ඝාතනයට හා අතුරුදහන්කිරීම්වලට ලක් වූ මාධ්‍යවේදීන්ට යුක්තිය ඉටු නොකර ජනමාධ්‍ය සහ සමාජය රැවටීමට ජනාධිපතිවරයා උත්සාහ කරන්නේ නම් ප්රශ්නය බේරාගැනීම සඳහා ජාත්‍යන්තරයට වුව යාමට නොපැකිළෙන්නේ යැයි ශ්‍රී ලංකා වෘත්තිය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය පවසයි.
ශ්‍රී ලංකා වෘත්තිය ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ සභාපති ලසන්ත රුහුණගේ මහතා මෙම අදහස් පළ කළේ අතුරුදන් කරන ලද හා ඝාතනය කරන ලද සියලු මාධ්‍යවේදීන්ගේ සිදුවීම් සම්බන්ධයෙන් ජනාධිපති කොමිසමක් පත්කරන්නැයි ජනාධිපතිවරයාට බල කරමින් තැපැල් පත් යැවීමේ වැඩපිළිවෙලක් ආරම්භ කරමිනි.
යහපාලන ආණ්ඩුව බලයට පත්කිරීමට සිය සංවිධානය ද කැප වී කටයුතු කළ නමුත් මේ වනවිට ජනමාධ්‍යවේදීන්ට යුක්තිය ඉටුකරගැනීම සඳහා වූ බාධා සම්බන්ධයෙන් කතිකා කිරීමට සාකච්ඡාවක්වත් ලබා නොදෙන තත්ත්වයට ජනාධිපතිවරයා පත්ව ඇතැයි රුහුණගේ මහතා කීවේය.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දෙවන රූපයේ ඉන්න කාන්තාව ගැන දුකයි නමුත් ඔබගේ ස්වාමියා මේ රටත් එක්ක පුදුම තරහක් තියෙන කෙනෙක් කියල ඔහුගේ ලිපි වලින් මම නම් දැක්ක.(ම)
අපේ අහවල් වගකිවයුත්තා මේ දවස්වල තණකොළ පිට්ටනි වලට සිංහල නම් දාන්න වෙහෙසන නිසා කාර්යබහුලයි (නි)
ඇසළ රට ආරක්ෂා කරන්නේ ත්‍රිවිධ හමුදාව,ජාතිය ආරක්ෂා කරගන්න ඕන ඒ ඒ ජාතීන්ට අයත් මහා ජනතාව,ආගම ආරක්ෂා කරන්න ඉන්නේ සන්ග්යවහන්සේලා.පිට රට ගිහින් ඒ රටවලින් උදවු ගත්ත පලියට ඒක රට පාවාදීමක් වෙන්නේ කොහොමද? (බ)
මෙතන හොරුන් සහ අපරාධකරුවන් ආරක්ෂා කරන්නේ යූඇන්පී එක විසින්. මහ බැංකු වංචාව වහන්න අගමැති සහ යූඇන්පි දරන උත්සාහය හොඳ උදාරණයක්. නමුත් මෛත්‍රී ජනපතිතුමා මේවා ගැන අහක බලං ඉන්නෙක තමයි කනගාටුයි. (බ)
යුද්ධයට තිබු බාධක ඉවත්වීම ගැන මගේ නම් තියෙන්නේ සතුටක්. (නි)
කොහොමද දැන් සැපද? "ගිය නුවණ ඇතුන් ලවාවත් අද්දවාගන්න බැහැ" (නි)
ජාත්‍යන්තරයට ගෙනයන්නේ නැතුව අද කාලේ මොකුත් විසඳගන්න බැහැනේ (නි)
රට, ජාතිය, ත්‍රිවිධ හමුදාව පාවාදීපු සිංහල කොටිත් අපි අතරම ඉන්න බව සමහර අදහස් වලින් පේනවා. (නි)
ජාත්‍යන්තරයට යාම මෙන්ම ජාතිය පාවාදීම කළවුන් අපමණයි. අදටත් ජාතිය වෙනුවෙන් කටයුතු කරනවයි කිවූ ජාති හිතැති කියා ගත් එවුන් විදේශ ගත වී තම ජාතිය පවා දෙමින් බඩ ගොස්තරය රැක ගන්න බවට සාක්ෂි ඕන තරම් තියනවා.අපට අවශ්‍ය වන්නේ තම රට හා ජාතිය පාවා නොදෙන අයයි.(ම)
ඇසළ රට, ජාතිය, ත්‍රිවිධ හමුදාව හැම කුපාඩි වැඩේම වහන්න විකුණගෙන කන්න එපා.(ම)
අතුරා, රට ජාතිය ආගම ආරක්ෂා කරදෙන්නේ ත්‍රිවිධ හමුදාව. පිටරටවල් ගානේ ගිහින් ඒවා පාවාදෙන්නේ මොකක් නිසාද කියලා අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැනේ (නි)
රට ජාතිය ආගම ආරක්ෂා කරන්න යනකොට හැමදෙයක්ම හොයලා බලන්න ගියොත් එය කරන්න වෙන්නේ නැහැනේ. බඩගොස්තරය රැකගන්න ඕනෑ පාවාදීමක් කරන අය අතළොස්සක් ඉන්නකොට වැඩිය හිතන්න ඕනෑ ඒ අය ගැනද නැත්නම් රට ජාතිය ආගම ගැනද කියලා හිතන්න වෙනවා (නි)
රට ජාතිය අනිත් රට වලට පාවානොදෙනු! (නි)
වෙන කොහේ යන්නද? ජාත්‍යන්තරය දැන් මෙහේනේ! (නි)