IMG-LOGO

2025 සැප්තැම්බර් මස 10 වන බදාදා


යුද හමුදාව විහාර මහාදේවි මෙහෙයුමේ අවසන් අදියරේ

(ඩයනා උදයංගනී සහ ළහිරු හර්ෂණ)

කොවිඩ් මර්දන ඇස්ට්‍රාසෙනිකා එන්නතේ පළමු මාත්‍රාව ලබාගෙන දෙවන මාත්‍රාව ලබාගැනීමට නොහැකිව සිටි පිරිස් වෙත දෙවන මාත්‍රාව ලබාදීම සඳහා ශ්‍රී ලංකා යුද හමුදාව විසින් කොළඹ විහාර මහා දේවී උද්‍යානයේ ආරම්භ කර තිබූ එන්නත්කරණ මධ්‍යස්ථානය දින දෙකකට පසු අද (3) දිනයේ පාලුවට ගොස් තිබිණි.

අඛණ්ඩව දෙදිනක් පුරා විශාල සංඛ්‍යාවකට එන්නත් ලබාදුන් යුද හමුදා වෛද්‍ය බලකායේ නිලධාරීන් ඇතුළු එහි යොදවා සිටි පිරිස් අද දිනයේදී යම් විවේකයක් ගත්තේ තමන්ට පැවරී තිබූ කාර්යය සාර්ථකව අවසානය කරා ගමන් කරද්දීය.

මෙම මධ්‍යස්ථානය ඉකුත් 1 වැනිදා උදෑසන 8.30 සිට දිනයේ පැය 24 පුරාම ක්‍රියාත්මක කෙරුණු අතර ඉන් එන්නත් ලබාගැනීම සඳහා සහස් සංඛ්‍යාත පිරිසක් පැමිණීමෙන් විහාර මහාදේවී උද්‍යානය දින දෙකක් පුරා අතුරු සිදුරු නොමැතිව පිරී ගොස් තිබිණි.

මෙම එන්නත්කරණ මධ්‍යස්ථානයෙන් අද දහවල් වන විට 35,000කට අධික පිරිසක් එන්නතේ දෙවන මාත්‍රාව ලබාගෙන ඇතැයි ශ්‍රී ලංකා යුද හමුදාව පවසයි.

ඇස්ට්‍රාසෙනිකා එන්නතේ දෙවැනි මාත්‍රාව ලබාදීම 1 වැනිදා බස්නාහිර පළාතේ ස්ථාන රැසකදී සිදුවූ අතර එම මාත්‍රාව ලබාගැනීමට නියමිතව සිටි පිරිස 4,90,000ක් පමණ වේ.

යුද හමුදාව ක්‍රියාත්මක කළ එන්නත්කරණ මධ්‍යස්ථානවලට ඉහළ ජනතා ප්‍රසාදයක් හිමිවූයේ ඒවායේ තිබූ පිළිවෙල හා ජනතා පීඩා අවම කරවන ආකාරයේ සැලසුම් නිසාවෙනි.


 

 



අදහස් (11)

යුද හමුදාව විහාර මහාදේවි මෙහෙයුමේ අවසන් අදියරේ

ලලිත් එම් Tuesday, 03 August 2021 09:40 PM

ක්‍රියාත්මක වූ ආකාරය හොඳයි නෙමේ ඉහළයි.. ඒත් සමහර වෙලාවට හිතවතුන්ට සලකන්න ගිහිල්ලා තත්වය බාල වුණු අවස්ථා තිබුණා. හොඳම දේ එහෙම අයට වෙනම තැනක් හෝ නිලධාරී පෝලිමක් තිබුණා නම්. මානුෂීය මෙහෙයුමක්...

:       2       2

Rohana Tuesday, 03 August 2021 10:24 PM

මෙවැනි ආපදාකාරි අවස්ථාවක අතිමහත් කැපවීමකින් හමුදා නිලදරුවන් විසින් ජනතාවට ඉටුකරන ලද උතුම් සේවාවට අපගේ හදපිරි ස්තුතිය පුදකර සිටිමු.

