2006 ජූනි 13 වැනි දා කැබිතිගොල්ලෑවේ යකා වැවදී ලංගම බසයකට බෝම්බ තබා ගැමියන් 68 දෙනකු මරා දැමූ සිද්ධියේ වරද පිළිගත් මුතූර් කිලිවෙඩ්ඩියේ තංගනගර්හි කොටි සාමාජික මහලිංගම් මුත්තුලිංගම් නොහොත් ඉන්ද්‍රන්ට (43) වසර පහක සිර දඩුවමක් අද නියම විය.
උතුරුමැද සිවිල් අභියාචනා මහාධිකරණ විනිසුරු ඛේමා ස්වර්ණාධිපති මහත්මිය නඩු තීන්දුව ප්‍රකාශයට පත් කළාය.
ඔහුට එරෙහි චෝදනාව වූයේ බසයක් එන බවට ගසක් උඩ සිට සංඥා කිරීමයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අමෙරිකාව නම් විදුලි පුටුවට යවනවා අනිවාරයෙන් ?(නදී)
කොටින්ටත් උන්ගේ අපරාධ වලට සහය දුන් අයටත් නියම දඩුවම් නොදීමේ විපාකය ශ්‍රී ලංකාව දැනටමත් විදිනවා. (නි)
අහෝ පදුමන් නොදුටු දඟ ගෙය (ස)
68 දෙනෙක් මරලත් අවුරුදු 5 යිද ? එක් කෙනෙකු වෙනුවට දවස් 26 යි. හරි ලාබයි නේ ? (ස)
කෙනෙක් මැරුවත් මරන්න උදව් කරත් එක හා සමානයි. 68දෙනෙක් ජීවිත නැති කලට වසර 5 ද සිර දඩුවම...?ඇයි අනේ ඔච්චර ලොකු දඩුවමක් දුන්නේ.පුදුමේ දැන් මෙතන මරුනේ මදුරුවෝද,මනුස්සයෝද කියලා. (ස)
බොහොම මදි.25 ක් වත් දෙන්න ඕනෙ. (ස)
මානව හිමිකම් කාරයෝ මේකට මොනවා කියාවිද දන්නේ නැහැ . ගහක නැගපු මිනිහෙක් හිරේ දැම්ම කියලා. (ස)
මේ තරම් ම්ලේච්ච අපරාදයකට උදව් වුනු යුද්දයට කිසිසේත් සම්බන්ද නැති අහිංසක ළමා ළපටින් ගම්වැසියන් අමු අමුවේ මරා දමපු සිදුවීමකට ඍජුව හවුල් උණු මොහු වසර පහකින් නිදහස්ව එළියේ? (නදී).
දඩුවම කොහෙත්ම ප්‍රමාණවත් නැහැ. (නදී)
දොඩන්ගොඩ ...ඔව් තණකොළ කපන්න ගහට නැග්ග මිනිහව හිරේ දැම්ම කියලා පිල්ලෙලා ලෙඩක් අදීවිද?? (ස)
ඔත්තුව දීලා තියෙන්නෙ ගහක් උඩ ඉදලයි.බිම ඉදලා දුන්නනම් නියම දඩුවමක් දෙන්න තිබුනලු. (ස)
අහිංසක මිනිසුන් 68 දෙනෙක් මරන්ට උදවු කළා නේද? (නදී)
මිනිස් ආත්මයක් ආයේ මේ අයට ලැබෙනේ නැහැ....අරන්තලාවේ හාමුදුරුවරු අපවත් කල අය විතරද ඇමතිකම් කරන්නේ ... (ස)
ලොකු කොටින්ට නඩු නැද්ද? (නි)
68ක් මැරුවා නේද? (නදී)
මේ වගේ කොටින්ට තමයි සුදු වෑන් තිබෙන්නේ. හරිනම් නැගලා හිටපු ගහේම එල්ලන්නයි වටින්නේ. ජිවිත 68 ක් කියන්නේ සුළු පටු දෙයක්ද ? පවුල් කීයක් අනාථද? (නි)
අදම ඔය වාර්තාව පිල්ලේ නෝනට පෙන්වන්න. අහිංසක මිනිසුන් මරල මානව හිමිකම් උල්ලංගනය කිරීමට එරෙහිව එයා නිසි පියවර ගනීවි.(නදී)
අපෝ ඕක මොක්කද අපේ හාමුදුරුවන්ව අරන්තලාවෙදි ඝාතනය කරපු කරුණා ඔය පාර්ලිමේන්තුවේ ඉන්නේ යස අගේට. (නදී)
හරි පුදුමයක් එතකොට ත්‍රිකුණාමලයේ කොටි සන්නද්ද නායකයා පදුමන් සාමාන්‍ය වැසියන් සහ හමුදා සෙබළුන් සැහෙන ගානක් මරලා නිදහස් වුනේ කොහොමද?(නදී)
ගහක් උඩ ඉඳන් අතක් වැනුවට අවුරුදු පහක්. මානව හිමිකම් කඩවීමක් වෙලා මෙතන. පිල්ලේ නෝනාට කියමු. අපේ විදේශ මුදල් වලින් යැපෙන සංවිධාන කාරයන්ට කියමු මේක. (ස)
මෙයද නීතිය? (නි)
මේ මනුස්සයට මරන්න ඕනෑකම තිබුනද? ඔත්තු බලන්න ලැබුණු අණ පිළිපැද්දා පමණද කියලා දන්නේ නැහැනේ. තමන්ගේ පෞද්ගලික ඕනෑකමට මිනිස්සු මරන එකයි, යම්කිසි සංවිධානයක පොදු අවශ්‍යතාවයට මිනීමරන එකයි අතර වෙනසක් තිබෙනවා. ත්‍රස්තවාදී සංවිධානයක සාමාජිකයකුව සිටීම නිසා පුනරුත්තාපනය කරන්න යැව්වා නම් තමයි වඩා හොඳ. (නි)
කොටි නඩු අහලා අපිව හිරේ යවන කාලය වැඩි දුරක නැහැ. (නි)
එතකොට අර අරන්තලාවේ අපේ හාමුදුරුවෝ සිය ගානක් මරපු, තව අපේ පොලිසියේ කට්ටිය වෙඩි තියලා මරපු, සිංහල ගම් වලට ගහලා අපේ සිංහල මිනිස්සු සිය ගණන් මරපු අයට දුන් දඩුවම කුමක්ද? (නි)
මේවා අහපුවම ලංකාව ගැන දුකයි මොනවා කරන්නද ආසියාවේ ආශ්චර්ය නේ දැන් ලංකාව.(දිල්)
එයාට ඇමති කමක් දීලා මිනිස්සුන්ට ඒවාට වන්දි ගෙවන්න කියල තමයි දඬුවම. කොහොමද අපේ ලොක්කන්ගේ මොලේ?.(නදි)
නීතියෙන් ලැබූ දඩුවම් කෙසේවෙතත් කළකම් පලදෙනවා මෙලොදීම. (නි)