IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


යුද අපරාධ වාර්තාව පමා කළ හේතුව කියයි

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ජිනීවාහි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ ජාත්‍යන්තර විමර්ශන වාර්තාව කල් දැමීම සාධාරණ තාර්කික කරුණු මත පදනම්ව සිදුකළ බව මානව හිමිකම් කවුන්සිලයේ සභාපති ජෝකිම් රකර් කියයි.

ලංකාවට එරෙහි යුද අපරාධ චෝදනා වාර්තාව 28 වැනි සැසිවාරයට ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙන් නැගෙන විරෝධයන්ට ප්‍රතිචාර දක්වමින් ඔහු එසේ කියා ඇත.

ශ්‍රී ලංකාව සම්බන්ධ වාර්තාව ලබන මාර්තු 25 වැනිදා මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ නමුත් ශ්‍රී ලංකාවේ රජය කළ ඉල්ලීමකට අනුව චෝදනා සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සාධාරණ පරීක්ෂණයක් පවත්වන බවට ශ්‍රී ලංකා රජය දුන් පොරොන්දුව අනුව වාර්තාව මාස 6කට කල් දැමූ බවද ඔහු කියයි.



අදහස් (0)

යුද අපරාධ වාර්තාව පමා කළ හේතුව කියයි

රෙජි-සිඩ්නි Friday, 27 February 2015 01:34 AM

රූකඩය නටවනවා වාගේ දැන් ඉතින් ඒ අයට ඕන විදිහට අපේ අයව නටවාවී. (නදී)

:       0       0

ජොහාන් Friday, 27 February 2015 03:13 AM

යුද අපරාද චෝදනා පමාකළ පමණින් ලංකාවට ඇති අවදානම තව වැඩිවෙනවා මිසක් අඩුවෙන්නේ නැහැ නේද? මෙමඟින් ඔවුන් බලාපොරොත්තුවෙන ඉලක්කයට අප විසින්ම තල්ලු කිරීමට හදනවා වගෙයි මට පෙනෙන්නේ. (නි)

:       0       0

නිපුන් Thursday, 26 February 2015 12:37 PM

ලංකාවේ යුධ අපරාධ වෙලා නෑයි කියන්න බෑ... පැහැදිලි ශාක්ෂි හමුවෙලා තියෙනවා... මේ අපරාධ ගැන දේශීය පරීක්ෂනයක් සිදුවියයුතුයි... වගකිවයුතු හමුදා නිලධාරීන් නීතිය හමුවට ගෙන ආ යුතුයි.. කොටිත් අපරාධ කලා යන්න අපේ වැරදි වහගන්න උත්තරයක් නෙමේ... (නදී)

:       0       0

චමිලා Friday, 27 February 2015 05:59 PM

සුමුදු හරි (දිල්)

:       0       0

සමන් Friday, 27 February 2015 04:19 AM

ලංකාව පාවලා දෙන්ඩ වගේ යන්නේ (නදී)

:       0       0

ඉසුරන්දි Thursday, 26 February 2015 01:32 PM

පසුගිය ආණ්ඩුව කාලේ යු එන් එකට විරුද්දව නොමරාන්තික උපවාස කල උදවිය දැනුම්වත් දොඩවන්නේ මේවා අධිරාජ්‍ය වාදී කුමන්ත්‍රණ කියන්නේ. (අ)

:       0       0

සොපී Friday, 27 February 2015 05:36 AM

අපිට මේ තරම් ආදරේ මොකද දන්නේ නැහැ ? (නදී)

:       0       0

ශිරන්ති Friday, 27 February 2015 06:21 AM

මාස 6 දුන්නේ අපිට විරුද්දව තව තවත් සවිස්තරාත්මකව චෝදනා පෙළ ගස්වන්න මිසක් සහනයක් දෙන්න නෙමෙයි (බ)

:       0       0

සුමුදු හේවා Thursday, 26 February 2015 05:22 PM

මහා ඡන්දයට පෙර වර්තාව එලි නොදැක්වීම පවතින ආණ්ඩුවට මහා ඡන්දයේදී උදව්වකි. යුද අපරාද චෝදනා සම්බන්ධයෙන් රජයේ ගමන් මග පිළිබඳව ඡන්දදායකයා අඳුරේ තබා ඔහුගේ ඡන්දය කොල්ල කෑමට ඔවුන්ට අවස්ථාව සැලසෙන බැවිනි. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 176 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 155 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 960 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site