යුක්රේනය නේටෝ සංවිධානයේ සාමාජිකත්වය ලබා ගැනීමට උත්සාහ කළහොත් නිශේධ බලය භාවිත කරමින් එම උත්සාහය අවහිර කිරීමට කටයුතු කරන බව ස්ලොවේකියානු අග්‍රාමාත්‍ය රොබර්ට් ෆිකෝ ප්‍රකාශ කළේය.
යුක්රේනයට නේටෝ සංවිධානයේ සාමාජිකත්වය ලබා ගැනීමට අවස්ථාව දීම තුන්වැනි ලෝක යුද්ධය ආරම්භ කිරීමට අත වැනීමක් බවද අග්‍රාමාත්‍යවරයා පැවැසුවේය.
යුක්රේනය නේටෝ සංවිධානයේ සාමාජිකයකු වුවහොත් නේටෝ සංවිධානයට රුසියාව සමඟ යුද වැටීමට සිදුවන බවද අග්‍රාමාත්‍ය ෆිකෝ ප්‍රකාශ කළේය.එසේම නේටෝ සංවිධානය යුක්රේනයට අවි සැපයීම නතර කළ යුතුය යන ස්ථාවරයේ සිටින බවද අග්‍රාමාත්‍යවරයා පැවැසුවේය.
යුක්රේන සංචාරයට පෙර පෙරේදා(20) අග්‍රාමාත්‍යවරයා මෙම අදහස් ප්‍රකාශ කර ඇත.තමන් යුක්රේනයේ සංචාරය කරන්නේ මානුෂීය ගැටලු පිළිබඳ සාකච්ඡා කිරීමට බවද අග්‍රාමාත්‍ය ෆිකෝ සඳහන් කළේය.යුක්රේනය යුරෝපා සංගමයේ සාමාජිකත්වය ලබා ගැනීම සම්බන්ධව විරුද්ධතාවයක් නැතත් ඒ සඳහා මූලික අවශ්‍යතාවයන් යුක්රේනය සපුරා ලිය යුතු බවද ඔහු පැවැසුවේය.සාමාජිකත්වය ලබා ගැනීමේ මූලික අවශ්‍යතාවයන් සපුරා නොමැති රටක් යුරෝපා සංගමයේ සාමාජිකත්වය ලබා ගැනීම පිළිගත නොහැකි බවද අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
(විමුක්ති එස් රුද්‍රිගු)
2025 දෙසැම්බර් මස 18
118
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
146
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
949
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
යුක්රේනයට එරෙහිව නිශේධ බලය
අපේ සහයෝගය අග්‍රාමාත්‍ය ප්‍රීකෝ රොබට් මැතිතුමාටට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධානයේ සභාපති ශ්‍රී ලංකාව Tuesday, 23 January 2024 04:46 AM
අපි ඔබට සහාය වෙන්නෙමි