ශ්‍රී ලංකා මුහුදු තීරයේ යාත්‍රා කරන නැව් නිරීක්ෂණය වඩාත් පහසුවෙන් සිදු කිරීමට හැකි මෘදුකාංගයක් කොළඹ විශ්ව විද්‍යාලයේ සැලැසුම් සහ පර්යේෂණ අංශයෙන් නිර්මාණය කර වෙරළ ආරක්ෂක අංශයට භාරදුන් බව මහාචාර්ය නිහාල් කොඩිකාර මහතා පැවසීය.
මිරිස්ස වෙරළ ආරක්ෂක මූලස්ථානයේ එය පිහිටුවා ඇත.
මෙම මෘදුකාංගය වෙසල් ට්‍රැෆික් මොනිටරින් ලෙස හදුන්වයි. මෙම මෘදුකාංගය උපයෝගි කරගැනීම හේතුවෙන් නිශ්චිත ස්ථානයක නොසිට ජංගම දුරකථනයෙන් සහ පරිගණකය ඔස්සේ ඈත මුහුදේ ගමන් කරන නැව් නිරීක්ෂණය කළ හැකිය.
මීට පෙර නිරීක්ෂණය සිදු වුයේ රේඩාර් මගිනි. එවිට රේඩාර් ස්ථාපිත ස්ථානයේ සිට එම කාර්ය කළ යුතුව තිබුණි.
මෙම මෘදුකාංගය ජාත්‍යන්තර ඇගයීමටද ලක් වී ඇත. ජාතික කර්තව්‍යයක් ලෙස සළකා මෙය නොමිලේ ප්‍රදානය කර ඇත.
මහාචාර්ය නිහාල් කොඩිකාර මහතාගේ උපදෙස් සහ අධික්ෂණය යටතේ ආචාර්ය චමත් කැප්පෙටියාගම, ආචාර්ය රෙක්සි රෝසා, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය කපිල ඩයස්, පශ්චාත් උපාධි අපේක්ෂක කේ.ඩී.සදරුවන් ඇතුළු කණ්ඩායමක් මෙය නිර්මාණයට දායක වුහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොද පුවතක්! මේ පර්යේෂණය කාලාන්තරයක් තිස්සේ කොළඹ වීශ්ව විද්‍යාලය කරගෙන එන පර්යේෂණ රාශියක් අතුරින් ප්‍රයෝගික තලයෙන් ඇගයීමකට ලක් වුන හොද එක පර්යේෂණයක්. එම නිසා අදාල වී වී නිසි ඇගයීම දීම වැදගත්!(හේ)
හොද නිර්මාණයක්.(හේ)
මේ සඳහා සහභාගී වූ සියළුම දෙනාට උණුසුම් සුභ පැතුම්.(හේ)
මේ දේ ශ්‍රි ලංකා නාවික හමුදාවට ගොඩක් වැදගත්.(හේ)
නියම හපන්නු.(හේ)
මේ සඳහා සහභාගී වූ සියළුම දෙනාට උණුසුම් සුභ පැතුම්.(හේ)
ඇත්තටම අපේ අය ගැන ගොඩක් සතුටුයි.(හේ)
ඉතාමත් වැදගත්. නමුත් මෙය තවත් වැදගත් මෙය ලංකාවේ තියෙන හැම බෝට්ටුවකටම ට්‍රාන්ස්පොන්ඩර් එකක් සවිකරලා එ් බෝට්ටුත් මොනිටර් කරන්න පුලුවන්නම්. එතෙකොට මාළු අල්ලන්න යන බෝට්ටු දේශසීමා පනින්නේ නැහැ තම රාජකාරිය කරගෙන අයපත් ලෙස තම අඹුදරුවන් වෙත එයි. වෙන රටවල බෝට්ටුත් මෙමගින් අත්අඩංගුවට ගත හැකිවෙයි. (නදී)
මේක වැඩ කරන්නේ කොහොමද? ජීපිඑස් වලින්ද? (නදී)
ලංකාවේ පසුබෑමට ඉන්දියාව ඍජුව වගකියන්න ඕනේ. ලංකාවේ හැමදාම ඔලුව උස්සනකොට ඉන්දියාව පොල්ලෙන් ගහනවා. මේක විදේශ රටවල දරුණුවටම තියනවා. ඉන්ටර්වීව් වලින් ලංකාවේ නම දැක්කොත් කපනවා. දැනටත් මොන තරම් තරුණ මොළ ත්‍රීවීල් වල හිර වෙලා ඉන්නවද? (නදී)
සුදුස්සාට සුදුසු තැන නොලැබීමේ පාපය නිසා අපේ සුන්දර ලක්බිම අගාධයටම ඇද වැටුනා. එදා රජ දවස වාරි සැලසුම් දිහා බලනකොට තාක්ෂනය දියුණුයි කියන මේ කාලේ අපි මොනවාද කරලා තියෙන්නේ කියල හිතෙනවා.ඉතින් මම හිතනවා දැන්වත් අපගේ ඒ දක්ෂතා මතුකර නිසි තැන ලැබුනොත් අපේ රට ගොඩ ගන්න හැකිවේවි කියල. මෙවැනි සොයා ගැනීම් බොහොමයක් පත්තර මගින් ප්‍රසිදිධියට පමණක් සිමා නොවේවා කියල මම ප්‍රර්ථනා කරමි! (අ)