‘2005 වසරේ මහින්ද රාජපක්ෂ මහතා බලයට පත්වන විට ඇමති මණ්ඩලයටත් පාර්ලිමේන්තුවටත් බලයක් තිබුණා. මහ ජනතාව ඔහු සමග කටයුතු කිරීම නිසා යුද ජයග‍්‍රණය ලබා ගැනීමට හැකි වුණා. එම ජයග‍්‍රහණය ලබාගැනීමට ජීවිත ලක්ෂයකට වඩා වන්දිගෙවන්නට සිදු වුණා. යුද ජයග‍්‍රණයේ ගෞරවය ඒ සදහා කැප වූ සැමට හිමිවිය යුතුය. එය තනි පුද්ගලයෙකුගේ ජයග‍්‍රහණයක් නොවිය යුතුයි. ‘ යැයි පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා අනුරාධපුරයේ දී කීවේය.
මේ වන විට රට තුළ නිදහස හා ප‍්‍රජාතන්ත‍්‍රවාදය අහිමි වෙලා. ලිංගික අපචාර, කාන්තා හිංසනය, ළමා අපචාර වැඩි වෙලා. එතනෝල්, කැසිනෝ, ගණිකා ව්‍යාපාර, රටේ මූලික ආදායම් මාර්ගයක් බවට පත් වලා. සංවර්ධනය ලෙස මහා මාර්ග ඉදි කර ඉන්වැඩි කොටසක් පවුලේ සුඛවිහරණය සදහා යොදා ගත්තා. ජනතාවගේ කුසගින්න ඔවුනට අමතක වුණා. ජනතාවට වැඩි බදුමුදල් පණවමින් කැසිනෝ ව්‍යාපාර සදහා බදුමුදල් අහෝසි කළා. වාරිමාර්ග හා කෘෂිකර්ම අමාත්‍යවරයා ලෙස මා කටයුතු කරන කාලයේදී ගොවි ජනතාවගේ යහපත සදහා යෝජනා ගණනාවක් ඉදිරිපත් කලත් ජනාධිපතිවරයා ඒ කිසිවක් ක‍්‍රියාත්මක කළේ නැහැ. ‘
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යුද්ධය දිනන්න අපිත් සහය වුණා (දිල්)
ඇයි චන්ද්‍රරිකා? අමතක උනාද.
යුද්ධය දිනුවේ සරත් ෆොන්සේකා මහත්තයා නිසයි (දිල්)
මහින්ද බලයට පත් වෙන්න ඉස්සර ඒ විදියට හැමෝම එක්ක එකතු වෙලා එහෙනම් යුද්දේ දිනන්න බැරි වුනේ ඇයි (දිල්)
දැන් සමහරු කියන්නේ ඒක තනියම කලා වගේ තමයි. (නදී)
රටේ නීතිය සාධාරණය රකින්න පොරොන්දුවෙන, රටේ ගොවිතැනට කර්මාන්තයට තැනක් දෙන මෛත්‍රී, රටට යහපතක් කරාවී. (ර)
ජනවාරි 9 වෙනි දින මෛතිපාල තුමා ජනාධිපති වෙනවා එය ස්ථිරයි. (ර)
ජීවිත සිය දහස් ගණනක් පූජා කළ අභීත රණවිරුවන්ට පිං සිදු වන්නට... (ර)