
(විමුක්ති එස් රුද්‍රිගු)
සාමාජිකයන් සය දෙනකුගෙන් යුත් ඊශ්‍රායල යුද කැබිනෙට්ටුව විසුරුවා හරින බව අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු ප්‍රකාශ කර ඇතැයි අද (17) එරට මාධ්‍ය වාර්තා කළේය.
ඊශ්‍රායල යුද කැබිනට්ටුව ඊයේ (16) රැස්වූ අවස්ථාවේදී අග්‍රාමාත්‍යවරයා මෙම දැනුම්දීම සිදුකර ඇතැයි ඔහු පැවැසුවේය.
යුද කැබිනට්ටුවේ සාමාජිකයකු වූ බෙනී ගාන්ට්ස් ඉන් ඉවත්වීමෙන් පසුව අන්ත දක්ෂිනාංශික සන්ධාන හවුල්කරුවන් නව යුද කැබිනට්ටුවක් පිහිටුවන ලෙස අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහුට බල කරමින් සිටින අවස්ථාවක ඔහු මෙම තීරණය ගෙන තිබේ.
සන්ධාන ගිවිසුමකට අනුව බෙනී ගාන්ට්ස්ගේ ඉල්ලීම මත යුද කැබිනට්ටුව පිහිටවූ බවත් ඔහු ඉවත් වීමෙන් පසුව යුද කැබිනට්ටුව පවත්වාගෙන යාමේ අවශ්‍යතාවයක් නොමැති බවත් අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු පවසා ඇත.
යුද කැබිනට්ටුව විසිරුවා හැරීමෙන් පසුව ගාසා තීරය පිළිබඳ තීරණ කුඩා අමාත්‍ය මණ්ඩලයක් විසින් ගනු ලබනු ඇති බවත් එම අමාත්‍ය මණ්ඩලයට යුද කැබිනට්ටුවේ සිටි ආරක්ෂක අමාත්‍ය යොඇව් ගාලන්ට් සහ උපායමාර්ගික කටයුතු අමාත්‍ය රොන් ඩර්මර්ද ඇතුළත් වනු ඇති බවත් ඊශ්‍රායල මාධ්‍ය වාර්තා කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd