IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


යුද හමුදා මහ පුටු මාරු වේ

මේජර් ජනරාල්වරු 15 දෙනෙක් හා බ්‍රිගේඩියර්වරු තිදෙනෙක් වහාම මාරු කරනු ලැබ සිටිති.

මේජර් ජනරාල් මහේෂ් සේනානායක නව හමුදා ලේකම්වරයායි.

යාපනය, නැගෙනහිර, වන්නි හා මධ්‍යම ආඥාපතිවරු ද මාරුවීම් ලබා ඇත්තාහ.

මාරුවීම් ලද මේජර් ජනරාල්වරු : ශ්‍රී ලංකා යුද හමුදා ස්වේච්ඡා බළකායේ එස් ඩබ්ලිව් ලලිත් දවුලගල යුද හමුදා මූලස්ථානයේ නව ව්‍යාපෘති අධ්‍යක්ෂ ජනරාල්, නැගෙනහිර ආඥාපති එස් ඒ එල් ලාල් පෙරේරා යුද හමුදා මූලස්ථානයට, ඒ කේ සුමේධ පෙරේරා මධ්‍යම පළාතට,  ප්‍රධාන මාණ්ඩලික ශාඛාවේ අධ්‍යක්ෂ ජනරාල් චන්න පී ගුණතිලක ශ්‍රී ලංකා ස්වේච්ඡා බළකා සේනා අණ දෙන නිලධාරී, මධ්‍යම පළාත් ආඥාපති මනෝ පෙරේරා යුද හමුදා මූලස්ථාන  ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්, වන්නි ආරක්ෂක මූලස්ථාන ආඥාපති බොනිෆස්ට් පෙරේරා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී කාර්යාලයයේ අධ්‍යක්ෂ ජනරාල් ප්‍රධාන මාණ්ඩලික, යුද උපකරණ මාණ්ඩලික අධ්‍යක්ෂ ජනරාල් එම් උඩවත්ත යාපන ආරක්ෂක සේනා ආඥාපති, කමල් ගුණරත්න යුද උපකරණ මාණ්ඩලික අධ්‍යක්ෂ ජනරාල්, මහේෂ් සේනානායක යුද හමුදා ලේකම්,  සපුගස්කන්ද අණ හා මාණ්ඩලික විද්‍යාලයයේ අණදෙන නිලධාරී  ජේ වල්ගම නැගෙනහිර ආරක්ෂක සේනා ආඥාපති, යූ ඒ පෙරේරා සපුගස්කන්ද අණ හා මාණ්ඩලික විද්‍යාලයයේ අණ දෙන නිලධාරී, යාපනය ආරක්ෂක ආඥාපති ඒ අල්විස් යුද හමුදා මූලස්ථානයට, යුද හමුදා ලේකම් ඒ කරුණාසේකර වන්නි ආරක්ෂක සේනා ආඥාපති, මෙහෙයුම් අධ්‍යක්ෂ ජනරාල් ඒ පෙරේරා ආරක්ෂක මණ්ඩලික  ප්‍රධානී කාර්යාලයයේ අධ්‍යක්ෂ ජනරාල් ලෙස.

මාරුවීම් ලද බ්‍රිගේඩියර්වරු - යුද හමුදා මූලස්ථානයේ ව්‍යාපෘති අධ්‍යක්ෂ ජනරාල් ඩී එස් වීරසේකර යුද හමුදා මූලස්ථානයට, ජී සී කැප්පිටිවලාන යූද හමුදා මූලස්ථානයේ මෙහෙයුම් අධ්‍යක්ෂ, වත්මන් මෙහෙයුම් අධ්‍යක්ෂ හමුදා මූලස්ථානයට.

 



අදහස් (0)

යුද හමුදා මහ පුටු මාරු වේ

ලසන්ත Tuesday, 17 February 2015 08:13 AM

මොනවද මේ කරන දේවල් (දිල්)

:       0       0

නදී Tuesday, 17 February 2015 08:15 AM

අප බලපොරොත්තු වූ යහ පාලනය මෙය නොවේ.එක එක්කනාගෙ මන දොළ පුරවන්න කාලේ නාස්ති කරලා මේ කරන්නෙ මොකද්ද ?(දිල්) 

:       0       0

විජයබාහු Tuesday, 17 February 2015 09:20 AM

මෙන්න මේක නම් යහපාලනය තමයි. මේ අයත් විශ්‍රාම අරන්ද ? (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 158 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 956 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site