දකුණු පළාතේ රාජ්‍ය නිලධාරින්ට දුන් යතුරුපැදි ගත් ඇතැම් නිලධාරින්ගේ අතිකාල දීමනා ගෙවීම් දකුණු පළාත් ප්‍රධාන ලේකම් වරියගේ නියෝගයකින් අත්හිටුවා ඇතැයි නිලධාරීන් මැසිවිලි නගති. මේ සම්බන්ධයෙන් ප්‍රධාන ලේකම් ඩබ්ලිව්.කේ.කේ.අතුකෝරළ මහත්මිය කියා සිටියේ යතුරුපැදි ලැබීමට හිමිකම් තිබුණේ ක්ෂේත්‍ර නිලධාරීන්ට පමණක් බවයි. ක්ෂේත්‍රයේ සේවය කරන නිලධාරීන්ට අතිකාල හිමිනොවන බව ද ඇය කීවාය. කේෂ්ත්‍රයේ සේවය නොකරන ඇතැම් නිලධාරින් ද ආයතන ප්‍රධානීන්ගෙන් අනුමැතිය ඉල්ලා යතුරුපැදි ලබාගෙන ඇත්නම් ඔවුන්ගේ අතිකාල දීමනා ඉදිරියේ දී අත්හිටුවීමට තමන් විසින් චක්‍රෙල්ඛයක් නිකුත් කළ බව ද ඇය කියා සිටියාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙහෙම හොර වැඩ කරන මිනිස්සු රාජ්‍ය සේවයට නුසුදුසුයි. ප්‍රධාන ලේකම්වරියට ජයවේවා! (නි)
මිනිස්සු ඒවා ගෙනයන ගමන් කියන කතා ඇහෙනකොට අපිට නම් එක එක දේවල් හිතෙනවා (නි)
හොද වැඩක්, නඩත්තු මුදල් වලටත් වවුචර් ඉදිරිපත් කරාවී.(හේ)
ඔබ තුමිය ගත් තීරණය නිවැරදියි ඔබට ඡයවේවා.(නදී)
නියම වැඩක් කරලා තියෙන්නේ. ලේකම්තුමියට ජය වේවා! (නි)
මේ වගේ අයට නම් මෙහෙම නෙමෙයි, තවත් වැඩිපුර දඬුවම් දෙන්න ඕනෑ (නි)
ජනවාරියෙන් පසු රටේ වෙනසක් සිදු නොවුණොත් මොනවා වෙයිද කියලා හිතාගන්න නම් අමාරුයි (නි)
ලේකම්තුමියට නිල වාහන තියෙන නිසා පවුල් සෞක්‍ය සේවිකාවන්ට දීමේ ගැටළුවක් නෑ(දිල්)
එහෙනම් රෝහල් වල සේවය කරන පවුල් සෞක්‍ය සේවිකාවන්ට කොහොමද යතුරුපැදි දුන්නේ? එයාල ක්ෂත්‍රයේ යන්නේ නැහැනේ. අදාල රෝහලේ පමනයිනේ රාජකාරි කරන්නේ. (නදී)
සුදුස්සාගේ දේ නුසුදුස්සා ගන්නවාට හොදම පාඩමක්.(දිල්)
නියමයි. මිනිස්සු රජයේ සේවයට එනකොට රාජකාරියේ නීතිවලට ගිවිසුම් අත්සන් කරලා තමයි එන්නේ. ආවාට පස්සේ ගන්න පුළුවන් හැමදෙයක්ම ගන්න බලන අතර පුළුවන් හැම වෙලාවම අයිස් ගහන්න බලනවා. මේ නිසා තමයි රට දියුණු වෙන්න හොඳ උසස් නිලධාරීන් රජයේ සේවයට අවශ්‍ය වෙන්නේ (නි)
හොඳ වැඩේ හොර වැඩ කරන අයට (නි)
ගත් දේවල් මදිවාට තවත් දේවල් බලාපොරොත්තු වෙනවා? (නි)