යුද වැදි පූර්ණ ආබාධිත තත්ත්වයට පත් ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසියේ රණවිරුවන් 28 දෙනකුට පහසු ගෙවීමේ ක්‍රමය මත ත්‍රීරෝද රථ ලබා දීමේ වැඩසටහනක් රණවිරු සේවා අධිකාරිය අද (20) කොළඹ මහවැලි කේන්ද්‍රයේදි පැවැත්වණි.
අධිකාරියේ සභාපතිනි පද්මා වෑත්තෑව මහත්මිය ත්‍රීරෝද බෙදා දුන්නාය. අධිකාරිය ත්‍රීරෝද රථ දහසකට ආසන්න සංඛ්‍යාවක් ලබා දුන් බවත් ඉදිරියේදි ආබාධිත රණවිරුවන්ට තවත් සහන සැලසීමට කටයුතු කරන බවත් සභාපතිනිය කීවාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බොහෝම පින් ඇති උතුම් ක්‍රියාවක් .(නදී)
ජාතියේ මුර දේවතාවුන් බඳු වූ මේ වීරෝධාර පුතුන් ආබාධිත තත්වයට පත්වුණේ සමස්ත ශ්‍රී ලාංකිකයන්ටම බියෙන් සැකෙන් තොරව ජීවත්වීමේ නිදහස වෙනුවෙන්.ජීවිතය කැපකලේ අපේ රට වෙනුවෙන්. සමස්ත ශ්‍රී ලාංකිකයන්ම මේ විරුවන්ට ණය ගැතියි.එම නිසා ගෙවීමේ ක්‍රමයට ත්‍රීරෝද රථ ලබාදී ඒ විරුවන්ට අමතර බරක් පැටවීම නුසුදුසුයි. මේ විරුවන්ට තීරුබදු රහිත වාහනයක් නොමිලේ ලබාදීම යුතුකමක් සේම වගකීමක්.මෙය ක්‍රමවත්ව ප්‍රසිද්ධියට පත්කලොත් කළගුණ දන්නා අපේ රටේත් විදෙස්ගත ශ්‍රී ලාංකික කාරුණික පින්වතුනුත් ආධාර උපකාර කරනවා නොඅනුමානයි.මේ කාර්‍ය සද්භාවයෙන් ආරම්භ කරමු.අපට ජීවිතය දෙන්නට ජීවිතය කැපකළ මේ විරුවන්ව අපි ජීවත්කරවමු.සැමට ශ්‍රී දළදා සමිදුන්ගේ පිහිටයි! (නි)
මේ අපි කාගෙත් සහෝදරයෝ. මේ සත්ක්‍රියාවෙන් ඔවුන්ට ලොකු මානසික සැනසීමක් ලැබෙනවා (නි)
ඉතා හොද වැඩක්. නමුත් ත්‍රී විල් අනතුරුදායක වාහනයක්. බැරිද කාර් (බැටරි කාර්) වගේ එකක් දෙන්න. ආරක්ෂාව, වගේම තෙල් වියදමක් නැහැනේ. (නි)
බොහොම හොද වැඩක්......! (නි)
උතුම් සංකල්පයක්! (නි)