යටදොලවත්තේ කෝවිලක සතුන් බිලි පූජාවට ලක් කළැයි විරෝධය පළ කරමින් සියයක් පමණ දෙනා කළුතර මතුගම මහාමාර්ගය අවහිර කරමින් උද්ඝෝෂණයක් ඇරැඹූහ.
එක්සත් ජාතික පක්ෂයේ පාලිත තෙවරප්පෙරුම මහතා එම බිලි පූජාවට සහාය දැක්වීයැයි කියමින් ඔවුහු ඊට ද විරෝධය පාති.
යටදොලවත්තේ කෝවිලක සතුන් බිලි පූජාවට ලක් කළැයි විරෝධය පළ කරමින් සියයක් පමණ දෙනා කළුතර මතුගම මහාමාර්ගය අවහිර කරමින් උද්ඝෝෂණයක් ඇරැඹූහ.
එක්සත් ජාතික පක්ෂයේ පාලිත තෙවරප්පෙරුම මහතා එම බිලි පූජාවට සහාය දැක්වීයැයි කියමින් ඔවුහු ඊට ද විරෝධය පාති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ (අ)ධර්මදීපයේ දවසකට 1500 කට වඩා ගබ්සාවල් සිදුවෙනවාලූ. මේ ස්ථාන වටලා උද්ඝෝෂණ කළොත් මීට වඩා හොඳ නැද්ද? (නි)
රට කන්නේ දේශපාලුවෝ, නැති ප්‍රශ්න ඇතිකරමින් නිකන් ඉන්න ජනතාව අවුස්සා ගෙන ඔවුන්ගේ හොද්ද බොර කරගන්නවා. අපේ මෝඩයින්ටත් මේක තේරෙන්නෙ නැහැ (නි)
ලංකාවේ මිනිස්සු හැමදේටම ඇගිලි ගහනවානේ (නි)
මගේ මතය දෙවියන් වෙනුවෙන් බිලි පුජාවක් දෙන්න ඕනෑ නම් අහිංසක සත්තු මරලා පවු පුරවාගන්නේ නැතුව තමන්ගේ ජිවිතය තමන් විසින්ම පුජා කරනවා නම් තමයි වඩාත් හොද . (නි)
සමහරු නම් හරකට හරි ආදරෙයි වගේ. (නි)
මිනිස්සු මරනවට විරුද්ධව පෙළපාලි නොයන්නේ ඇයි? මුලින්ම මාසයක් තුල මිනි මරණ එක නවත්වමු,දෙවනුව හරක්, මීළඟට එළුවන්,කුකුලන්,බල්ලන්. මිනීමරන එක නවතුවහොත් අනිත් සත්තු මරණ එක නවත්වන එක වැඩක් නෙමෙයි (නි)
ආහාරය සඳහා සතෙක් මරණ එක සහ බිලි පූජා වලට සතෙක් මරණ එක අතර ඇති මහත් වූ වෙනස හිතා ගන්න බැරි අයත් ඉන්නවා. ඉතින් කොහොමද රටක් හදන්නේ ? (නදී)
දේශපාලකයව සතෙක් වගේ ඡන්දෙදී කපා දාන්න. (අ)
දෙවියන් කියන්නේ උතුම් කොට්ඨාශයක්. නමුත් කිසිම කෙනෙක් දැකලා නැහැ. එහෙත් අපි විශ්වාස කරනවා, මනසින් මවාගත් රූප අදිනවා,අඹනවා... අදින්නෙත් මිනිස්සු වදින්නේත් මිනිස්සු. ඒත් දෙවියන් කියා නැහැ සතුන් මරා පුදන්න කියා. දෙවියන්ට බිලි පුජා නොදුන්නොත් දෙවියෝ කෝප වෙනවා කියලා මිනිසුන්ව රවටනවා. (නි)
