අම්බලන්ගොඩ දී තුන් හැවිරිදි දරුවකු පැහැර ගත් බව කියන දඹුල්ලේ ලොකු මුදියන්සේලාගේ කමල් නම් යාචකයා රිමාන්ඩ් බාරයට පත් කළ දඹුල්ල වැඩ බලන මහේස්ත්‍රාත් නිලූකා විජේරත්න මහත්මිය ඔහු ද දරුවාද ලබන 12 වැනි දා බලපිටිය මහේස්ත්‍රාත් හමුවට පමුණුවන ලෙස නියෝග කළාය.
දරුවා අනුරාධපුර ළමා නිවාසයකට භාර දීමට ද නියෝග කැරිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කාලයකට අම්බලන්ගොඩින් හිඟමන් නොලැබේ.(හේ)
ළමයා කබලෙන් ලිපට . හිඟන්න ළඟ ළමයා හොඳින් හිටිය බව පේනවා.(හේ)
ඇයි අනේ අර ආච්චි ඉද්දි ළමා නිවාසෙට දැම්මේ පොඩි එකා.? (නදී)
එතකොට හුගක් යාචකයෝ ලග ඉන්නේ හොරකම් කරපු හෝ හිගමන් පිණිස ඉල්ලාගත් බබාලා වෙන්න බැරිද? (නදී)
ලොකු මුදියන්සේලාගේ කමල් ව්‍යාපාරිකයෙක්. හිඟමන සහ හොරකම අද ලාබ ලබන ව්‍යාපාර. (නදී)
අපේ රටේ ළමයින්ට ආරක්ෂාවක් නැහැ. ළමයින්ගේ සුරක්ෂිත භාවයට කිසිම වැඩපිලිවෙලක් නැහැ (නදී)
අනේ මන්ද ළමයා කබලෙන් ලිපට වැටුනද කියලා. ළමා නිවාස වල හැටි එහෙන් මෙහෙන් ආරංචි වෙනවනේ අපිට. (නදී)
ඔය හිගන්නා අම්බලන්ගොඩ අයට අහු උනොත් අබ සරණයි (නදී)
පෙර භවයන්හි පින් මදි කම නිසා දුප්පත් වී ඉපැදී මෙම භවයේදීත් අකුසල් කරගන්න යාචකයෙක්.(හේ)
අපි පොඩි කාලෙත් ඔය වගේ අය හිටිය ." තන්නාසි " කියල මට මතක විදිහට.(හේ)
මමත් ඔය මනුස්සයාට සල්ලි දීලා තියෙනවා. කොළඹ - හැටන් බස් එකේදි. උස අඩි 5ක් විතර ඇති. මීටපස්සෙ ඔය වගේ අයගේ ඡායාරූපය අරගෙන ෆේස් බූක් එකට දානවා මම. සල්ලි දෙන්නෙ නැහැ (නි)
ළමයා දෙමාවුපියන්ට භාර දෙන්නේ නැද්ද?(හේ)
මේ ළමයාට කාගේවත් පිළිසරණක් නැතිව ගියා.(හේ)
සමහර විට අපිට නොපෙනෙන දෙයක් මෙතන තියෙනවා .. මේ ඒ දරුවාගේ තාත්තාම විය හැකියි..?(හේ)
ඒ දරු පැටියව කිරි අම්මාට භාරයට දුන්නා නම් ඇත්තටම මා ඒ දරුවට අනාගත දියුණුවට අධ්‍යාපනයට සියලුම වියදම ලබාදෙනවා ..(හේ)