තිස් වසරක යුද්ධය අවසන් කර කොටි සංවිධානය පරාජය කිරීමේ විජයග්‍රහණ සමරු පෙරහුරුවක් ගාලු මුවදොර පැවැත්වෙන නිසා අඟහරුවාදා (29) උදේ 9.30 සිට 11.30 වන තෙක් ගාලුමුවදොර, ගාලු මුවදොර වටරවුමේ සිට පරණ පාර්ලිමේන්තුව දක්වා පාර වසා දමන බව රථවාහන පොලීසිය කියයි.
තිස් වසරක යුද්ධය අවසන් කර කොටි සංවිධානය පරාජය කිරීමේ විජයග්‍රහණ සමරු පෙරහුරුවක් ගාලු මුවදොර පැවැත්වෙන නිසා අඟහරුවාදා (29) උදේ 9.30 සිට 11.30 වන තෙක් ගාලුමුවදොර, ගාලු මුවදොර වටරවුමේ සිට පරණ පාර්ලිමේන්තුව දක්වා පාර වසා දමන බව රථවාහන පොලීසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඈ වරුණ, යුද්ධය දිනපු එකද පරිප්පුව? (නි)
යුද්දේ නෙමෙයිනෙ ප්‍රශ්නේ, දැන් යන්නේ සුද්දෙනේ (නි)
නෑ නෑ ශාලිත්, යුද්දෙන් දිනපු එක නෙමෙයි පරිප්පුව. පරිප්පුව තමා මේවා මේ සංදර්ශන වලට යන වියදමත් අපේ කරේ එල්ලීම සහ මේවායෙන් තවත් කට්ටියක් ගසාකෑම. නැතුව යුද්දේ දිනීම නෙමෙයි. (නි)
දැන් ඉතින් ජාතිමාමකත්වයෙන්, දේශප්‍රේමෙන් අයිසින් දාපු කතා තියෙයි හෝ ගාලා. මේ හැම එකකම ඉලක්කය තමා රටේ වල් වැදුණු නිතිය කෙරේ නැගෙන අප්‍රසාදේ යටපත් කිරීම සහ ජිවන වියදම අමතක කිරීම. මට නම් හිතෙන්නේ එහෙමයි (නි)
යුද්ධ කිරීම ඉවර වෙලා දැන් ගොඩක් කල්. නමුත් සුද්ධ කිරීම ඉවර වෙන්නේ කවදාද? මොකෝ මේ සුද්ධ කරන කෙරිල්ලේ හැටියට ඉතුරු වෙන්නේ අපේ ඇටෙයි හමයි විතරයි. (නි)
කරුණාකරලා මිනිසුන්ගේ බඩගින්න නිවන්නත් මොනවාහරි කරන්න (නි)
එහෙනම් අපි ඇයි 89 ජ.වී.පෙ. පරාජය කරපු එක සමරන්නේ නැත්තේ? දැන් බහුතර මිනිස්සුන්ට බොන්න වෙලා තියෙන්නේ "ජය පැන්" නෙමෙයි වහ, මොකද ජිවන බර උහුලගන්න බැරුව. (නි)
සරත් කියලා තියෙන්නේ මසුරන් කතාවක්. හරියට හරි. හැබැයි ඉතින් ඒකෙන් වෙන්නේ මැරි මැරි ජිවත් වෙන්න වෙන එක. මට හිතෙනවා ඒක මැරෙනවට වඩා අන්තයි කියලා. (නි)
කරපු හොදකට, හොදයි කියන්න දිව නැමෙන්නේ නැති වරුනලා වගේ තවත් මිනිස්සු අපි අතරම ඉන්නවා. මේකට කියන්නේ කුහකකම කියලා. (නි)
චින්තකලා වගේ දේශප්‍රේමීන් ඉන්නකන් රටකට හරියාවිද? (නි)
30වසරක යුද්ධය නිමවීමට සියලු ලක්වැසියන්ගේ අතිමහත් ප්‍රශංශාව හිමිවන අතර දැන් අපට අවශ්‍ය එක්තරා පුද්ගලයෙක් පැවසු පරිදි සියලු ලෝක ප්‍රජාවට දැකගතහැකි යුද කෞතුකාගාරයක්. මෙම වසරක් පාසා වියදම් කරන්නා වූ මුදල් යොදවා හැකි ඉක්මනින් එවැනි දෙයක් නිමකලොත් එය මීටත් එහාගිය ජාතික සේවාවක් වේවි. (නි)
චින්කත, කෙලෙහි ගුණ පෙන්නන එකෙත් සීමාවක් තියෙනවා. හැමදේටම සීමාවක් තියෙනවා කියලා ඔහේ දන්නේ නැද්ද? ඕනෑවට වඩා වතුර බොන එක වුණත් ඇඟට හොඳ නැහැ කියලා ඔහේ දන්නවද? (නි)
වරුණගේ පෙළපත් නාමයට "දොන් ජුවන්" කෑල්ලකුත් තියනවාද? (අ)
නිරන්, චුල, පිනට කන්න දෙනකම් බල ඉන්නේ නැතුව රස්සාවක් කරන්න. එතකොට බඩගින්න නිවෙයි. කිසිම රටක රජයක් පිනට කන්න දෙන්නේ නැහැ.(නදී)
චින්තකට පේනවද අනෙක් අයගෙත් අදහස් ?නිකන් බොරුවට පිම්බුවට වැඩක් නැහැ යථාර්තය තේරුම් ගන්න බැරිනම්.දැන්වත් චින්තකගේ පාට කන්නාඩි ගැලෙවුවොතින් හොදයි (නි)
චින්තක ඔය රුපවාහිනියෙ එක නාලිකාවද බලන්නේ?එහෙනම් ඔයාගේ අදහස හරි (නි)
චින්තක ඔයාගේ විතරක් නෙමෙයි ලංකාවේ මෝඩයන්ගේ මොළ හෝදලයි තියෙන්නේ. සත්‍ය දකින්න පුරුදු වෙන්න.(නදී)
යුද්ධය දිනා දුන්නු රණවිරුවන් විතරක් නෙමෙයි රණවිරු බුද්දි අංශයේ අයත් අද වෙනකොට දීසපාලකයන්ගේ පුත්තුන්ගෙන් ඔලු පැලෙන්න ගුටි කනවා. ඒ විතරක් නෙමෙයි රට දිනපු රණවිරුවන් ට තමන්ටම ගහ ගත්තා කියල කියන්න සිද්ද වෙනවා. මොන තරම් ලජ්ජාවක්ද.(නදී)
යුද්ධය තිබුණු කාලෙදිත් අපි තුන් වේල හොදට කාලා සතුටින් හිටියා. ඒකට දැන්. බඩ ගින්නේ අපේ දරුවන් සමගම ගගට මුහුදට පැනල ජීවිතය විනාස කර ගන්නයි සිද්ද වෙලා තියෙන්නේ.(නදී)
ඉස්සර අපි අපේ දරුවන් පාසල ඇරිලා ගෙදර එනකම් ගේට්ටුව මුර කරන්න ගියේ මිනීමරු ප්‍රබාකරන්ට බයේ. දැන් ගේට්ටුව මුර කරන්න වෙලා තියෙන්නේ රට කන දීසපාලුවන්ට බයේ.(නදී)
මෙන්න තවත් ගසාකෑම් වලට තුඩු දෙන වියාපෘතියක්. පොහොසතුන් බිහිකරන ලොතරැයියක්. නැතිවිගණ යන යුද ජයග්‍රහණයේ විජයග්‍රාහී හැගීම්වලට හුලන් ගැසීමක්. අයිසින් දැමීමක්. ජිවන බර තවත් වැඩි කිරීමේ සුදු අලියෙක්.(නදී)
කාගෙද මේ අමන යෝජනා? දැන් ජය පැන් බොනවට වඩා කලයුතු කොච්චර දේවල් තියනවද?(නදී)
29 සදුදා --- 30 අගහරුවදා.(නදී)
කොච්චර කල් මේ යුද සින්දුව ගයන්නද ලෑස්ති.(නදී)