ඔවුන්ට ඡන්දෙ දීලා පාර්ලිමේන්තුවට යැවුවෙත් ඔය මතුගම මිනිස්සුම නේද ? (නි)
ඝාතකාගාරවල, කුකුළුමස් කඩවල සහ නීති විරෝධී විදිහට සතුන් දිනකට දහස් ගණනක් කෑම සඳහා මරණ බව ඇත්ත..නමුත් එකම තැනක ආගමක නාමයෙන් සතුන් මරණ එක ශිෂ්ට ලෝකයට පිළිගන්න බැහැ.අධිකරණයකින් තහනම් නියෝග පනවා තිබියදීත්, නීති කඩමින් සතුන් මැරීමට අනුබල දීම ඉතාමත් වැරදි.,මේක කතිරය බලාගෙන කල වැඩක්. සාමකාමී ජනතාව පිළිතුරු දිය යුත්තේ ඡන්ද කතිරයෙන්.මෙම බිලි පුජාවට විරුද්ධ අය කල යුත්තේ එයයි.මේ රටේ වැඩි දෙනෙකු බෞද්ධයන් බැවින් මෙවැනි ම්ලේච්ච ක්‍රියාවන්ට විරුද්ධව බුද්ධ සාසන අමාත්‍යාංශය ක්‍රියා කල යුතුයි.. (ස)
අපේ රටේ ඉන්න හුගක් අය තමන් වැරදි කරන ගමන් අනුන්ගේ වැරදි වලට එරෙහි වෙනවා. බිලි පුජාවල් සමහර ආගම් වල තියෙනවා. බුද්ධාගමේ එහෙම දෙයක් නැහැ කියලා අනිත් අයට එහෙම කරන්න එපා කියන එක වැරදි දෙයක්. (නි)
ඊළග ආත්මෙ මිනිසෙකු වෙලා ඉපදෙන්න ඒ සතුන්ට තම මාංශ ටිකවත් දන් දෙන්න ඉඩක් නොදෙන කට්ටයකුත් ඉන්නවා. (නදී)
වරුණ,මුස්ලිම් මුදලාලිලා හරක් ගන්නේ සල්ලි දීලා (නි)
මොලේ තියන මිනිසුන් ටිකක්ද නැතිනම් කාගේ හෝ උසි ගැන්වීමක්ද,මෙයාලා බිලි පුජාව දුන්නට පස්සෙනේ මේවා කරන්නේ. (ස)
ලංකාවේ දවසකට හරක් කී දෙනෙක් මරනවද ? ඒවා පෙන්නේ නෑ. ඒවටත් කරමුකෝ උද්ඝෝෂණ මේවයින් පේන්නේ ලංකාව අන්තවාදී රටක් කියලා. (ස)
මතුගම ඉන්නේ හඳට ගල් ගහපු මිනිස්සු. තව ටික කාලෙකින් ඔහොම ගියොත් මිනිස්සුත් බිලි දෙන්න හදාවි. මුලින් රහසින් පසුව ප්‍රසිද්ධියේ. දැන්ම මේවා නවත්තන්න වෙනවා. (නි)
දැන් ඉතින් අශ්වයා ගිහින් ඉවරයි.බිලි පූජාවට ආවඩන ලද දේශපාලකයන්ට ඡන්දෙ දෙන වෙලාවට සුදුසු පියවර ගන්න (නි)
ඔය කට්ටිය පුලුවන් නම් ලංකාවේ හරක් මරණ එක නවත්තන්න උද්ඝෝෂණයකුත් කරන්නකෝ.දවසකට හරක් කීදාහක බෙලි කපනවද මේ රටේ?හැබැයි වැඩි හරියක් හොර හරක් පටවන්නෙත් හරක් හොරකමේ යන්නෙත් තමන් ගෙදර හදපු හරකවත් මුස්ලිම් මුදලාලිට මසට විකුණන්නේත් කවුද කියලා ඔය කවුරුත් තේරුම් ගත්තොත් හොදයි (නි)
මෙහෙම හරි කමක් නැහැ, බිලිපූජා නවතිනවා නම්. (නි)