දශක තුනකට ආසන්න කාලයක් ශ්‍රී ලංකාවේ පැවැති සිවිල් යුද්ධය සමයේ සිදු වූ බව කියන යුද අපරාධ සම්බන්ධයෙන් විමර්ශනය කර දෙමළ ජනතාවගේ විශ්වාසය දිනා ගැනීමට රජය කටයුතු කළ යුතු යැයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් සෙයිද් අල් හුසේන් කුමරු පෙන්වා දී ඇත.
යුද අපරාධ සම්බන්ධයෙන් සාක්ෂි දෙන්නන් ආරක්ෂා කළ යුතු බවත් ජාත්‍යන්තර විනිසුරුවරුන්ද යොදා ගනිමින් ඵලදායී අන්තර්කාලීන යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලියක නිරත විය යුතු බව ද වාර්ෂික වාර්තාවක් ඉදිරිපත් කරමින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් පැවැසීය.
වසර 26ක් පුරා පැවැති යුද්ධයේදී රජයේ හමුදා මෙන්ම දෙමළ විමුක්ති කොටි කැරැලිකරුවන් ද යුද අපරාධ සිදු කර ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය පසුගිය වසරේ දී පැවැසීය.
ජනපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රමුඛ ආණ්ඩුව ඔවුන්ගේ ස්ථාවරය ප්‍රකාශ කර සිටියද ආණ්ඩුව ප්‍රතිසංස්කරණ කිරීමේදී යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලයේ කඩිනම් කර නැතැයි ද එම වාර්තාව පෙන්වා දී ඇත.
ආණ්ඩුව පත් වූ විගස පරීක්ෂණ සිදු කිරීමට දැක් වූ උත්සාහය දිගින් දිගටම පවත්වා ගත යුතු බවත් සාර්ථකව සිදු කරන යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලිය අතීතයේ දී මෙන් දුර්විපාක ලබා නොසිටීම හේතු වනු ඇතැයි ද එම වාර්තා එළි දක්වමින් මහ කොමසාරිස්වරයා කීය.
අත්තනෝමතික ලෙස අත්අඩංගුවට ගැනීම, වදහිංස පැමිණවීම්, ලිංගික ප්‍රචණ්ඩත්වය ආදී චෝදනා එල්ල වී ඇති කරුණු සම්බන්ධයෙන් අවධානය යොමු කර එවැනි ක්‍රියා නැවත ඇති නොවීම කෙරෙහි අවධානය යොමු කළ යුතු බව ද එම වාර්තා වේ දැක්වේ.
රොයිටර් ඇසුරිනි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යුද්ධයේ අවසාන දින කිහිපය තුළ කඩවූවා යැයි කියන මානව අයිතිවාසිකම් ගැන කතාකිරීමට පෙර එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදීන් විසින් 1990 ජුනි 11 වෙනිදා තමන්ගේ සිරභාරයට ගත් පොලිස් නිලධාරීන් 600 ක් වෙඩි තබා ඝාතනය කර පුළුස්සා දැමීම පිළිබඳ ඇසින් දුටු සාක්ෂි තිබියදීත් ලෝක ප්‍රජාව ඒ ගැන කතානොකළේ අපේම පාලකයින්ගේ තිබු නිවටකම නිසා බව නොපැකිළව පවසමි. ලෝකය අප හිතනවාට වඩා ශිෂ්ටසම්පන්න නම් අපි 1990 ජූනි මාසයෙන් පරීක්ෂණ ආරම්භ කරමු. (නි)
මෙවන් කතා ප්‍රශ්නයක් කරගතයුතු දේවල් නොවේ. එක්සත් ජාතීන්ගේ කොමිසම ලංකාවේ යුද්ධය නවත්වන්නට කිසිම සහයෝගයක් දැක්වුවේ නැත. දැන් බොරුවට මානව හිමිකම් ගැන කතාකරයි. (නි)
එතකොට යුද අපරාධ ලංකාවේ හමුදාවෙන්ද වෙලා තියෙන්නේ? එල්ටීටීඊ එක තොත්ත බබලා. වෙන්න ඕනෑ දේ නෙමෙයි අනික් පැත්ත කියන්නේ. (නි)
නිවට කරණවෑමියා දුටුවම එළුවාත් නිකට පානවලු (නි)
මේ සිංහල අපගේ රටයි (ම)
දහම් ඔබේ කතාව සහතික ඇත්ත. (ර)
ලංකාවේ මිනිස්සුන්ට තව තේරෙන්නේ පස්සේ කරගත්ත මෝඩකම්.. (ම)
කාගේ කාගේත් මතය පේනවනේ! (නි)
දැන් කට්ටියට සනීප ඇති. මේ ස්වාධීන රටේ මෙහෙම ඕනෑ ඕනෑ විදියට නටන්න ගියොත් රට ඉවරයි (නි)
අවුරුදු 30 තිස්සේ දෙමළ ජනතාවට විතරයිද කරදර සිදුවුණේ?ඒ කාලය තුළ සිංහල ජනතාව වින්ද දුක්කරදර ගැන කතාකරන්න අපේ සිංහලයින්ගේ කොන්ද පණ නැද්ද? (නි)
ලෝකය දිනුව, විදේශ ප්‍රතිපත්තිය යහපත් තැනකට ගෙනාව කිව්වට අපේ රටට එන විදේශ බලපෑම් නම් එන්න වැඩිවෙන බවයි අපිට නම් පෙන්නේ. (ර)
මේ වගේ මිනිසුන්ට උත්තර දෙන්න පුළුවන් නායකයෙක් හිටියා. දැන් එහෙම කෙනෙක් නැති නිසා අපිට මේවට ඇහුම්කන් දෙන්න වෙලා. ලැජ්ජයි (නි)
මම මේ අර හරක් ටික හොයනවා..(බ)