
(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
අපල උපද්‍රව මඟහැරීමට එකොළොස් හැවිරිදි දරුවකුට පලඳා තිබූ රන් පංචායුධයක් යතුරු පැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනකු පිහියකින් කපා ගෙන පලාගොස් ඇතැයි වේයන්ගොඩ පොලිසිය පවසයි.
මෙම දරුවාගේ මව විසින් මේ බව පොලිසියට පැමිණිලි කරනු ලැබුවාය.
පෞද්ගලික උපකාරක පන්තියකට සහභාගි කරවීමට මව මෙම දරුවා රැගෙන පා ගමනින් ගමන් කරමින් සිටි අතරවාරයේ යටගම ප්‍රාථමික විද්‍යාලය ඉදිරිපිටදී යතුරු පැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනකු මව සහ පුතා අසල නතර කර ඇතැයි පොලිසිය කියයි.
යතුරුපැදියේ පිටුපස අසුනේ වාඩි වී ආ පුද්ගලයා එයින් බැස ඇවිත් ඔහු අත තිබූ පිහිය කින් රන් පංචා යුධය ගැටගසා තිබූ නූල කපා පංචායුධය පැහැරගෙන යතුරුපැදියේ නැගී පලාගොස් ඇතැයි පොලීසිය සඳහන් කරයි.
මෙම පැහැර ගැනීම සිදු කළ අය ගැන තවම තොරතුරු පොලිසියට ලැබී නොමැත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දරුවන්ගේ කරේ රත්තරන් බැඳලා ලෝකෙට ලොකු කම් පෙන්වන්න හදනවට හොඳ වැඩේ!! මොනා උනත් හොරාගේ අපලේ ටික කාලෙකට දුරු උනා පංචායුධය නිසා..
දැන් අපලේ දුරුවුනානේ…. අයියෝ සල්ලී….
පංචායුධ වලින් අපල දුරු වුනේ ඉස්සර. දැන් අපල ඇතිවෙනවා...
ඇපෑලය දුර්වල නෑ. නමුත් හොරාට හෙණ ගහන්න ඕනෑ.
මේ පාහර වැඩේ කළ අයට මරණය ඉතා ඉක්මනින් අත්වේවා...!