ශ්‍රී ලංකාවේ 26 වසරක සිවිල් යුද්ධයේදී දස දහස් ගණන් මිනිසුන් අතුරුදන්වූ බව එක්සත් ජාතීන්ගේ වාර්තාව කියයි.
බලයෙන්, බලහාත්කාර අතුරුදන් කිරීම ක්‍රමානුකූල ප්‍රතිපත්තියක් ලෙස ශ්‍රී ලංකාවේ පැවැති බවද එම වාර්තාව කියයි. 2009 දී අවසන්වූ යුද්ධයේ හැම අවස්ථාවකදීම ශ්‍රී ලාංකිකයන් දස දහස් ගණනින් බලහත්කාර අතුරුදන් කිරීමට ලක්වූ බව එම වාර්තාව සඳහන් කරයි.
ශ්‍රී ලංකාවේ සිදුවූ බියකරු ලෙස සිදුවූ අයුතු ප්‍රයෝජන ගැනීම් පරීක්ෂා කිරීමට ශ්‍රී ලංකාවට ජාත්‍යන්තරව සහාය අවශ්‍ය බවද එසේ කළ යුත්තේ එම අපරාධ විනිශ්චය කිරීමෙන් පසුව සංහිඳියාව ඇති කිරීම සඳහා බවද එම වාර්තාව කියයි.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් ප්‍රධානී සෙයිද් රාඩ් අල් හුසේන් ජිනීවා නුවර මානව හිමිකම් සමුළුවට අද ඉදිරිපත් කළ වාර්තාවෙන් පවසනුයේ කඩවුණු පොරොන්දු අවකල් ක්‍රියා වසර ගණනක් තිස්සේ සිදුවූ කඩකිරීම් වලින් ශක්තිමත්ව පැතිරී ගිය සාධාරණ සැකය දේශීය අධිකරණ ක්‍රියාවලියකින් හුදෙක්ම මැඩපැවැත්වීමට නොහැකි බව අල් හුසේන් තම වාර්තාවේ සඳහන් කර ඇත.
ඔහු කියා සිටියේ දේශීය හා අන්තර්ජාතික විනිශ්චයකරුවන් චෝදනා ගොනු කරන්නන්, පරීක්ෂකයන් ගෙන් සමන්විත විශේෂ අධිකරණයක් මගින් පරීක්ෂණයක් සිදුකළ යුතු බවට සෙයිද් අල් හුසේන් යෝජනා කරයි.
(පරිවර්තන සහාය - හර්ෂණ තුෂාර සිල්වා)
සම්පූර්ණ වාර්තාව






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එල්ටීටීය වගේම රජයේ හමුදාවල සිටි සුලු පිරිසකුත් මේ අතුරුදහන් කිරීම් කලා.. එල්ටීටී නායකයන් මැරුනාට හමුදාවේ සිටින අපරාධකරුවන් සුලු පිරිස තවමත් යහතින් ඉන්නවා... ඔවුන්ට දඩුවම් කල යුතුයි.(අ)
වරදක් කර ඇත්නම් කවදා හෝ දඬුවම් ලැබිය යුතුයි (නි)
අනේ මන්දා! මේ දේවල් ගැන මට නම් කිසිම අදහසක් දමන්න හිතෙන්නේ නැහැ. මොනවා වෙන්න යනවද කියලා හිතාගන්න බැහැ (නි)
කෝ දැන් අර අපිට දොස්කියලා අදහස් දාපු 'පොරවල්'? දැන් දාන්නකෝ බලන්න මේකට අදහස් (නි)
සමීරගේ අදහසට මමත් එකඟයි (නි)
රට කුමක් වුවත්, පුද්ගලයා කවුරුන් වුවත් අපිට වැදගත් නැහැ. අපක්ෂපාතී පරීක්ෂණයක් කර වරදක් කර ඇත්නම් දඬුවම් ලබාදෙන්න (නි)