වසර 23 කට පමණ පෙර උතුරු සටන් බිමේදී දිවි පිදූ අසහාය සෙබළ ලුතිනන් ජනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව ගුණානුස්මරණය ලබන අගෝස්තු 8 වැනි දින අනුරාධපුර රෝහල් වටරවුමේදී පැවැත්වීමට නියමිතය.
යුද්ධයටද නිවැරදි නායකත්වය දෙමින් උතුරු වැසියන්ගේ සිත්ද දිනා ගනිමින් ජනප්‍රිය පුද්ගලයකුවූ කොබ්බෑකඩුව මහතා යාපන අරාලි තුඩුවේදී 1992 අගෝස්තු 8 වැනිදා පෙරවරු 10.08 ට පමණ දැයෙන් සමුගත්තේ තවත් රණවිරුවන් කිහිප දෙනකුද සමගය.
අනුරාධපුර ලංකාරාමයේදී සාංඝික දානයක්ද තන්තිරිමලේ අඩු ආදායම් පවුල් සඳහා ආහාර ද්‍රව්‍යයද බෙදා දෙන මේ පිංකම ලලී කොබ්බෑකඩුව මහත්මියගේ මෙහෙයවීමෙන් සිදු කෙරේ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එ්කෙනුත් දේශපාලන වාසි ගන්න මාන බලන අය ඉන්නවා. ඒ කුනුගොඩට ඒ වීරයා දාන්න නම් එපා. (නදී)
කොහේ පටන් ගත්තත් මැක්කාගෙන් කෙලවර වෙන අය මේකෙනුත් දේශපාලන වාසි ගන්න තමයි බලන්නේ. විජය විමලරත්න, ජානක පෙරේරා යන අයගේ සේවයත් අගය කල යුතුයි. (නදී)
මම කොබ්බෑකඩුව විරුවා ගැන ලියූ දේ මේ ගොල්ල පල කරන්නේ නෑ.(නදී)
එතුමාට ලැබිය යුතු දේශපාලන නායකත්වය හරියට ලැබුණා නම් මේ රට නිදහස් වෙන්නේ ගොඩක් කලින්.(ම)
යකඩින්-රුධිරයෙන් රැකගත් මව්බිම ප්‍රත්පත්ති ප්‍රකාශනවලින් පාවා නොදී රැකගත යුතුය (ම)
ජෙනරාල් විජේ විමලරත්න ඇතුළු අනිත් අය සිහි කරන්නේ නැද්ද ? (ම)
දේශපාලන නායකත්වයේ දුර්වලතාවය නිසා මියගිය විරුවාණනි, ඔබට නිවන් සුව. (ම)
අභීත සෙන්පතිට නිවන්සුව පතමි! (ම)
වීර සෙන්පතියානෙනි ඔබට නිවන්සුව පතමි .(නදී)