රාජ්‍ය සේවකයන්ට ලබාදුන් යතුරු පැදි දැන් නවතා ඇති බවත්, අධ්‍යාපනයට කනකොකා හැඬු බවත් යහපාලනය ගැන දැන් ජනතාව හොඳින් දන්නා බවත් මහින්ද රාජපක්ෂ මහතා කරන්දෙණිය ආසනයේ ජනහමුවකට සහභාගි වෙමින් මේ බව පැවසුවේය.
ශ්‍රිලනිප ප්‍රධාන සංවිධායක ගුණරත්න වීරකෝන් ජනහමුව සංවිධානය කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රගර් තාජුදීන් මැරුවේ කව්ද ? (නදී)
දේශපාලකයෝ සමුර්ධි නිලදාරීන්ව ගස් බැන්දේ , ගුරුවරියන්ව දැනගැස්සුවේ මොන පාලන කාලයේද කියල මෙතුමාට අමතක වෙලා තියෙන හැටි, හරිම පුදුමයි. මේ උන්නැහේගේ සාමාන්‍ය ස්වරුපයද එහෙම නැතිනම් ලෙඩක්ද කියල දැන ගන්න ක්‍රමයක් ඇත්තටම නැද්ද ? (නදී)
රුපියල් 3500 කට පවුලකට ජීවත් වෙන්න පුළුවන් කියපු අධ්‍යාපන ඇමති තුමා හිටියෙත් ඔබ තුමාගේ කාලයේ බව අමතකද? ඒ කාලයේ නම් අධ්‍යාපනය දියුනුයි (නදී)
ඇත්තටම ඔබතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය දිහා බැලුවහම හිතෙන්නේ පහුගිය අවුරුදු දහයේ රට පාලනය කළේ ඔබතුමා නෙමෙයි වෙන කෙනෙක් වගේ. ජනාධිපති වෙලා ඉන්නකොට අධ්‍යාපනය ගොඩනගන්න බැරිවුණ ඔබතුමා වෙන ජනාධිපති කෙනෙක් යටතේ අගමැති වෙලා මොනව කරන්නද? අනිත් එක රාජ්‍ය සේවය ගැන ඔබතුමාගේ සංකල්පය වෙන්නේ ලෝකෙට ණයවෙලා හරි රාජ්‍ය සේවකයන්ට වරප්‍රසාද දීලා තමන්ගේ ඡන්ද පදනම තියාගන්න. ඔබතුමා බෙදපු යතුරුපැදි ලංකාවට සහනාධාර ලෙස ලැබුන ඒවා නොවෙයි. ඕවා රටේ මුළු ජනතාවම ණයකරුවන් කරලා බෙදපු ඒවා. (නි)
ඔව් ඔව් අපි දන්නවා. දහහත් වනදාට අපි ඒවා බලාගන්නම්. එනවා මෙතන අපිට කියලා දෙන්න (නි)
ඔබතුමාගේ කාලේ අධ්‍යාපනයට වෙන්කරපු මුදල් ගැනයි, හිටපු අදයාපන ඇමතිවරුන් දෙන්නගේ විකාර වැඩයි බැලුවොත් ඔබතුමාට තේරේවි අපේ රටේ අධ්‍යාපනයට හඩපු කන කොකා කව්ද කියලා. (නදී)
ඔබතුමාගේ වදන් වලට රැවටෙන්න තරම් අද මිනිස්සු මෝඩ නැහැ.බයිසිකල් දීලා මිනිස්සු රැවටුනෙත් නැහැ.මිනිස්සු රැවටුනා නම් අදත් ජනාධිපති ඔබතුමාමයි.ජනතාව ඔබතුමා ප්‍රතික්ෂේප කරලා ඉවරයි. (නි)
යුද්දය දිනු පසු කළ යුතුව තිබු දේ හරිහැටි නොකිරීම කන කොකාට ඇරයුමක් උනා (නදී)
ඔබගේ නිවැරදි නායකත්වය මේ රටට නැවත ඕනෑකර තිබේ. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ජයග්‍රහණය රටේ ජයග්‍රහණයකි. (නි)
ඇත්තටම දේශපාලකයන්ට බලය තිබෙනකොට මොළය ඇත්තෙම නැද්ද? (නි)
ඔබතුමාගේ කාලයේ තිබුණු රජ්‍ය සේවයේ ගෞරවනීය බව අපි දැක්කා. ගුරුවරියන්ව දැන ගස්සපු හැටිත් අපි දැක්කා. ඔබතුමා හැම දෙයක්ම කියන්නේ "අපි බලාපොරොත්තු වෙනවා" කියලා. එ්ක ඕනිම කෙනෙකුට කියන්ඩ පුළුවන්. (නදී)
මෙතුමාට ජනවාරි 8 දාට කලින් කරපු කියපු කිසිම දෙයක් දැන් මතක නැතිවෙලා වගෙයි දැන් කියන කතාවලින් තේරෙන්නේ. එක්කෝ කලින් කළ හා කී දේවල් අමතකවීමේ රෝගයකින් මෙතුමා පෙළෙනවා. එහෙමත් නැත්නම් මේ රටේ මිනිසුන්ට එම අමතකවීමේ රෝගය වැළඳිලා කියලා එතුමා හිතනවා (නි)