‘ඡන්දයක විශේෂත්වය තමයි අල්ලස, අයුතු බලපෑම සහ අයුතු සංග්‍රහ කියන එක නීති විරෝධි බව. එය ලෝකයේ පිළිගත් ධර්මතාවක්. මේ සියලු දේම සිදු වන හැටි අද රූපවාහිනියෙන් බලන්න පුළුවන්. හුඟක් සල්ලි තියෙන, කළු සල්ලිකාරයන්ට පාර්ලිමේන්තුව විවෘත වෙළා, වඩාත් හැඟිම්බර දේශපාලන උද්‍යෝගයක් තියෙන සාමාන්‍ය මිනිස්සුන්ට පාර්ලිමේන්තුවට එකතු වෙන්න තියෙන පුළුවන් කම නැති වෙළා.‘ යැයි ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී වික්ටර් අයිවන් මහතා කියයි.
රාවය පුවත්පතේ හිටපු කර්තෘ මෙන්ම එහි නිර්මාතෘ ද වන අයිවන් මහතා දේශපාලන විචාරකයෙකි.
‘නිදහසෙන් පස්සේ අපිට දකින්න ලැබෙන අලුත්ම ප්‍රවනතාව තමයි දූෂිත ආණ්ඩුක්‍රමය වෙනස් කර, මිනිස්සුගේ ගෞරවයට හා විශ්වාසය දිනා ගන්නා ක්‍රමයක් ගෙන ආ යුතු බව අද මහජනයා කතා කිරීම.‘
යුද්ධයෙන් පස්සේ ඇති වූ උද්වේගකර වටපිටාව ජනතාව අතර මෙන්ම පාර්ලිමේන්තුවේ ද පැවැති බවත්, ඒ වටපිටාවේ 18 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගත්තත් දැන් පාර්ලිමේන්තුවේ එවැනි තත්ත්වයක් නැති බවත් අයිවන් මහතා කියයි.
ලෝකයේ බොහෝ රටවල ජනපතිගේ ධුර කාලය උපරිම වසර දෙකකට සීමා කර ඇති බවත්, එසේ කර ඇත්තේ ඒකාධිපතිත්වයක් කරා යෑම වැළැක්වීමට බවත් කියන අයිවන් මහතා ලංකාවේ විධායක ජනපති ක්‍රමය නැති කළ යුතු බව ද පවසයි.
අයිවන් මහතා සමග කළ සමූඛ සාකච්ඡාව පහත වීඩියෝවෙන්...
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සමහරු හිතනවා කැරැල්ලක් හෝ යුද්ධයකට මුහුණ දෙන්න විධායක ක්‍රමය අවශ්‍යයි කියලා. එහෙනම් 71 බණ්ඩාරනායක මැතිනිය කැරැල්ල මැඩපවත්වලා, තරුණ තරුණියෝ පුනරුත්තාපනය කරලා අපරාධ කළ කට්ටියට දඩුවම් කළේ විධායක බලතල තිබිලද? (නි)
ලංකාවේ ලක්ෂ ගානක් මිනිස්සු තුන් වේල කන්නේ බොහොම අමාරුවෙන්. දැන් විධායක ක්‍රමය හරි නම් රට දියුණු වෙන්න කාලය හරි. මේවා පෙනුනත් සමහරු නොපෙනෙන ලෙස ඉන්නවා (නි)
කියලා විතරක් වැඩක් නැහැ. කරලම පෙන්වන්න (නි)
මිනීමරු ප්‍රභාකරන් ඉස්සර කොළඹ තිබෙන වටිනා කියන මර්මස්තාන වලට කළු කොටි එවල,හෝ ගුවනින් බෝම්බ හෙලලා විනාස කලා වගේ දැන් අපේ සිංහල කොටි කොළඹ තිබෙන වටිනා කියන මර්මස්තාන,රක්ෂිත වනාතර සියල්ලම මේ වෙනකොට ඈවරයි දෑවරයි කරලා ඉවරයි.තවත් විධායක ජනාධිපති ධුරය එදිරියට තිබුනොත් රටම විකුනම් කනවා කියල "ඉර හද" වගේ විස්වාසයි. (ස)
මුනිදාස, බටහිර අධිරාජ්‍යවාදීන්ට නතුවීම මට නම් සතුටක් (නි)
මට පෙනෙන හැටියට නම් විධායක ජනාධිපති ක්‍රමය හොඳයි 2-3% වගේ පිරිසකට. අපිට දරුවන් සමඟ ගඟට මුහුදට පැනලා දිවි නහගන්න තමයි දැන් සිද්ධවෙලා තියෙන්නේ. (නි)
බන්දුල පෙරේරා, මොළේ අමාරුවක් තියෙනවා නම් බලා ඉන්නේ නැතුව ළඟම ඉන්න මානසික වෙදෙක් ළඟට ගිහින් බෙහෙත් ටිකක් අරගන්න.සුවයක් නැහැ වගේ නම් "පිස්සන් කොටුවට" යන බස් එකක නැඟලා ගිහින් ටික කලක් විවේක අරගන්න. (නි)
මෙතුමාගේ අදහස 100% ක්ම ඇත්ත. (නි)
මුනිදාස, ඔබ අපිට අධිරාජ්‍යවාදය ගැන කියලා "පට්ට ගහන" අය නිතරම ලෙඩක් දුකක් හැදුනත් දුවන්නේ එහෙටම තමයි. (නි)
මුනිදාස. ඔබල අපිට අධිරාජ්‍යවාදය ගැන කියල "පට්ට ගහන" අය නිතරම ලෙඩක් දුකක් හැදුනත් දුවන්නේ එහෙටම තමයි. අපේ මුදල් වලින් එයාලගේ දරුවන් උගන්වන්න යවන්නෙත් එහෙටම තමයි. ඉතින් ලංකාවේ ඉන්න ඔහෙලා වගේ අය තරම් මෝඩයෝද නේද ? (ස)
මෙතුමාගේ අදහස 100% ක්ම ඇත්ත. (ස)
අපි පොඩි සන්දියේ මේ මහත්වරු ගැන අසා දැනගෙන තිබුන. මේ හැම කෙනෙක්ගෙම හිතේ ලොකු දුකක් කණගාටුවක් රට කෙරෙහි තිබෙනවා. අපේක්ෂා භංගත්වය රටේ සැම අස්සක් මුල්ලකම ආක්‍රමණය කරලා. අරාජිකයි. මෙම මහතාගේ අදහස් සාධාරණයි. ඒවගේම දැනුවත්. (ස)
ගහන්නකෝ ඉතින් පොතක් මේ විස්තර ඔක්කොම ඇතුළත් කරලා (නි)
බන්දුල පෙරේරා කියන කතාවේ බොහොමයක් අදහස් අදට ගැළපෙනවා. ඒත් මෙතැනදී වැදගත් වෙන්නේ මෙම තනතුර ලබන පුද්ගලයා ඊට සුදුස්සෙක්ද යන්නයි. ඒක නිසා අපේ රටට විධායක ජනාධිපති ක්‍රමය තියෙන්න ඕනෑ කියන මතයේ මම ඉන්නේ. (නි)
අපේ රටේ යුද්ධය අවසන් කිරීමට බොහෝ කාලයක් ගතවුණෙත් මේ විධායක ජනාධිපති ක්‍රමය නිසයි. ව්‍යවස්ථාදායකය සතුව විධායක බලයත් තියනවා නම් කිසිම බාහිර බලපෑමකින් තොරව නීතිය අනුව පමණක් ක්‍රියාකොට නීති විරෝධී කැරලිකරුවන්ට එරෙහිව එකහෙළාම සටන්කොට ජයගත හැකිව තිබුනා. අද විදේශ රටවලට අපේ රටට බාහිර බලපෑම් කිරීමට හැකියාව ලැබී තිබෙන්නේත් මේ විධායක ක්‍රමය නිස නේද? (නි)
