
(විමුක්ති එස් රුද්‍රිගු)
ඊශ්‍රායල යුද්ධය අවසන් වූ පසු ගාසා තීරය හමාස් සටන්කාමින්ගෙන් තොර කාලපයක් වනු ඇති බවත් ඊශ්‍රායල හමුදාව ගාසා තීරයේ ආරක්ෂාව පාලනය කරනු ඇති බවත් එරට අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු පසුගියදා පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේය.
තම රටේ දේශ සීමාවේ ආරක්ෂාව සඳහා ජාත්‍යන්තර හමුදාවක් මත යැපීමට සූදානමක් නොමැති බවද ඔහු එහිදී වැඩි දුරටත් අදහස් දක්වමින් පෙන්වා දුන්නේය.
ඊශ්‍රායලයට ගාසා තීරය පාලනය කිරීමට හෝ රැඳී සිටීමට කිසිඳු උවමනාවක් නොමැති වුවත් ගාසා තීරයේ ආරක්ෂාව ජාත්‍යන්තර හමුදාවකට බාර දීමට බලාපොරොත්තුවක් නොමැති බවත් කලාපයේ ක්‍රියාත්මක වන එකම හමුදාව ඊශ්‍රායල හමුදාව විය යුතු බවත් අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු පවසයි.
හමාස් සටන්කාමීන් ඔවුන්ගේ උතුරු ගාසාහි බලකොටුවෙන් අතුගා දැමීමට ඊශ්‍රායල හමුදා ඉතාමත් ආසන්න බවත් මේ වන විට උතුරු ගාසා තීරයෙහි පාලනය හමාස් සංවිධානයට අහිමි වී ඇති බවත් අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු ප්‍රකාශ කළේය.
යුද්ධයෙන් පසු ගාසා තීරය පාලනය සම්බන්ධයෙන් ඊශ්‍රායල අගමැතිගේ මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් මේ වනවිට ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන්ගේ පරිපාලනය ඊශ්‍රායල බලධාරීන්ගෙන් පැහැදිලිකිරීමක් ඉල්ලා ඇත.පසුගිය බදාදා එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ඇන්තනී බ්ලින්කන් ඊශ්‍රායලයට දැනුම් දී තිබුණේ හමාස් සංවිධානය සමඟ ආරම්භ කළ යුද්ධය අවසන් වූ පසු එම තීරය නැවත අත්පත් කර නොගන්නා ලෙසයි.
එසේම පලස්තීන පාලන අධිකාරියේ ජනාධිපති මහමුද් අබ්බාස් පසුගිය සිකුරාදා නැවත වරක් අවධාරණය කර සිටියේ ගාසා තීරයේ පාලනය බාර ගැනීමට සූදානම් බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කාළකණ්ණි අමන දොන් ජුවන් නමැති ඉල්ලංකා පිං ජනායි... මා වෙත පවරා දුන මැනවි...!
1400 යුදෙවු ජතිකයො මරා දානකන් ඔය හමුදා කොහෙද හිටියෙ?
පදිංදි වෙන්න දුන්නාට පොලිසියක්වත් දාගන්න දෙන්න නම් එපා. දුන්නත් ආයෙත් ටික දවසකින් පරණ සෙල්ලම පටන් ගන්නවා.