IMG-LOGO

යටගිය බරවා කකුල බලපිටියෙන්

ශ්‍රී ලංකාවෙන් බරවා රෝගය තුරන් කර ඇති බවට සම්මත වී ඇති නමුත් ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය  සෞඛ්‍ය වෛද්‍ය කොට්ටාස 20 න් මුහුදු බඩ කොට්ටාස 11 ක බරවා  රෝගය තවමත් සෙමින් පැතිරීමේ අවදානමක් ඇතැයි බරවා මර්දන ව්‍යාපාරයේ අධ්‍යක්ෂිකා  වෛද්‍ය දේවිකා මෙන්ඩිස් පැවසුවාය.

ඉඳුරුව ,බලපිටිය,අම්බලන්ගොඩ,ගෝනපිනුවල,හික්කඩුව ,රත්ගම .,ගාල්ල මහා නගර සභාව,හබරාදුව ,ඉමදුව ,අක්මීමන හා බෝපේ පෝද්දල යන කොට්ටාසවල මේ පැතිරීම දක්නට ඇති අතර  එම කොට්ටාසවලින් 2016 දී රෝගීන් 87 ක් හඳුනා ගත් බවත්  එයින් වැඩිම ප්‍රමාණය  බලපිටිය කොට්ටාසයෙන් බවත් මෙන්ඩිස් මහත්මිය කීවාය.

බලපිටියේ පසුගිය මාස  තුනේදී රාත්‍රී කාලයේ ගෙයින් ගෙට ගොස් නිවැසියන්ගේ ලේ පටල  පරීක්ෂා කිරීමේ  වැඩ සටහනක් ක්‍රියාත්මක කළ බවත් එහිදී 12000 කගේ ලේ පටල පරීක්ෂාකළ අතර එයින් බරවා රෝගීන් 60 ක් හඳුනා ගත්  බවත් ඇය සඳහන් කළාය.

 ගාල්ල දිසාවේ මුහුදුබඩ ප්‍රදේශවල බරවා  පැතිරීමට හේතුවක් වී ඇත්තේ  බරවා වාහක මදුරුවන් බෝවීම සඳහා සුදුසු  ජලාශ සහ උෂ්ණත්වය වැනි සාධක පැවතීමයි.

ගාල්ල දිසාවේ මෙලෙස බරවා  පැතිරීම වැලක්වීමට ප්‍රතිකාරයක් ලෙස 2014 සහ 2015 වසරවල කොට්ටාස 14 ක ජනතාවට බෙහෙත් පෙති දුන්නත් ජනතාව ඒවා පානය කර නැති බවත් හෙළිවූ බව මෙන්ඩිස් මහත්මිය පැවසුවාය.

ගාල්ල දිසාවෙන් බරවා  රෝගය තුරන් කිරීම සඳහා අවසන් වතාවට  ලබාදෙන ප්‍රතිකාරයක් ලෙස බෙහෙත් පෙති ලබාදීමේ විශේෂ වැඩ සටහනක් ලබන සැප්තැම්බර් 3 සහ 4 ක්‍රියාත්මක කරයි.



අදහස් (0)

යටගිය බරවා කකුල බලපිටියෙන්

රන්ජිත් Wednesday, 17 August 2016 01:14 PM

සාම්ප්‍රදායක ලෙස ගාල්ලේ ජනතාව කිසිදෙයක් පිළිවෙලට කරන්නේ නැහැ වගේ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 373 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 533 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 223 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site