
(කාංචන කුමාර ආරියදාස)
සීගිරිය දිගම්පතහ මාර්ගයේ දී අද (11 ) යතුරුපැදියක් මෝටර් රථයක පිටුපස ගැටීමෙන් එහි ගමන් ගත් වයස අවුරුදු තුන හමාරක් වූ සිඟිති දියණියකින් මිය ගොස් ඇතැයි සීගිරිය පොලිසිය කියයි.
මෙසේ මියගොස් ඇත්තේ දඹුල්ල සියඹලාගස්වැව ප්‍රදේශයේ පදිංචි සසිත්මි නෙහන්සා අළුවිහාරේ නම් වූ සිඟිති දැරියකි.
යතුරු පැදිය පැදවූ මිය ගිය දියණියගේ පියා ඉස්කූට වර්ගයේ යතුරු පැදියේ දියණිය ඉදිරි පස කොටසේ තබාගෙන ධාවනය කොට තිබේ.
දිගම්පතහ සිට සිගිරිය දෙසට ගමන් කරමින් සිටිය දී ඉදිරියෙන් ගමන් ගත් මෝටර් රථයක පිටුපස යතුරු පැදිය ගැටී මෙම අනතුර සිදුවී ඇතැයි පොලිසිය කියයි.
යතුරුපැදිය මෝටර් රථයේ ගැටීමත් සමඟ ඉදිරියේ හිටගෙන ගිය පුංචි දියණිය මාර්ගයෙන් ඉවතට විසි වී ඇතැයි මූලික පරීක්ෂණවලදී හෙළි වී තිබේ. කෙසේ වෙතත් සිද්ධිය සම්බන්ධයෙන් මෝටර් රථ රියැදුරු මෝටර් රථය පොලිස් භාරයට ගත් බව සීගිරිය පොලිසිය කියයි.
දියණියගේ මව සීගිරිය ප්‍රදේශයේ සංචාරක හෝටලයක සේවය කරන බවත් ඇය වැඩ අවසන් කොට නිවෙසට කැඳවාගෙන ඒම සඳහා මෙම දියණියත් පියාත් හිස් වැසුම් පැළඳගෙන යතුරුපැදියෙන් යමින් සිටියදී අනතුර සිදුවී ඇතැයි ඔවුහු පවසති.
2025 දෙසැම්බර් මස 04
710
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
556
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
451
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
යතුරුපැදි- මොටර් රථ අනතුරින් සිඟිත්තියකට දිවි අහිමිවෙයි
සංජීව Tuesday, 12 August 2025 02:27 PM
ලංකාවේ දැන් තියෙන වාහන මිලත් එක්ක සාමාන්‍ය මනුස්සයෙකුට වාහනයක් ගන්න තියා හිතන්නවත් බෑ. සාමාන්‍ය මිනිස්සුන්ට පුංචි දරුවන් එක්ක අනාරක්ෂිතව යන්න වෙලා තියෙන්නේ යතුරුපැදිවල. වාහනයක ගියා නම් මේ පුංචි දුව ජීවතුන් අතර නේද? වාහනවල යන මිනිස්සුන්ගෙ ආසන පටි හොයන්න කලින් විසඳන්න ඕන ප්‍රශ්න මේවා.
ගුණරත්නTuesday, 12 August 2025 05:58 PM
මේකට ඩිස්ලයික් ගහල තියෙන්නේ මොක්කුන්ද? මට හිතාගන්න බැහැ . සෙල් මාෆියාවේ හෙන්චයියෙක්ද? බැංකු ගිනි පොලීකාරයෙක්ද? වහලෙක්ද? ඩොබියෙක්ද?
ගුණරත්න Tuesday, 12 August 2025 02:59 PM
ස්කූටර බයිසිකල කියන්නේ තනි පුද්ගල ප්‍රවාහන මාධ්‍යයක්, හැම බයිසිකලයක් ම එහෙමයි. පුංචි දරුවන්ට හයියෙන් අල්ලන්න යන්න බැහැ. ඉතින් පාරට ඇද වැටෙන්න ලොකු ඉඩක් තියෙනවා. හෙල්මටත් දැම්මාට අභ්‍යන්තරයේ තුවාල හැදෙන එක නවත්තන්න බැහැ.