මගේ අදහසනම් මේ වගේ උත්සව තියෙන එක හොදයි. කාටත් තමන්ගේ රටේ තිබුන විනාසයක් නැතිකරලා නිදහස් රටක් ලබාගත්ත හැටි මතකයට නංවන්න පුළුවන්. හැබැයි වංචාව, දුෂණය, ජීවන වියදම අඩුකිරීම වගේ මිනිසුන්ට දැනෙන ප්‍රශ්න වලට මීට වඩා අවදානයක් යෙදිය යුතුයි.(නදී)
අලුතෙන් පත් වෙච්ච තෙල් ඇමති පිළිගන්ට ලක්ෂ 100 ගිහින්. ඇමති මාරු උන නිසා යාපනේ විදුලි බලාගාරේ විවුර්ත කරන වෙලාවේ නාම පුවරුවේ ඇමතිගේ නම අලුතෙන් කොටන්න ලක්ෂ 10 ගිහින්. එහෙම රටක් මේක. හැබැයි කෝකටත් යුද සින්දුව.(නදී)
ජනතාව ගොනාට අන්දවන එක දැන්වත් නවත්වන්න. බොරු විගඩම් හා අනවශ්‍ය වියදම් නොකර ජනතාවගේ ප්‍රශ්න යට ගහන්නේ නැතුව ,තියෙන ප්‍රශ්න වලට විසදුම් ලබා දෙන්න.(නදී)
ජනාදිපති තුමනි, මේ පිස්සු වැඩ නවත්තන්න. මේ යුද්දෙන් කවුරුවත් දිනක්නේ නැහැනේ. සමරන සමරන මොහතකම වෛරය ඇවිස්සෙනේවා.(නදී)
මොනවා කලත් ලංකාව බිංදුවට වැටෙන්නෙත් නැහැ. කවදාවත් ගොඩ යන්නෙත් නැහැ.(නදී)
මහත්මා ගාන්ධි තුමා වරක් කියල තියෙනවා දේශපාලනය ගැන. ඔබ යමක් ගැන තීරණයක් ගන්න විටදී ඔබට සිතාගන්න පුළුවන්. ඔබ දන්නා දුප්පත්ම මිනිහා ගැන සිතන්න. ඔබගේ තීරණය එම මිනිසාගේ ජිවන තත්වය සුළු වශයෙන්හෝ නගා සිටුවිය හැකිද කියා දෙවරක් හිතලා සීමිත සම්පත් පාවිච්චි කරන්න.(නදී)
අද පත්තරේක තියනවා රජයේ ඇමතිලගේ විදුලි බිල ගෙවන්නේ අපිලු. දෙයියනේ අපි දන්නෙත් නැහැ. එක ඇමති කෙනෙක් ගේ බිල 61000 යි. අපි ඉතින් යුද ගී ගය ගයා සතුටින් මේවා ගෙවා ගෙවා නට්ටන් වෙමු.(නදී)
සිංහලයා කියන්නේ කිසිම කෙලෙහි ගුනයක් නැති ජාතියක්, මේකේ තියන ප්‍රතිචාර දැක්කහම ඒක ඔප්පුවෙනවා. ඉතින් රටකට හරියයිද? (නදී)
යුද්දේ ඉවරකරලා වසර 4ක් සමරන්නෛ හදන්නේ. ඒත් තාමත් යුද්දේම එල්ලිලා ඉන්නේ. බලන්න ඇමරිකාවේ ඡන්දෙදි ඔබාමා නිකමටවත් බින් ලාඩන්ව මරපු එක ගැන කතා කළාද? බුෂ් ට බැරි වුන දේ ඔහු කළා. එහෙත් අපි තාමත් 2009 වසරේ එක තැන පල් වෙන මිනිස්සු කොටසක් වෙලා (නි)
දැන් නම් රට යන විදිහට ඔය යුද්දය පරාජය වෙලා ප්‍රභාකරන් ජීවතුන් අතර හිටියනම් හොදයි කියලා හිතෙනවා.(නදී)
රුසියාව දිනවපු ලෙනින්ගේ අන්තිම ඉස්මාරකයත් බිමට පත බාල දැම්ම වගේ අපේ යුද්ධය a දිනපු හමුදා නායකයාගේ අන්තිම සමරු තිලිනයත් පත බාලම විනාස කරලා දැම්මා . දැන් මොකද මේ හදිසියේ යුද්දය ගැන මතක් කරන්න හිතුනේ.(නදී)
