ශ්‍රී ලංකාවට එරෙහි ඇමෙරිකා යෝජනාව සම්මත වුවත් ශ්‍රී ලංකාවට බලපෑම් කරන කිසිදු මැදිහත්වීමකට ශ්‍රී ලංකා රජය ඉඩ නොදෙන බව විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පිරිස් අද (26) කොළඹ දී පැවැති මාධ්‍ය හමුවකදී පැවැසීය. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කමිටුවේ දී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සම්මත වූ යෝජනාවට රජය කිසි ලෙසකින්වත් එකඟ නොවන බවත් එමගින් ශ්‍රී ලංකාවට ආර්ථික සම්බාධක පැනවීමක් කළ නොහැකි බවත් ඇමැති කීවේය.