අම්බලන්ගොඩ දී තුන් හැවිරිදි දරුවකු පැහැර ගත් බව කියන දඹුල්ලේ ලොකු මුදියන්සේලාගේ කමල් නම් යාචකයා රිමාන්ඩ් බාරයට පත් කළ දඹුල්ල වැඩ බලන මහේස්ත්‍රාත් නිලූකා විජේරත්න මහත්මිය ඔහු ද දරුවාද ලබන 12 වැනි දා බලපිටිය මහේස්ත්‍රාත් හමුවට පමුණුවන ලෙස නියෝග කළාය.
දරුවා අනුරාධපුර ළමා නිවාසයකට භාර දීමට ද නියෝග කැරිණි.
2025 දෙසැම්බර් මස 18
142
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
951
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
යාචකයා රිමාන්ඩ් : දරුවා ළමා නිවාසයට
ඇල්බට් Wednesday, 22 October 2014 11:40 AM
කාලයකට අම්බලන්ගොඩින් හිඟමන් නොලැබේ.(හේ)
චමල් Wednesday, 22 October 2014 11:52 AM
ළමයා කබලෙන් ලිපට . හිඟන්න ළඟ ළමයා හොඳින් හිටිය බව පේනවා.(හේ)
කුමාරි Wednesday, 22 October 2014 11:54 AM
ඇයි අනේ අර ආච්චි ඉද්දි ළමා නිවාසෙට දැම්මේ පොඩි එකා.? (නදී)
සඳුනි Wednesday, 22 October 2014 11:54 AM
එතකොට හුගක් යාචකයෝ ලග ඉන්නේ හොරකම් කරපු හෝ හිගමන් පිණිස ඉල්ලාගත් බබාලා වෙන්න බැරිද? (නදී)
ධම්ම Wednesday, 22 October 2014 12:15 PM
ලොකු මුදියන්සේලාගේ කමල් ව්‍යාපාරිකයෙක්. හිඟමන සහ හොරකම අද ලාබ ලබන ව්‍යාපාර. (නදී)
වසුන්දරා Wednesday, 22 October 2014 12:25 PM
අපේ රටේ ළමයින්ට ආරක්ෂාවක් නැහැ. ළමයින්ගේ සුරක්ෂිත භාවයට කිසිම වැඩපිලිවෙලක් නැහැ (නදී)
හසිත් Wednesday, 22 October 2014 12:35 PM
අනේ මන්ද ළමයා කබලෙන් ලිපට වැටුනද කියලා. ළමා නිවාස වල හැටි එහෙන් මෙහෙන් ආරංචි වෙනවනේ අපිට. (නදී)
ශාන්ත ලාල් Wednesday, 22 October 2014 12:58 PM
ඔය හිගන්නා අම්බලන්ගොඩ අයට අහු උනොත් අබ සරණයි (නදී)
කටුගස්තොට අග්ගදස්සි හිමි Thursday, 23 October 2014 04:39 AM
පෙර භවයන්හි පින් මදි කම නිසා දුප්පත් වී ඉපැදී මෙම භවයේදීත් අකුසල් කරගන්න යාචකයෙක්.(හේ)
චතුර Wednesday, 22 October 2014 03:35 PM
අපි පොඩි කාලෙත් ඔය වගේ අය හිටිය ." තන්නාසි " කියල මට මතක විදිහට.(හේ)
ඉදුනිල් Thursday, 23 October 2014 05:07 AM
මමත් ඔය මනුස්සයාට සල්ලි දීලා තියෙනවා. කොළඹ - හැටන් බස් එකේදි. උස අඩි 5ක් විතර ඇති. මීටපස්සෙ ඔය වගේ අයගේ ඡායාරූපය අරගෙන ෆේස් බූක් එකට දානවා මම. සල්ලි දෙන්නෙ නැහැ (නි)
සිසිර කුමාර Wednesday, 22 October 2014 03:47 PM
ළමයා දෙමාවුපියන්ට භාර දෙන්නේ නැද්ද?(හේ)
අලහාකෝන් Thursday, 23 October 2014 06:24 AM
මේ ළමයාට කාගේවත් පිළිසරණක් නැතිව ගියා.(හේ)
රූපවති Thursday, 23 October 2014 06:31 AM
සමහර විට අපිට නොපෙනෙන දෙයක් මෙතන තියෙනවා .. මේ ඒ දරුවාගේ තාත්තාම විය හැකියි..?(හේ)
රූපවති Thursday, 23 October 2014 06:36 AM
ඒ දරු පැටියව කිරි අම්මාට භාරයට දුන්නා නම් ඇත්තටම මා ඒ දරුවට අනාගත දියුණුවට අධ්‍යාපනයට සියලුම වියදම ලබාදෙනවා ..(හේ)