IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


යාත්‍රා සෝදිසිය ගෙදර ඉදන්

ශ්‍රී ලංකා මුහුදු තීරයේ යාත්‍රා කරන නැව් නිරීක්ෂණය වඩාත් පහසුවෙන් සිදු කිරීමට හැකි මෘදුකාංගයක් කොළඹ විශ්ව විද්‍යාලයේ සැලැසුම් සහ පර්යේෂණ අංශයෙන් නිර්මාණය කර වෙරළ  ආරක්ෂක අංශයට භාරදුන් බව මහාචාර්ය නිහාල් කොඩිකාර මහතා පැවසීය.

මිරිස්ස වෙරළ ආරක්ෂක මූලස්ථානයේ එය පිහිටුවා ඇත.

මෙම මෘදුකාංගය  වෙසල් ට්‍රැෆික් මොනිටරින් ලෙස හදුන්වයි. මෙම මෘදුකාංගය උපයෝගි කරගැනීම හේතුවෙන් නිශ්චිත ස්ථානයක නොසිට ජංගම දුරකථනයෙන් සහ පරිගණකය ඔස්සේ ඈත මුහුදේ ගමන් කරන නැව් නිරීක්ෂණය කළ හැකිය.

මීට පෙර නිරීක්ෂණය සිදු වුයේ රේඩාර් මගිනි. එවිට රේඩාර් ස්ථාපිත ස්ථානයේ සිට එම කාර්ය කළ යුතුව තිබුණි.

මෙම මෘදුකාංගය ජාත්‍යන්තර ඇගයීමටද ලක් වී ඇත. ජාතික කර්තව්‍යයක් ලෙස සළකා මෙය නොමිලේ ප්‍රදානය කර ඇත.

මහාචාර්ය නිහාල් කොඩිකාර මහතාගේ උපදෙස් සහ අධික්ෂණය යටතේ ආචාර්ය චමත් කැප්පෙටියාගම, ආචාර්ය රෙක්සි රෝසා, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය කපිල ඩයස්, පශ්චාත් උපාධි අපේක්ෂක කේ.ඩී.සදරුවන් ඇතුළු කණ්ඩායමක් මෙය නිර්මාණයට දායක වුහ.

 

 



අදහස් (0)

යාත්‍රා සෝදිසිය ගෙදර ඉදන්

සචිත් Friday, 20 February 2015 08:03 AM

හොද පුවතක්! මේ පර්යේෂණය කාලාන්තරයක් තිස්සේ කොළඹ වීශ්ව විද්‍යාලය කරගෙන එන පර්යේෂණ රාශියක් අතුරින් ප්‍රයෝගික තලයෙන් ඇගයීමකට ලක් වුන හොද එක පර්යේෂණයක්. එම නිසා අදාල වී වී නිසි ඇගයීම දීම වැදගත්!(හේ)

:       0       0

රොහාන් Friday, 20 February 2015 08:07 AM

හොද නිර්මාණයක්.(හේ)

:       0       0

දසුන් Friday, 20 February 2015 08:27 AM

මේ සඳහා සහභාගී වූ සියළුම දෙනාට උණුසුම් සුභ පැතුම්.(හේ)

:       0       0

උදය කුමාර Friday, 20 February 2015 09:28 AM

මේ දේ ශ්‍රි ලංකා නාවික හමුදාවට ගොඩක් වැදගත්.(හේ)

:       0       0

කපිල ප්‍රනාන්දු Friday, 20 February 2015 09:31 AM

නියම හපන්නු.(හේ)

:       0       0

ගාමිණී රූපසේන Friday, 20 February 2015 09:59 AM

මේ සඳහා සහභාගී වූ සියළුම දෙනාට උණුසුම් සුභ පැතුම්.(හේ)

:       0       0

සුමනා Friday, 20 February 2015 10:24 AM

ඇත්තටම අපේ අය ගැන ගොඩක් සතුටුයි.(හේ)

:       0       0

ටිරෝන් Saturday, 21 February 2015 04:26 AM

ඉතාමත් වැදගත්. නමුත් මෙය තවත් වැදගත් මෙය ලංකාවේ තියෙන හැම බෝට්ටුවකටම ට්‍රාන්ස්පොන්ඩර් එකක් සවිකරලා එ් බෝට්ටුත් මොනිටර් කරන්න පුලුවන්නම්. එතෙකොට මාළු අල්ලන්න යන බෝට්ටු දේශසීමා පනින්නේ නැහැ තම රාජකාරිය කරගෙන අයපත් ලෙස තම අඹුදරුවන් වෙත එයි. වෙන රටවල බෝට්ටුත් මෙමගින් අත්අඩංගුවට ගත හැකිවෙයි. (නදී)

:       0       0

දිලුෂ Saturday, 21 February 2015 04:35 AM

මේක වැඩ කරන්නේ කොහොමද? ජීපිඑස් වලින්ද? (නදී)

:       0       0

රසික Saturday, 21 February 2015 04:36 AM

ලංකාවේ පසුබෑමට ඉන්දියාව ඍජුව වගකියන්න ඕනේ. ලංකාවේ හැමදාම ඔලුව උස්සනකොට ඉන්දියාව පොල්ලෙන් ගහනවා. මේක විදේශ රටවල දරුණුවටම තියනවා. ඉන්ටර්වීව් වලින් ලංකාවේ නම දැක්කොත් කපනවා. දැනටත් මොන තරම් තරුණ මොළ ත්‍රීවීල් වල හිර වෙලා ඉන්නවද? (නදී)

:       0       0

අසෝකා Friday, 20 February 2015 11:34 AM

සුදුස්සාට සුදුසු තැන නොලැබීමේ පාපය නිසා අපේ සුන්දර ලක්බිම අගාධයටම ඇද වැටුනා. එදා රජ දවස වාරි සැලසුම් දිහා බලනකොට තාක්ෂනය දියුණුයි කියන මේ කාලේ අපි මොනවාද කරලා තියෙන්නේ කියල හිතෙනවා.ඉතින් මම හිතනවා දැන්වත් අපගේ ඒ දක්ෂතා මතුකර නිසි තැන ලැබුනොත් අපේ රට ගොඩ ගන්න හැකිවේවි කියල. මෙවැනි සොයා ගැනීම් බොහොමයක් පත්තර මගින් ප්‍රසිදිධියට පමණක් සිමා නොවේවා කියල මම ප්‍රර්ථනා කරමි! (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 160 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 957 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site