‘මට පිත්ත දුන්නේ ජනාධිපති මෛත්‍රි පාර්ලිමේන්තුවෙන් සමහරු හොද හොද යෝකර් පන්දු එවනවා ඒත් මා අවුට් කරන්න ලේසි නැහැ‘ යැයි ඌව මහ ඇමැති චාමර සම්පත් දසනායක මහතා ඌව පළාතේ ඌණ සේවා උපාධිධාරින් 110 දෙනෙකුට ගුරු පත්විම් හා කාර්මික නිලධාරි පත්විම් ලබාදෙමින් පැවසීය.
‘කෙනෙක් කීවා මේ ඌණ සේවා රැකියා දෝලනය වුණා කියලා. අපිත් දෝලනය වුණා. ජනවාරි 8 වැනිදා අපිත් දෝලනය වුණා. දෝලනය වෙලා අපේ විකට් එක ගැලවිලාම ගියා. මෙතන ඉන්න සෙන්දිල් තොන්ඩමන් ඇමතිතුමාගේ ,මගේ, කුමාරසිරි රත්නායක මැතිතුමාගේ විකට් එක ජනවාරි 14 වැනිදා ගියා ,දෝලනය වෙලා වැටුණ පන්දුවක් අපේ කකුලේ වැදිලා එල් .බී. ඩබ්ලිව්. වුණා. අපි ටික දෝලනය වෙලා එළියට ගියා. දෙවැනි ඉනිම කොයිවෙලාවෙද ගහන්න හම්බවෙන්නේ කියලා බල බලා හිටියා. ජනාධිපතිතුමා දෙවැනි ඉනිම ගහන්න කියලා බැට් එක දුන්නා. ඉතිං ඒ වේලාවේ මේක දෝලනය නොවුනානම් ඔයගොල්ලක් තවම දෝලනය වෙනවා‘ යැයි ද මහ ඇමැතිවරයා කීය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බලමුකෝ ළඟදීම මොකද වෙන්නේ කියලා (නි)
හිතේ තියාගෙන ඉන්නේ එහෙමද? (නි)
යෝකර් නෙමෙයි ළගදීම බවුන්සර් එන්නේ ඔබලාගේ මුණ කට ගැලවිලා යන්නම (බ)
අපි නෝබෝල් එකක් දාන්න හදන්නේ (බ)
ඇයි එතුමා පන්දුවට පහරදෙන පිත්ත පළල වැඩිද නොදැවී ඉන්න? (නි)
මේ කතා අහලා අහලා දැන්නම් තිත්තවෙලා (නි)
හරිම ලස්සන කතා අප්පා! (නි)