මඩකලපු කොළඹ දුම්රියේ හබරණ පළුගස්වැවදී අලි දෙන්නකු හැපී එක් අලියකු තුවාල සහිතව දුම්රිය මාර්ගය අසළ වැටී සිටි බවත්, අනික් අලියා තුවාල සහිතව කැලෑ වදින්නට ඇති බවත් වනජීවී නිලධරයෝ කියති.
මඩකලපු කොළඹ දුම්රියේ හබරණ පළුගස්වැවදී අලි දෙන්නකු හැපී එක් අලියකු තුවාල සහිතව දුම්රිය මාර්ගය අසළ වැටී සිටි බවත්, අනික් අලියා තුවාල සහිතව කැලෑ වදින්නට ඇති බවත් වනජීවී නිලධරයෝ කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෝ , ලොකු ගනනක් වියදම් කරලා හදපු අධි තාක්ෂනික කැමරාව.(නදී)
මේ විදිහට ගියොත් ලංකාවේ අලි වඳ වෙන්ඩ වැඩි කාලයක් යන්නේ නැහැ. රජයේ වගකිවයුතු පුද්ගලයන් මේක ගැන ඉක්මන් තීරණයක් ගත යුතු වෙනවා. වන ජීවි දෙපාර්තමේන්තු නිලධාරීන් මීට වඩා උනන්දු වෙලා මොකක් හරි මේකට කාර්යක්ෂම විසදුමක් ගන්න ඕනෑ මිසක් නිකන් පුටු රත්කර කර ඉඳලා මේවට විසදුම් හොයන්න පුලුවන්ද? (නි)
නිසැකවම රියදුරුගේ නොසැලකිල්ල. පාර දිහා බලාගෙන ගියා නම් මෙච්චර ලොකු සත්තු දෙන්නෙක් දකින්නේ නැද්ද? නලාව ශබ්ද නොකළේ ඇයි? අනේ මෙහෙමත් මිනිස්සු.(නදී)
දුම්රිය හදිසියේ නවත්වන්නවත් යන මාර්ගය වෙනස් කරන්න පුළුවන් දෙයකුත් නොවෙයිනේ. මේ සත්තු පාර අයිනේ ඉදලා කලබලයෙන් පර හරහා පැන්නද දන්නේ නැහැ. පිට රටවල වගේ මාර්ග දෙපස වනසතුන්ට අරාක්ෂක වැටවල් හැදීම විසදුමක් ලෙස දකිමි. (නි)
අලින්ට අපල කාලයක් මේක. කවුරුත් මේ සතුන්ගේ ආරක්ෂාවට නිසි පියවර ගන්නේ නැහැ. ඉදිරි පරම්පරාවලට වැඩිකල් නොගොස් අලි බලන්න වෙන්නේ සූ එකෙන් පමණක් වේවි මේ යන විදිහට අලි මැරෙන්න ගියොත්.(නදී)
මේ සදහා කළයුත්තේ දුම්රිය මාර්ග නැති කැළෑ ප්‍රදේශවලට අලි යැවීමයි. උදා;යාලට (නි)
සතුන්ට තියෙන කැලේ අපේ කට්ටිය අල්ල ගත්තහම එයාලට ඉඩ නැතිව යනවා. (ස)
පසු ගිය අවුරුද්දෙත් මේ කාලයේදීම මඩකලපුව - කොළඹ සීඝ්‍රගාමී දුම්රියට අලියෙක් බිල වුණා. දිවුල්වැව දී ඊට පස්සෙත් ඒ විදියටම අලි 4 දෙනකු පමණ මියගියා. මේ සීඝ්‍රගාමී දුම්රිය ඊට පස්සේ පැය 5 පමණ පරක්කු වුණා. ඒ නිසා මේ සීඝ්‍රගාමී කතාවෙන් වැඩක් නැහැ. කැලේ ඉන්න සතුන් මරලා මගීනුත් රස්තියාදු කරනවා. ඒ නිසා මේ හරියේදී වේගය ඉතාම අඩු කරලා නලාව ශබ්ද කරගෙන යන්න උපදෙස් දෙන්න දුම්රිය රියදුරන්ට. (ස)
මෙයට හොදම විකල්පය සතුන් ජිවත්වන ස්ථාන හරහා ගමන් කරන දුම්රිය හා මහා මාර්ග කණු උඩ හදන තාක්ෂණය භාවිතා කිරීමයි. (ස)
කණගාටුදායක සිදුවීමක්. දුම්රිය රියදුරුගේ නොසැළකිලිමත් බව නිසා සිදුවූවක් විය හැකියි.(දී)
මේ නැතිවෙන්නේ අපේ රටේ අනාගතයයි. අලි ගහණය දැන් අපේ රටේ හුඟක් අඩු වෙලා.අලින්ට වැඩිපුර කැළෑ හදන විදිහක් කල්පනා කළොත් නරකද, මුහුද ගොඩ කරලා හරි. ඒ වගේ වැඩකට අපේ පුර්ණ සහයෝගය. (නි)