අද අපේ රටට මානව හිමිකම් කවුන්සලය යුද අපරාධ චෝදනා එල්ල කරනවා. මේ බලපෑම් වලින් ගැළවීමට ඇති හොඳම විසඳුම විධායක ක්‍රමය අහෝසි කිරීම බව බොහෝ අයගේ මතයයි (නි)
තිස් වසරක බිහිසුණු කුරිරු යුද්ධය අවසන් කොට රට සංවර්ධනය කරන ජනාධිපතිතුමාට එරෙහිවිය යුතු නොවේ. (නි)
සෙනරත් ,බන්දුල පෙරේරාගේ අදහස් හරිම පුදුමයි. මිනිස්සු සාගතේ නහිනවා. මේ ගොල්ලෝ කියනවා දවසට රුපියල් 1500 ක අරක්කු බොනවලු. දවසට 1500 ක අරක්කු බොන්න මාසෙට 45000 ක් හම්බ කරන්න ඕනෑ. මෙතන කතා කරලා තියෙන්නේ රටේ සාමාන්‍ය බහුතර ජනතාව ගැන. (නි)
හොඳ සිංහල නමක් තිබෙන ටිකිරි බණ්ඩාරත් සුද්දාට ආවඩන හැටි. (නි)
බන්දුල පෙරේරා, ඔබේ හිතෙත් කුහකකම් ඊර්ෂ්‍යාකම් නැතුවද මේ අරයාට මෙයාට ඇඟිලි දික්කරන්නේ? මෙතන ඉන්න ලොකුම කුහකයා ඔබයි. ඔබ කැමති කෙනාට මිස බලය වෙන කෙනෙකුට සුදුසු නැහැ කියන මතයෙන් ඉඳගෙන ක්‍රෝධයෙන් පිපිරෙනවා. (නි)
ඔහු කියන දේ හරි නම් ඔහුගේ පරණ දේවල් වලින් කාටවත් වැඩක් නැහැනේ (නි)
කන්න නැතත් ආණ්ඩුවට කඩේ යන එක නවතින්නේ නැත. යන්නේ කොහෙද මල්ලේ පොල් වැනි අදහස් දරන ලාංකිකයන්ට දෙවි පිහිටයි (නදී)
අපිට විධායක ක්‍රමය නැති කිරීමත් වැදගත් . හැබැයි මේ සේරටම වඩා වැදගත් මිනිස්සුන්ට කන්ඩ යමක් හොයා ගන්න පුළුවන් ආර්ථිකයක් ගොඩනගන එක. අද බඩු මිල අහස උසට ඉගිලිලා. එක වේලක් කෑවොත් දෙවේලක් නොකා ඉන්න වෙලා තියනවා. ළමයට උදේට කිරිපිටි එක නැහැ. රට පුරා මන්දපෝෂණයෙන් පෙළෙනවා. නගරයේ ඉතා සුළු පිරිසක් ඇරෙන්නට බහුතරයක් අපාදුක් විදිනවා. (ස)
දම්මික, සිරිසේන මහතා 100% හරි. මේ විදේශ බලපෑම් වලින් මිදීමට විධායක ක්‍රමය අහෝසි කිරීම ගොඩක් වැදගත්. (නි)
බන්දුල මහත්තයෝ, අද තියන වංචනික, ප්‍රචණ්ඩ දේශපාලනය තුළ මිනිසුන් කැමති අයම පත්වෙන්නේ නැහැ. (නි)
සෑම තත්වයක්ම සෑම පුද්ගලයෙක්ම කාලයත් එක්ක වෙනස්වීම් වෙනවා.මෙතුමා ගැන බැලුවම වුණත් ඒ ටිකම තමා. (නි)
