
(චමිලා අල්විස්)
හොරණ දික්හේන මාර්ගයේ එළවැල්ල දෙසට ගමන් කරමින් තිබූ යතුරුපැදියක් මාර්ගයෙන් ඉවතට පැන කොස් ගසක ගැටීමෙන් සිදුවූ අනතුරකින් එහි ගමන් කළ පුද්ගලයකු බරපතළ තුවාල ලබා එම ස්ථානයේදීම මියගොස් ඇතැයි හොරණ මූලස්ථාන පොලිසිය කියයි.
මෙම අනතුරින් මියගොස් ඇත්තේ කසුන් චතුරංග මහතන්තිරි නමැති පුද්ගලයෙකි.
අනතුරින් යතුරුපැදියට දැඩි හානි සිදුවී ඇති අතර එහි කොටස් ද ගැලවී විසිවී ගොස් තිබිණි.
මියගිය කසුන් චතුරංග මහතා නිවාස පින්තාරු කිරීමේ රැකියාවක නිරතව සිටි අවිවාහක පුද්ගලයකු වන අතර දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයකු ලෙස ද ප්‍රදේශයේ ප්‍රසිද්ධියක් උසුලා ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd