ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ජිනීවාහි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ ජාත්‍යන්තර විමර්ශන වාර්තාව කල් දැමීම සාධාරණ තාර්කික කරුණු මත පදනම්ව සිදුකළ බව මානව හිමිකම් කවුන්සිලයේ සභාපති ජෝකිම් රකර් කියයි.
ලංකාවට එරෙහි යුද අපරාධ චෝදනා වාර්තාව 28 වැනි සැසිවාරයට ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙන් නැගෙන විරෝධයන්ට ප්‍රතිචාර දක්වමින් ඔහු එසේ කියා ඇත.
ශ්‍රී ලංකාව සම්බන්ධ වාර්තාව ලබන මාර්තු 25 වැනිදා මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ නමුත් ශ්‍රී ලංකාවේ රජය කළ ඉල්ලීමකට අනුව චෝදනා සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සාධාරණ පරීක්ෂණයක් පවත්වන බවට ශ්‍රී ලංකා රජය දුන් පොරොන්දුව අනුව වාර්තාව මාස 6කට කල් දැමූ බවද ඔහු කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රූකඩය නටවනවා වාගේ දැන් ඉතින් ඒ අයට ඕන විදිහට අපේ අයව නටවාවී. (නදී)
යුද අපරාද චෝදනා පමාකළ පමණින් ලංකාවට ඇති අවදානම තව වැඩිවෙනවා මිසක් අඩුවෙන්නේ නැහැ නේද? මෙමඟින් ඔවුන් බලාපොරොත්තුවෙන ඉලක්කයට අප විසින්ම තල්ලු කිරීමට හදනවා වගෙයි මට පෙනෙන්නේ. (නි)
ලංකාවේ යුධ අපරාධ වෙලා නෑයි කියන්න බෑ... පැහැදිලි ශාක්ෂි හමුවෙලා තියෙනවා... මේ අපරාධ ගැන දේශීය පරීක්ෂනයක් සිදුවියයුතුයි... වගකිවයුතු හමුදා නිලධාරීන් නීතිය හමුවට ගෙන ආ යුතුයි.. කොටිත් අපරාධ කලා යන්න අපේ වැරදි වහගන්න උත්තරයක් නෙමේ... (නදී)
සුමුදු හරි (දිල්)
ලංකාව පාවලා දෙන්ඩ වගේ යන්නේ (නදී)
පසුගිය ආණ්ඩුව කාලේ යු එන් එකට විරුද්දව නොමරාන්තික උපවාස කල උදවිය දැනුම්වත් දොඩවන්නේ මේවා අධිරාජ්‍ය වාදී කුමන්ත්‍රණ කියන්නේ. (අ)
අපිට මේ තරම් ආදරේ මොකද දන්නේ නැහැ ? (නදී)
මාස 6 දුන්නේ අපිට විරුද්දව තව තවත් සවිස්තරාත්මකව චෝදනා පෙළ ගස්වන්න මිසක් සහනයක් දෙන්න නෙමෙයි (බ)
මහා ඡන්දයට පෙර වර්තාව එලි නොදැක්වීම පවතින ආණ්ඩුවට මහා ඡන්දයේදී උදව්වකි. යුද අපරාද චෝදනා සම්බන්ධයෙන් රජයේ ගමන් මග පිළිබඳව ඡන්දදායකයා අඳුරේ තබා ඔහුගේ ඡන්දය කොල්ල කෑමට ඔවුන්ට අවස්ථාව සැලසෙන බැවිනි. (නදී)