උතුරේ ඉදිරි පරම්පරා දෙකකට එල්.ටී.ටී අමතක වෙනකම් හමුදාව තියන්න ඕන කියන ආණ්ඩුව දකුණේ 30 වසරක යුද්ධය මතක් කර කර ඡන්දෙ ඉල්ලනවා. වාසු සහෝදරයා ඊළඟට ඡන්දෙ ඉල්ලන්න යන්නේ ජන වාර්ගික ඒකාබද්ධතාවය මුල් කරගෙනද එහෙම නැත්නම් ජන වෛයිරය මුල් කර ගෙනද? (නදී)
ජනතාවගේ දේශපාලන ගති ඉවත් කළ හැකිවෙතැයි සිතන්න බැහැ (නි)
විධායක තියා මොන ක්‍රමයක් හරි කමක් නැහැ මහජනතාවට වැඩදායක නම්. ගෙදර වියදම්, ණය, ජීවන බර මතක් වෙනකොට ඔලුව කැරකෙනවා. (නි)
ඉස්සර අපි තුන් වේල කාලා ඇදල දරුවන්ට උගන්වලා බොහොම සතුටින් හිටිය කාලයක් තිබුනා.යුද්ධය නිම කළ පසුව දවසින් දවස රට අගාධයට ගිහින් අද වෙනකොට වේලක් හැර වේලක් කන්නත් අසරණ මිනිසුන්ට මුදල් නැහැ. (නි)
මාධ්‍යවේදී වික්ටර් අයිවන් මහතාට අද නම් පොත් 100-1000 ක් ලියන්න කරුණු කාරණා තියෙනවා. (නි)
රටම දැනුවත් වෙන්න ඕනෑ කාලයක් මේක. (නි)
විදායක ක්‍රමය පමණක් නොව 18 වෙනි සංශෝදනයද අහෝසි කල යුතුයි. ලොව සියලු ප්‍රජාතන්ත්‍රවාදී රටවල්වල වාර දෙකක පාලන කාලයක් පමණක් එක් පුද්ගලයෙකුට ලබා දෙන්නේ එකාදිපතියෙකු බිහිවීමේ අවදානම නවත්වාගනු සදහායි. (නදී)
ජනාදිපතිතුමා පසුගිය මහින්ද චින්තනයේ පැහැදිලිව විදායක ජනාදිපති ක්‍රමය අහෝසි කිරීමේ වැදගත්ම පෙන්වා දී තිබෙනවා. එතුමා එන මැතිවරණයට පෙර එය අහෝසි කරාවී (නදී)
සුපුරුදු පරිදි බන්දුල පෙරේරා මහතා විධායකය කියන වචනය දැක්ක ගමන් කලබලවී සුපුරුදු කතාව පටන් අරගෙන තිබේ. ලෝක දේශපාලනය දෙස විමර්ශනශීලීව බැලුවොත් රටක අනන්‍යතාවය රැකගෙන ඉදිරියට යාමට විධායක ජනාධිපති ධුරයක් අනිවාර්ය නොවන බවද, ශක්තිමත් පාර්ලිමේන්තු ක්‍රමයක් ඇත්නම් ඔය ඕනෑම විදේශ බලවේගයකට,ඩයස්පොරාවකට මුහුණදීලා, නිවැරදි තීරණ අරගෙන ඉදිරියට යන්නට පුළුවන් බවද ඔප්පු වී ඇති බව පෙනේ. එතුමා කියන විධායකය අන්තවාදීන්ට අවශ්‍ය භාෂාවෙන් පිළිතුරු දෙන අයුරු සිවුරු දාගත් ආගමික අන්තවාදීන්ට දක්වන නිහඬ වත අනුව අපට සිතාගත හැක. (නදී)
යසස්, විදායක ක්‍රමය අහෝසි කර පමණින් විශාල ලෙස ජීවන වියදම පහත වැටීමක් අපේක්ෂා කල නොහැක. මෙහි පල ප්‍රයෝජන ලැබීමට කිසියම් කාලයක් ගතවේවි. (නදී)
බන්දුල පෙරේරා කොච්චර කයිවාරු ගැහුවත් සියලු උගතුන්, රටේ පොදු ජනතාව අද මෙම විදායක ක්‍රමය අහෝසිකළ යුතුය යන පොදු මතයේ ඉන්නවා. විදායක ක්‍රමයේ බරපතල කම තියෙන්නේ මෙය දරන පුද්ගලයා එකාදිපතියෙකු ලෙස ක්‍රියා කළහොත් ඊට ඇති පිළියම් අවම වීමයි. (නදී)
88/89 කාලේ කොල්ලොන්ට ගල් කටස් දීලා ඇඳිරි නීති දැම්මේ ජනාදිපති බලතල තිබිල නෙවිනේ නැද්ද සහෝ (නදී)
අපේ රට මෙම විදායක ක්‍රමය හදුන්වා දීමට පෙර සිංප්පුරුවටත් වඩා ඉදිරියෙන් තිබුණා. රට පස්සට යාමට හේතු උනේ මෙලෙස බලය කේන්ද් රගත වීම නිසා ජාතික අවශ්‍යතාවයන්ට වඩා බල අරගලයක පාලකයන් නියැලීමයි. රටේ යුද්ධය නිර්මාණය වීමටත් අනියම් අයුරින් මෙම විදායක ක්‍රමය හේතු උනා. (නදී)
රටේ නීතියට හා මහජනතාවට වගකියන ක්‍රමයක් දැන්වත් ඇතිකල යුතුමයි. (ස)
මෙතන සමහරුන්ට විධායකය සදාකාලිකව තියාගන්න ඕනෑ වෙලා තියෙනවා. ඒත් බුදුදහමට අනුව කිසිදෙයක් සදාකාලික නැහැ (නි)
බන්දුල මහත්තයෝ ඔබ ඔය කියන බොකු වල පිරිලා තියෙන දඩ මස් විධායකය තුලත් හොදටම තියෙන බව ඔප්පු වුන එක අවස්ථාවක් ලෙස පසුගිය අවුරුදු කිහිපය තුල මාධ්‍ය මර්ධනය ගැන ලංකාව තියපු ලෝක වාර්තාව සඳහන් කරන්න පුළුවන් (නදී)
දැන් පිටරටින් එන සල්ලි මදි ඇති එකයි කිඹුල් කඳුළු හෙලන්නේ. (අ)
අපි මැරිලා ඉපදුනේ නෑ මහත්තයෝ (අ)
විධායක බලතල වුණත් පාවිච්චි කරන්න ඕනෑ ක්‍රමයක් තියෙනවා. (නි)
රටේ මන්ද පෝෂණය හොඳට පෙනුන මට ලඟදි දඹුල්ලේ තිබ්බ ක්‍රිකට් මැච් එක බලන්න ගිහින් , මිනිස්සුන්ට සල්ලි නෑ කිව්වට එදා වෙලා කන්න නෑ කිව්වට ..... එදා පොලිසියට දුන්නු ටෝක් දැක්කනම්....ලොල් (අ)
මම නැවතත් කියන්නේ විධායක ජනපති ක්‍රමය හොඳ බවයි. 1950 ගණන් වල ඉඳලම හැමදාම කියන්නේ කන්න නැහැ කියල .අද දවසකට රුපියල් 1500 හම්බකරන මිනිහ වැඩිය වියදම් කරන්නේ අරක්කු බොන්න .සිගරට් බොන්න ළමුන්ගේ අතිරේක ඉගෙනීමට බොරුවට වියදම් කරනවා එදා චාම් ජීවිතය අද නැති වෙලා තරඟය තමා තියෙන්නේ . මහින්ද මහතා වැනි අයෙක් විධායක වුණාට කමක් නැහැ .නමුත් වෙන කෙනෙක් ඇවිත් කොහොම කරාවිද කියල නම් දන්නේ නැහැ (අ)