:       0       178

chathura Wednesday, 04 August 2021 06:55 AM

සිංගප්පුරුව, දකුණු කොරියාව, ඊශ්‍රයල ආදී දියුණු රටවල් පිරිමි හැමෝටම අවරුදු 2ක් පමණ හමුදා පුහුණුව අනිවාර්ය කරලා තියෙන්නේ... පේනවා නේද ප්‍රතිපල....ලංකාව වගේ දුප්පත් රටවල් වල දියව් දියව් පක්ෂ දේශපාලනය කරන්ඩ බැරි නිසා මේවා කරන්ඩ ඉඩ දෙන්නේ නැහැ

:       64       67

MangalaWednesday, 04 August 2021 01:29 PM

පින්ලන්තයත් අවු.18න් හමුදා පුහුණුව අනිවාර්යයි. දැනට ගැහැණු ළමයින්ටත් කැමති නම් හමුදා පුහුණුව දෙනවා. මේ වගේ තීරණයක් ලංකාවේ ගත්තා නම් කොච්චර හොඳද? ප්‍රයෝජනවත්ද?

:       5       63

gunarathna Wednesday, 04 August 2021 07:08 AM

අපගේ උත්තමාචාරය රණවිරුවනි .සමහරුන්ට ඇලජික් වී සිටින ඔබ හැමෝටම තෙරුවන් සරණයි

:       0       138

jayath Wednesday, 04 August 2021 10:06 AM

මේ අයාලේ යන ආණ්ඩුව කරන විකාර වැඩ , බූත වැඩ , සහ මනස්ගාත නාඩගම් වල හැටියට මේක අගය කලයුතු දෙයක්. ඒක කුහක නොවී කියන්න ඕන .නමුත් ඉතින් ඉස්තාලේ වහන්නේ අශ්වයා ගියාට පස්සේ !

:       308       5

කිරි පුතා Wednesday, 04 August 2021 10:37 AM

අති විශිෂ්ඨයි . ජාතියේම ප්‍රණාමය !

:       7       213

hasi Wednesday, 04 August 2021 10:55 AM

කොරෝනා වෛරසයේ ඩෙල්ටා ප්‍රභේදය වැඩි වශයෙන් ව්‍යාප්ත වීමත් සමගම අප රටෙහි රෝගීන් වැඩි වශයෙන් හමුවීම දක්නට ලැබෙන අතර මෙහිදී විශේෂයෙන් අන්තරාදායක වන්නේ ඔක්සිජන් අවශ්‍ය රෝගීන් ප්‍රමාණය ඉතා දැඩි ලෙස ඉහළ ගොස් තිබීමයි. මෙම තත්ත්වය හමුවේ එවැනි රෝගීන්ට ප්‍රතිකාර කිරීමේ උපරිම ධාරිතාවයට දැනටමත් අප ලඟාවී ඇති හෙයින් මෙය තවදුරටත් වර්ධනය වීම ඉතා දැඩි අනතුරුදායක තත්ත්වයකි.

:       10       39

fairoos Wednesday, 04 August 2021 12:52 PM

අනේ සර් බොහොම ස්තුතියි .නන්දසේන එක්ක එකතු වෙලා මෙතුමාත් ඇනගන්න එක තමයි හොඳ නැත්තේ

:       211       8

BamunuarachchiWednesday, 04 August 2021 11:53 PM

මෙගොල්ලොත් වැඩිකල් යන්න ඉස්සෙල්ලා ඇනගන්නවා. ඇනගන්නේ පරාල ඇන. කෑගහපු මිනිස්සු දැන් ඇන ගනන් කරනවා.

:       0       0

Layan Sathsara Wednesday, 04 August 2021 03:43 PM

යුධ හමුදාවට හද පිරි සුභ පැතුම්

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 668 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17762 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 745 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site