කිරිබත්ගොඩ ගාල හන්දියේදී යතුරුපැදිකරුවකු පාර මැද නගර අලංකරණයට තබා තිබූ මල් පෝච්චියක ගැටී මිය ගිය බව පොලිසිය කියයි.
තවත් අයකු පිටුපස නංවාගෙන පැමිණි හෙට්ටිපොළ පදිංචි 46 හැවිරිදි එම පුද්ගලයා අනතුරින් පසු කිරිබත්ගොඩ රෝහලට ඇතුළු කර ඇති අතර හිසට හානි සිදුවීමෙන් ඔහු මිය ගොස් ඇතැයිද අනෙක් පුද්ගලයාට කිසිදු අනතුරක් නොවූ බවද පොලිසිය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කුමාර -පාර මැද්දේ කොහෙද පේමන්ට් තියෙන්නේ (බ)
මෙම මල් පොච්ච්චි පාර මැද තියන්නේ ලංකාවේ පමණය මෙය ඉතා අනුවන ක්‍රියාවකි අරලියගහ මැදුරට එපා නම් මේවා ගඟට දන්නා තිබුන මිනිසුන්ට පේන්න වැඩකරලා මිනිස්සු මරනවා මරනවා (බ)
මල් පෝච්චි තිබුන තැන වරද නෙමෙයි, යතුරුපැදි පාරේ නෙමෙයි මල් පෝච්චි උඩිනුත් යනවා. (නි)
පංචිකාවත්තේ ගිහින් බලන්න. ලොකු මල් පෝච්චි තියෙන්නේ පාරේ. ඒ එකකවත් මල් ගස් නැහැ. (නි)
මිනිස්සු මෙච්චර මෝඩ ඇයි දන්නේ නෑ ඔය පෝච්චිය ඔතන තිබ්බේ නැත්තන් අනිත් මිනිහත් මැරෙයි මොකද අනිත් පැත්තේ වාහනවල හැපිල...නගරයක් ලස්සන කරනවට ඊර්සියා කරන්න එපා..පාරේ මැද තියන ලයිට් කණුත් ගලවන්න වෙයිනේ මුන් කියන මෝඩ කතාවලට (බ)
මේ මල් පෝච්චිවල වරද නෙමෙයි. යතුරුපැදි ධාවකයගේ වරද. මේ ගොල්ලො දැන් යන අළුත්ම ක්‍රමය තමයි මිනිස්සුන්ට යන්න තියෙන පේමන්ට් එකේ යන එක. පයින් යන මිනිහාට හෝනුත් ගහලා ඒ මිනිහව කානුවට බස්සලා තමයි පාරේ යන්නේ. (ම)
තව විස්තර ටිකක් එවන්න පුළුවන්ද ? (බ)