දැන් අපිට ජය පාන නෙමෙයි වහ කන්නයි හිතෙන්නේ. රටට වෙලා තියෙන විනාසය දැක්කම. රටේ නීතියේ ආදිපත්‍ය විනාස කරලා රට විනාසම කරලා දැම්මා.(නදී)
ලංකාවේ හැම දෙයක්ම කරන්නේ මුදල් නාස්ති කිරීමට සහ එමගින් යමක් හරි හම්බකර ගැනීමේ අරමුණින්. ඊශ්‍රායලයේ වාර්ෂිකව යුධ සමරු, ලෝක යුද්ධයේදී මියගින් අය සැමරීම ආදී සැමරුම් බොහෝය. ඔවුන් කරනුයේ විනාඩියක් මුළු රටේම සයිරන් නලාව හඩවා සියලු මිනිසුන් හට තම අතීතය මතක්කර දීමය. එය ලාබය. එමෙන්ම කාලීනය. (නි)
ඉන්ද්‍රජිත්, බැරිද මටත් ඩොලර් වලින් පඩිගන්න රස්සාවක් හොයාදෙන්න. (නි)
අමල් හරි. උත්සව සදහා වියදම් කරන මුදල් බඩු මිල,විදුලි බිල,බස් ගාස්තූ ,ගෑස්,ජල බිල අඩු කරන්න යොදා ගන්න. මේ මොන බිලක් හරි අඩු කෙරුවොත් රටේ මහජනතාව ජය පැන් බොයි හැමදාම (නි)
මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. මේ තටමන්නේ තිරිහන් කරපු නීතියේ විලිබිය, ජාතිමාමකත්වය නමැති අමුඩෙන් වසා දැමීමටද? (නි)
චුලා, ඩොලර් වලින් පඩි ගන්න උගත්කමක් තියෙන්න ඕනෑ. (නි)
මේ යන ක්‍රමයෙන් අපිට ඉතිරි වෙන්නේ මන්දපෝෂණයෙන් අන්තෙටම ගිය ඉතියෝපියාවක්,සොමාලියාවක්,බංගලිදේශයක් තමයි. හරිම දුකයි රටට වුණ විනාශය ගැන (නි)
මගේ භාර්යාවත් උදෙන්ම ගිහින් මෙයාලට කතරේ ගහලා දැන් පලු යන්න බනිනවා. මේ වගේ උදෙන්ම ගිහින් කතරේ ගහපු කී ලක්ෂයක් අද දුක් වෙනවා ඇත්ද. (නි)
සුධීර, අසරණ ජනතාවගේ ඇස් වහලයි තියෙන්නේ (නි)
වරුණ, අපිත් යුද්ධය දිනවන්න හුරේ දාපු කට්ටිය තමයි. ඒත් දැන්නම් ඉතිහාසගත සුද්දයක්නේ යන්නේ. මෙහෙම ගසාකෑමක් නම් මම මගේ අම්මා මුත්තා කාලෙදිවත් දැකලා නැහැ. (නි)
තිරාන් මහත්මයා, ඔයාගේ අදහස වැරදියි. බඩට කාලම හරි යන්නේ නැහැ. රණවිරුවෝ හින්දා නේද ඔයත් කාලා බීලා නිදහසේ පාරේ බැහැලා යන්නේ? (නි)
මම ශ්‍රී ලංකා යුධ හමුදාවේ විරුවෙක්. නමුත් අපිට හරි වේදනාවක් දැනෙනවා.දැන් සටන ඉවරයි. දැන් කරන්න ඕනෑ රටේ ආර්ථිකය දියුණු කරන එක.දුටුගැමුණු රජතුමා කෙරුවේ සටන දිනුව ගමන් රට සංවර්දනය කළ එක. (නි)
යුද්දේ තිබුනානම් මීට වැඩිය හොදයි කියලා දැනෙනවා මේවා දැක්කහම ලැජ්ජාව අපිටයි.(නදී)
උපුල්.. කාගේද ඉතින් අමල් වගේ අයගේ තමයි මේ යෝජනා(ස)
ඔන්න මිනිස්සුන්ට තව පරිප්පුවක් (ස)
ඕවා නෙමෙයි, ලයිට් බිල කෝ? (නි)