‘2005 වසරේ මහින්ද රාජපක්ෂ මහතා බලයට පත්වන විට ඇමති මණ්ඩලයටත් පාර්ලිමේන්තුවටත් බලයක් තිබුණා. මහ ජනතාව ඔහු සමග කටයුතු කිරීම නිසා යුද ජයග‍්‍රණය ලබා ගැනීමට හැකි වුණා. එම ජයග‍්‍රහණය ලබාගැනීමට ජීවිත ලක්ෂයකට වඩා වන්දිගෙවන්නට සිදු වුණා. යුද ජයග‍්‍රණයේ ගෞරවය ඒ සදහා කැප වූ සැමට හිමිවිය යුතුය. එය තනි පුද්ගලයෙකුගේ ජයග‍්‍රහණයක් නොවිය යුතුයි. ‘ යැයි පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා අනුරාධපුරයේ දී කීවේය.
මේ වන විට රට තුළ නිදහස හා ප‍්‍රජාතන්ත‍්‍රවාදය අහිමි වෙලා. ලිංගික අපචාර, කාන්තා හිංසනය, ළමා අපචාර වැඩි වෙලා. එතනෝල්, කැසිනෝ, ගණිකා ව්‍යාපාර, රටේ මූලික ආදායම් මාර්ගයක් බවට පත් වලා. සංවර්ධනය ලෙස මහා මාර්ග ඉදි කර ඉන්වැඩි කොටසක් පවුලේ සුඛවිහරණය සදහා යොදා ගත්තා. ජනතාවගේ කුසගින්න ඔවුනට අමතක වුණා. ජනතාවට වැඩි බදුමුදල් පණවමින් කැසිනෝ ව්‍යාපාර සදහා බදුමුදල් අහෝසි කළා. වාරිමාර්ග හා කෘෂිකර්ම අමාත්‍යවරයා ලෙස මා කටයුතු කරන කාලයේදී ගොවි ජනතාවගේ යහපත සදහා යෝජනා ගණනාවක් ඉදිරිපත් කලත් ජනාධිපතිවරයා ඒ කිසිවක් ක‍්‍රියාත්මක කළේ නැහැ. ‘
2025 දෙසැම්බර් මස 04
741
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
566
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
454
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
‘යුද්ධය දිනුවේ තනිවම නොවේ‘
ටෙරෝන් Tuesday, 30 December 2014 07:28 AM
යුද්ධය දිනන්න අපිත් සහය වුණා (දිල්)
පෙරේරා Tuesday, 30 December 2014 07:36 AM
ඇයි චන්ද්‍රරිකා? අමතක උනාද.
ශිරෝ Tuesday, 30 December 2014 08:57 AM
යුද්ධය දිනුවේ සරත් ෆොන්සේකා මහත්තයා නිසයි (දිල්)
දහම් Tuesday, 30 December 2014 09:27 AM
මහින්ද බලයට පත් වෙන්න ඉස්සර ඒ විදියට හැමෝම එක්ක එකතු වෙලා එහෙනම් යුද්දේ දිනන්න බැරි වුනේ ඇයි (දිල්)
ජනක Tuesday, 30 December 2014 09:36 AM
දැන් සමහරු කියන්නේ ඒක තනියම කලා වගේ තමයි. (නදී)
කුමාර් Tuesday, 30 December 2014 09:51 AM
රටේ නීතිය සාධාරණය රකින්න පොරොන්දුවෙන, රටේ ගොවිතැනට කර්මාන්තයට තැනක් දෙන මෛත්‍රී, රටට යහපතක් කරාවී. (ර)
සීමන් Tuesday, 30 December 2014 05:07 AM
ජනවාරි 9 වෙනි දින මෛතිපාල තුමා ජනාධිපති වෙනවා එය ස්ථිරයි. (ර)
ධනු Tuesday, 30 December 2014 05:40 AM
ජීවිත සිය දහස් ගණනක් පූජා කළ අභීත රණවිරුවන්ට පිං සිදු වන්නට... (ර)