මේ රටේ අද තියෙන ප්‍රශ්නය මේ විධායක ජනාධිපති ක්‍රම නෙමෙයි..ඒ විධායක බලතල හරියට ක්‍රියාත්මක කරන්නේ නැති කම..අද ගොඩක් කට්ටිය අපිට ධර්ම දේශනා කරනවා..නමුත් ඒ හකු වලින් බුදු රැස් විහිදුනාට බොකු වල පිරිලා තියෙන්නේ දඩ මස් ..නිකන් ඒවා නෙමෙයි ගද ගහන කුණු වෙච්ච දඩ මස්..මේ ඉන්නෙත් එහෙම කෙනෙක් තමයි..මේක පුදුම රටක්.මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ පුදුම වචනයක් ..කෙනෙකුගේ ප්‍රජාතාන්ත්‍රවාදී අයිතිය රකින්න තව දහස් ගානකගේ එම අයිතිය බිල්ලට දෙන්න ඕන..මේ රටේ ක්‍රියාත්මක වන රාජ්‍ය අංශයේ වෘත්තිය සමිති ව්‍යාපාරය ඒ සදහා හොද නිදසුනක්..රටක් නගා සිටුවන්න පාලකය ශක්තිමත් වෙන්න ඕන..කාටවත් බයේ තීරණ නොගන්නෙක් වෙන්න ඕන..බලපෑම් වලට තර්ජන වලට යටත් නොවන්නෙක් වෙන්න ඕන..එක එකාට අල්ලේ නටවන්න බැරි පෞර්ශයක් ඇත්තෙක් වෙන්න ඕන..නැත්නම් රටක් අවුල් ජාලයක් වෙනවා.එහෙම යුග අපි දැකල තියෙනවා..එහෙම වුනු රටවල් අපි දැකල තියෙනවා..විධායක ජනාධිපති ධුරය මේ රටට අවශ්‍යයි..නිවැරදි පුද්ගලයෙකු අතට මිසක් වැරදි පුද්ගලයෙකු අතට එ්ක දෙන්න මිනිස්සු සුදානම් නැති බව අපි දැක්ක. පහු ගිය ජනාධිපතිවරනේදී.. මේක එපා කියන්නේ ඒ පදවියට ඉරිසියා කරන අය මිසක් මිදී තිත්තයි කියන නරි මිසක් සාමාන්‍ය ජනතාව නෙමෙයි..තියෙන බලතල ක්‍රියාත්මක කරන්න පුළුවන් අන්ත වාදීන්ට කඩාකප්පල් කාරින්ට ත්‍රස්ත වාදීන්ට අවශ්‍ය භාෂාවෙන් පිළිතුරු දෙන්න පුළුවන් ශක්තිමත් විධායකයක් අපේ රටට අද වෙනදාටත් වඩා දැඩිව අවශ්‍ය වෙලා තියෙනව.. (අ)
වර්තමානයේ මෙතුමා මතුකරන අදහස් ඉතාමත් වැදගත්. නමුත් අතීතයේදී ද්වේශ සහගතව මෙතුමාගේ මාධ්‍ය භාවිතාව තුලින් විනාශ කල සංසන්දනාත්මකව ගත්තහම අදටත් වටිනාකමක් ඇති දේශපාලන නායකයෝ තව කාලයක් මේ රට පාලනය කලානම් මීට වඩා තත්වය යහපත් වෙන්න තිබුණා (නදී)
සේනාරත්න මහත්තයෝ, යුද්ධය තිබුණු කාලෙටත් වැඩිය මිනිසුන්ට ජීවත්වෙන්න අමාරුයි. (නි)
