළිගැනීමද ආයුබෝවන්ඩ... මරු.(අ)
රට නැති කිරීම ජාත්‍යන්තරය ජය ගැනීමක්ද? (බ)
එතකොට අගමැති තුමා සියඹලා ගෙනාවේම නැති ද ?(බ)
හිටපු අමාත්‍ය ගරු මර්වින් මැතිතුමාත් එදා යුද පෙරමුණට ගොස් විරුවන් දිරිමත් කරමින් , ඔවුන්ගේ අඩු පාඩු සොයමින් කළ මෙහෙවර අමතක කරන්නට හොද නැහැ. (බ)
මහින්ද රාජපක්ෂ යුද්ධය දිනූ වීරයා හැටියට හඳුන්වන්න ජනතාව පෙළඹවුයේ හිටපු පාලකයාගේ හිතවතුන් හා රාජ්‍ය මාධ්‍යය. එය ඉතාම ක්‍රමානුකූලව හා සියුම්ව සිදුවුණා. යුද්ධයට මුල්‍ය ප්‍රතිපාදන මදි වූ විට ජනතාව එක වේලක් පමණක් ආහාර ගෙන යුද්ධය දිනීමේ අරමුණින් දැවැන්ත පරිත්‍යාගයක් කළා. සාමාන්‍ය මිනිස්සු ඒ උදාර පරිත්‍යාගය කරනවිට පාලකයාටත් තිබුනා නේද ජනතාව ගැන හිතන්න.මුළු රාජ්‍ය තන්ත්‍රයම බොරුවෙන් වෙලී තිබුන නිසා ඇත්ත දැනගැනීමට ජනතාවට තිබු අවස්ථා බොහොමයක් අහිමිවුණා. යුද්ධය වවාගෙන කාපු මිනිස්සු තරවුණා. යුද්ධය වෙනුවෙන් බඩේ හම පිටපොත්තට අලවාගත් මිනිසුන්ට අඩු වශයෙන් සත්‍යය දැනගැනීමටවත් ඉඩක් ලැබුනේ නැහැ.දැන් ඒවටත් හරියන්න....දුෂණ වංචා කොමිසම ඉදිරියේ පෝළිමේ. සත්‍යය කවදා හෝ ජයගන්නවා කියන්නේ ඕකට තමා. (නි)
මේ සියල්ලම අපේ අගමැති තුමාට තිබෙන ජාත්‍යන්තර පිළිගැනීම සහ ගෞරවය නිසා ලැබෙන දේවල් (බ)
ඡන්දය ඉල්ලන්න ආපුදෙන්කෝ (අ)
ශාන්ත මහත්තයා ඔයා හරි. ඔයාට වැරදුනේ මහින්ද එක්ක නැගිටින්න ගියේ නැති හින්දා. මහින්ද මහත්තයාට අපි ගරු කරනවා. ඒත් මන්ත්‍රි වෙලා දැන් ආයේ බලු වෙලා. ගම්මන්පිල වීරවංශ ඒ මිනිහා අමාරුවේ දැම්මා. අපි ඡන්දෙන් දිනවපු ජනාධිපති මහින්ද දැන් මැරිලා. ඔහු කල සේවය පමණයි තියෙන්නේ. දැන් ඉන්නේ බලයට කෑදර කොන්දක් නැති ස්වාධීන තීරණයක් ගන්න බැරි එක එකාගේ ඕනෑ එපාකම් ඉටුකරන මහින්ද. විරයෙක් වෙන්න ඕන මිනිහා බලයට කෑදර නිකමෙක් කලේ ගම්මන්පිලයි වීරවංශයි. ඒ අයට පාර්ලිමේන්තු යන්න මහින්ද මහත්තයා පාවිචිකලා. දැන්වත් මහින්ද මහත්තයට මොලේ පෑදිලා මන්ත්‍රී කමෙන් ඉල්ලා අස්වෙලා ශාන්ත මහත්තයට පාර්ලිමේන්තු එන්න චාන්ස් එක දුන්නා නම් බොහොම පින් (අ)
අපිත් මේ පෙරුම් පුරාගෙන බලන් ඉන්නේ ඔබ තුමාලට ජයග්‍රහණ අරන් දෙන්න ලබන මැතිවරණෙ වෙනකම්. ඕව කියන්න ගිහින් ඔය මේ තීරුවේ ඔබතුමාව වර්ණනා කරන අයටම (අ)
ඇත්තටම අගමැති තුමා පිටරටවල ගෞරවයට ලක් වූ මහත්මයෙක්. ඔහුට ගොඩක් වැඩ කල හැකයි. එතුමාට අවස්තාවක් දෙමු.(අ)
ඔබ දෙපළට අපේද ගෞරවය! (නි)