මේජර් ජනරාල්වරු 15 දෙනෙක් හා බ්‍රිගේඩියර්වරු තිදෙනෙක් වහාම මාරු කරනු ලැබ සිටිති.
මේජර් ජනරාල් මහේෂ් සේනානායක නව හමුදා ලේකම්වරයායි.
යාපනය, නැගෙනහිර, වන්නි හා මධ්‍යම ආඥාපතිවරු ද මාරුවීම් ලබා ඇත්තාහ.
මාරුවීම් ලද මේජර් ජනරාල්වරු : ශ්‍රී ලංකා යුද හමුදා ස්වේච්ඡා බළකායේ එස් ඩබ්ලිව් ලලිත් දවුලගල යුද හමුදා මූලස්ථානයේ නව ව්‍යාපෘති අධ්‍යක්ෂ ජනරාල්, නැගෙනහිර ආඥාපති එස් ඒ එල් ලාල් පෙරේරා යුද හමුදා මූලස්ථානයට, ඒ කේ සුමේධ පෙරේරා මධ්‍යම පළාතට, ප්‍රධාන මාණ්ඩලික ශාඛාවේ අධ්‍යක්ෂ ජනරාල් චන්න පී ගුණතිලක ශ්‍රී ලංකා ස්වේච්ඡා බළකා සේනා අණ දෙන නිලධාරී, මධ්‍යම පළාත් ආඥාපති මනෝ පෙරේරා යුද හමුදා මූලස්ථාන ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්, වන්නි ආරක්ෂක මූලස්ථාන ආඥාපති බොනිෆස්ට් පෙරේරා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී කාර්යාලයයේ අධ්‍යක්ෂ ජනරාල් ප්‍රධාන මාණ්ඩලික, යුද උපකරණ මාණ්ඩලික අධ්‍යක්ෂ ජනරාල් එම් උඩවත්ත යාපන ආරක්ෂක සේනා ආඥාපති, කමල් ගුණරත්න යුද උපකරණ මාණ්ඩලික අධ්‍යක්ෂ ජනරාල්, මහේෂ් සේනානායක යුද හමුදා ලේකම්, සපුගස්කන්ද අණ හා මාණ්ඩලික විද්‍යාලයයේ අණදෙන නිලධාරී ජේ වල්ගම නැගෙනහිර ආරක්ෂක සේනා ආඥාපති, යූ ඒ පෙරේරා සපුගස්කන්ද අණ හා මාණ්ඩලික විද්‍යාලයයේ අණ දෙන නිලධාරී, යාපනය ආරක්ෂක ආඥාපති ඒ අල්විස් යුද හමුදා මූලස්ථානයට, යුද හමුදා ලේකම් ඒ කරුණාසේකර වන්නි ආරක්ෂක සේනා ආඥාපති, මෙහෙයුම් අධ්‍යක්ෂ ජනරාල් ඒ පෙරේරා ආරක්ෂක මණ්ඩලික ප්‍රධානී කාර්යාලයයේ අධ්‍යක්ෂ ජනරාල් ලෙස.
මාරුවීම් ලද බ්‍රිගේඩියර්වරු - යුද හමුදා මූලස්ථානයේ ව්‍යාපෘති අධ්‍යක්ෂ ජනරාල් ඩී එස් වීරසේකර යුද හමුදා මූලස්ථානයට, ජී සී කැප්පිටිවලාන යූද හමුදා මූලස්ථානයේ මෙහෙයුම් අධ්‍යක්ෂ, වත්මන් මෙහෙයුම් අධ්‍යක්ෂ හමුදා මූලස්ථානයට.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොනවද මේ කරන දේවල් (දිල්)
අප බලපොරොත්තු වූ යහ පාලනය මෙය නොවේ.එක එක්කනාගෙ මන දොළ පුරවන්න කාලේ නාස්ති කරලා මේ කරන්නෙ මොකද්ද ?(දිල්)
මෙන්න මේක නම් යහපාලනය තමයි. මේ අයත් විශ්‍රාම අරන්ද ? (නදී)