ජනාධිපති ක්‍රමය ඉවත් කළහොත් ශ්‍රි ලංකාව බටහිර අධිරාජ්‍ය වාදීන්ගේ බැලයන් අතට පත්වනවා සිකුරුයි. (ස)
විධායක ජනාධිපති ක්‍රමය අපේ රටේ තිබුණු බරපතලම ප්‍රශ්නය විසඳුවා. ඒ නිසා එය තව දුරටත් අපේ රටට අවශ්‍යයි. ඔය සමහරු ගේන්න හදන විධායක අගමැති ක්‍රමයත් මේකත් දෙකම එකයි. බලතලත් එකයි. (නදී)
දැන් සමහරු තුන්වේල කන්න නෑ කියකිය කෑගැහුවට බලන්න එපැයි අරක්කු, සිගරට් බොන්න වියදම් කරන තරම. (නදී)
ඉතින් අජිත් මහත්තයෝ, මෙම ක්‍රමයේ තියෙන බලතල වලින් පෟද්ගලික ලාබ ප්‍රයෝජන ගන්නේ නැති අති විශාල මිනිස්සු පමණක් මෙම තනතුරට නාමයෝජනා දිය යුතුයි කියලා ලියවිලා නැති නිසා (අනික එහෙම හොයන්නත් බේරී නිසා) නරකද රාජ්‍ය නායකයා නීතියට ගරු කරන රට වැසියාට වග කියන හැටියට හදා ගත්තොත්. (නදී)
බන්දුල පෙරේරා මම හිතන්නේ ඒ ජ නි ස ප්‍රබල පොරක් (නදී)
විදායක ක්‍රමය අහෝසි කරන්න ඉදිරිපත් වෙන අයෙකුට වර්තමාන රජයේත් සහයෝගය හිමිවිය යුතුයි (නදී)
විධායක ක්‍රමය අහෝසි කිරීම ප්‍රශ්නයට එකම පිළිතුර නොවේ (අ)
මිනිස්සු කැමති නම් එක පාරක් දෙපාරක් නෙමෙයි දහපාරක් ජනාධිපති වුණත් මොකද? ඒක තමයි ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ.ඒ කියන්නේ බහුතර කැමැත්ත. විධායකයේ බලය තිබුනත් ව්‍යස්ථාදායකයේ බලය තිබුනත් මිනිසුන්ට ඒකෙන් ඇති වැඩක් නැහැ.ටිකිරි බණ්ඩාර ඔලුවෙන් හිටගෙන පෙරුම් පිරුවත් ටිකිරි බණ්ඩාරට තව සෑහෙන කාලයක් විඳවන්න වෙනවා, ඔය කුහකකම්, ඊර්ෂ්‍යා, ගුණමකුකම් වගේ නුහුගුණ හිතේ පුරවාගෙන. (නි)
විධායක ජනාධිපති ක්‍රමයේ ඇති, මෙම ක්‍රමයට පක්ෂ උදවිය පවා පිළිගන්න දුර්වලකමක් තමයි, මෙම ක්‍රමය ක්‍රියාත්මක වෙන විදිහ. එය ක්‍රියාත්මක කරන කෙනා මත බලපවත්වනවා. එහිදී පුද්ගලික කැමැත්ත අකමැත්තට මුල්තැන ලැබෙනවා. මේ ක්‍රමයෙන් ගැළවෙන්න තිබෙන එකම මඟ කුමක් හෝ නමකින් රටේ නීතියට ගරුකරන පාලකයන් බිහිවන පාලන ක්‍රමයක් ඇතිකිරීමයි (නි)
මෙතුමා කොහොමද එහෙම කියන්නේ? මනුස්සකම තියෙන කිසි කෙනෙකුට යුද්ධය අවසන් වූ බව අමතක වෙන්නේ නැහැ. (නදී)
ඔය කවුරුත් සද්ද කරන්නේ යුද්ධය අවසන් කරලා රට සමාදානයෙන් සංවර්ධනය කරන කාලයකනේ! (නි)