තුර්කියේ බටහිර මුහුදු ප්‍රදේශයේදී යාත්‍රාවක් අනතුරට ලක්වීමෙන් එහි සිටි සංක්‍රමණිකයන් 11දෙනකු මියගොස් ඇතැයි වාර්තා වේ.
මියගිය අය අතර දරුවන් අටදෙනකු සිටින බව ප්‍රාන්ත පුවත් ඒජන්සිය වන අනඩෝලු පවසයි.
ඒජියන් මුහුදේ සෙසමි නගරය ආසන්නයෙන් අටදෙනකු බේරාගත් බවද ඔවුහු පවසති.
මැදපෙරදිග සහ අප්‍රිකානු රටවල සිට යුරෝපය වෙත සරණාගතයින් ගමන් ආරම්භ කරන ප්‍රධාන ස්ථානයක් ලෙස තුර්කිය ප්‍රසිද්ධියට පත්වී ඇත.
එම රටවල නිරන්තරයෙන් පවතින ගැටුම් සහ දරිද්‍රතාවය හේතුවෙන් මොවුහු යුරෝපය වෙත ගමන් කරති.
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd