මිත්තනිය ළඟ සිටියදී අම්බලන්ගොඩ බස් නැවතුම්පොළේදි තුන් හැවිරිදි දරුවකු අනවසරයෙන් රැගෙන ගිය බව කියන දඹුල්ලේ යාචකයා (කමල් හෙවත් කළු මල්ලි ) ලබන 12 වැනිදා තෙක් යළි රිමාන්ඩ් කරන ලෙස බලපිටිය මහේස්ත්‍රාත් අසංග බෝදරගම මහතා අද (28) නියෝග කළේය.
දරුවා වසර තුනක් ගාල්ලේ ළමා නිවාසයත නතර කරන ලෙසත් පාසල් විය එළැඹුණු පසු සුදුසු පාසලකට ඇතුළු කිරීමට පියවර ගන්නා ලෙසත් මහේස්ත්‍රාත් පරිවාස කොමසාරිස්ට නියෝග කළේය.
දරුවාගේ මවට හා පියාට දරුවා බැලීමට අවසර ලැබිණි.ජාන පරීක්ෂණ වාර්තා ඇතුළු වාර්තා උසාවියට ලැබී නොතිබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පව් මේ ළමයා. හරි කෙනා ඉක්මනට හොයල ඉක්මනට බාර දෙන්න, අතිගරු ජනාධිපතිතුමාවත් මැදිහත් වෙන්න කියලයි මම නම් ඉල්ලන්නේ. (ර)