(ආරියරත්න රණබාහු)
යුද අපරාධ සිදු වූ බව පිළිගන්නා විදේශ ඇමැතිවරයෙක් ලොවෙහි සිටී නම් ඒ ශ්‍රී ලංකාවේ විදේශ ඇමැතිවරයා පමණක් යැයි ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ කැඳවුම්කරු හිටපු රියර් අද්මිරාල් හිටපු නියෝජ්‍ය ඇමැති සරත් වීරසේකර මහතා පැවසීය.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සමුළුවට ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් වී ඇති යෝජනාව නිවැරදි ලෙස අධ්‍යයනය කර ඊට පිළිතුරු දීමට දින 10ක කාලයක් ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍යාංශයට තිබූ බව පැවසූ වීරසේකර මහතා එයින් ඵල ලබාගැනීමට ඔවුන් අපොහොසත් වූ බව ද පැවසීය.
ඒ හේතුවෙන් එම යෝජනාව මහ සමුළුවට ඉදිරිපත් වූ අවස්ථාවේදී එය පදනම් කරගෙන ඇමරිකාව ශ්‍රී ලංකාවට එරෙහිව යෝජනාවක් ඉදිරිපත් කර ඇති බව ද කීය.
ශ්‍රී ලංකාවට එරෙහිව යෝජනාව ඉදිරිපත් කළ ඇමෙරිකාව පවා අද එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩලයට දෝෂාරෝපණය කරමින් මේ වනවිට ඉන් ඉවත් වී ඇති බව සඳහන් කළ හිටපු නියෝජ්‍ය ඇමතිවරයා එය අවස්ථාවක් කරගනිමින් කටයුතු කිරීමට ලක් රජය සූදානම් විය යුතු බව ද කීය.
එල්.ටී.ටී.ඊ. සන්විධානයට එරෙහිව පසුගිය කාලයේ රට අභ්‍යන්තරයේ පැවති යුද්ධය මානුෂීය සන්නද්ධ අරගලයක් මිස මානව හිමිකම් කඩකිරීමක් නොවිය යුතු යැයිද හෙතෙම පැවසීය.
එම නිසා මානව හිමිකම් කඩකිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලාංකික රණවිරුවන්ට යුද අපරාධ චෝදනා එල්ල කළ නොහැකි බව ද අවධාරණය කළේය.
එහෙත් වත්මන් රජයේ පාලකයන් පන්සල් සහ වෙනත් විවිධ ස්ථානවලට ගොස් යුද අපරාධ නොකළ බවට කෑ ගසන නමුත් එය කිවයුතු ජිනීවා සමුළුවට ගොස් නොපවසන බව ද කීය.
ශ්‍රි ලංකාව යුද අපරාධ කළ බවට පිළිගැනීම හේතුවෙන් මේජර් ජෙනරාල් චාගී ගාල්ලගේ වැනි රණවිරුවන්ට ඕස්ට්‍රේලියාවට යෑමට වීසා නොලැබෙන බව ද වීරසේකර මහතා පැවසීය.
රාජගිරිය නාවල පාරේ පිහිටි ජාතික සංවිධාන සම්මේලන මූලස්ථානයේ අද දහවල් පැවති මාධ්‍ය හමුවේදී ඒ මහතා මෙම අදහස් පළ කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මානව හිමිකම් කඩකිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලාංකික රණවිරුවන්ට යුද අපරාධ චෝදනා එල්ල කළ නොහැකි බව ඇත්ත වුණත් යුද අපරාධ කලේ නැහැ කියලා කියා ගන්නේ අපිම නිසා තමයි ප්රශ්නය.
ඔබ ඇත්තටම දේශහිතෛශි පුද්ගලයෙක් නම් කළ යුත්තේ රට විනාශ කළ හොර රැල අල්ලන්න සටන් කිරීමයි. හොරුන් සහ මිනී මරුවන්ට කඩේ නොයා.
මේ තව පිස්සෙක් සියළු සුළු ජාතිකයන් සහ රාජපක්ෂලාට විරුද්ධ සිංහල අය දේශද්‍රෝහීන් යයි කියා ප්‍රසිද්ධියේ මරා දැමිය යුතු බව නිතර කියන.. මේ වගේ අයට විරුද්ධව ජ්යතන්තරය දැනුවත් කරන එක හොඳයිනෙ..බැරි වෙලාවත් මේ අය වන්දිභට්ටකම් කරන රාජපක්ෂ නැවත ආවොත් සමුල ඝාතනය කරයිනේ..
මේ මහත්තයාගේ වැඩේ ලෝකේ වටේ ඇවිද ඇවිද රණවිරු ලේබලය විකුණාගෙන එහෙ ඉන්න ලාංකික අයට දිරච්ච ලනු දෙන එකයි. මේවගේ අයට හුරේදාන සුළු පිරිසක් පිට රටවලත් ඉන්නවා. ගණන් බලල බැලුවහම කරපු දේකුත් නැහැ. කාටවත් සිද්ධ වෙච්ච සෙතකුත් නැහැ. සමහරවිට 5 වෙනිදා රැස්වීමටත් ගිහිල්ල ඔය ඕපාදූපයම කියවයි ඔන්න. මේ ගොල්ලන්ට එච්චරයි කරන්න පුළුවන්. එදාට නොවරදවාම එන්න කියල ඔය ආරාධනා කරල තියෙන්නේ මේවගේ "බුද්ධිමතුන්ට" තමයි. කෙලින්ම ජනාධිපති වෙන්න බැරිනම් අගමැතිවෙලා ජනාධිපති හදිසියේ අභාවප්‍රාප්ත වනවිට ජනාධිපති වෙන්න සැලසුම් කරගෙන යන බවනේ... අර "උසාවි වොයිස් කට්" වල කිව්වේ. විජේතුංග මහත්තයා කළා වගේ. මේකයි ඔය සේරම උප්පරවැට්ටිවල අවසාන අරමුණ.
පිටිගල මිලානෝ ලංකාවේ ඉදගෙනම වැල්බයිලා ගහන්නෙ තාම බත්කන්න පටන්ගත්තේ නැති නිසාද....?
පිටිගල මිලානෝගේ අදහස අගය කරන අතර මෙතුමා නාවික හමුදාවේ සිටිය කාලයේදී නම් කාටවත් කඩේ ගියේ නැහැ. මම මෙතුමාව ලුතිනන් කාලයේ ඉඳලාම දන්නවා. නමුත් දැන් මෙතුමා සහෝදරවරුන්ට කඩේයන කෙනෙක් වෙලා මට ඒ ගැන නම් දුකයි.
මේ මහත්තයාගේ වැඩේ රට රට වල ඇවිද ඇවිද එක එක කතා කියකියා එහෙ ඉන්න කොහොමත් එයා කියන කතා වලට හුරේදාන ශ්‍රී ලාංකිකයින් තව තවත් කුලප්පු කරන එක විතරයි. කරපු වැඩකුත් පෙනෙන්න නැහැ. වෙච්ච සෙතකුත් පෙනෙන්න නැහැ. ආණ්ඩුව පෙරලගන්න එකනේ පරමාර්ථය. ඒකයි අවුල...