IMG-LOGO

2025 ජුලි මස 01 වන අඟහරුවාදා


යකඩ යකාගේ වතගොත කියන දුම්රිය කෞතුකාගාරය

2016-07-04-ent-45

2016-07-04-ent-35

"අඟුරු කකා වතුර බිබී කොළඹ දුවන යකඩ යකා" යන්න දුම්රිය පිළිබඳව ශ්‍රී ලංකාවේ අතීතයේ මෙන්ම වර්තමානයේද ජනප්‍රිය තේරවිල්ලකි. එලෙස අඟුරුවලින් ජවය ලැබූ යකඩ යකා සිය නවතම ජව මාධ්‍යය ලෙස ඩීසල් තෝරාගත්තද, ශ්‍රී ලංකාවේ ජනයා එදා මෙන්ම අදත් වෙනසකින් තොරව දුම්රියට ආදරය කරනුයේ ශ්‍රී ලංකවේ මගී ප්‍රවාහන මාධ්‍ය අතරින් ප්‍රමුඛස්ථානයක් එයට හිමිවන බැවිනි.

කෙසේ වෙතත් යටත්විජිතභාවයේ ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකාවට ලැබුණු දුම්රියේ ඉතිහාස කතාව දැනගැනීමට ඇති අඩුව පුරවාලමින් ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව මගින් පසුගිය 2014 වසරේ දෙසැම්බර් 27 වැනිදා අංගසම්පූර්ණ දුම්රිය කෞතුකාගාරයක් කඩුගන්නාවේදී විවෘත කරන ලදී. අද අප ඔබට තොරතුරු ගෙනෙන්නේ ඒ පිළිබඳවය.

කොළඹ මහනුවර ප්‍රධාන මාර්ගයේ ආසන්නයේ කඩුගන්නාව දුම්රිය ස්ථානයට යාබදව පිහිටා තිබෙන මෙම දුම්රිය කෞතුකාගාරයේ ඇති විශේෂත්වය වන්නේ අඩු ඉඩකඩකින් වැඩි දැනුම් සම්භාරයක් ලැබෙන පරිදි නිර්මාණය කර තිබීමයි. විශේෂයෙන් අක්කරයක පමණ කුඩා වපසරියක පිහිටුවා ඇති මෙම කෞතුකාගාරය එහි ඉඩ ප්‍රමාණයටත් වඩා නරඹන්නන් ඇදබැඳ තබාගන්නා ස්ථානයක් කිවහොත් නිවැරදිය. විශාල දුම්රිය එංජිමේ සිට රේල් පීලි එකිනෙක සවි කිරීමට යොදාගන්නා කුඩා බෝල්ට් ඇණය දක්වා විවිධ අංග මෙහි අන්තර්ගත වීම විශේෂත්වයකි. කෙසේ නමුදු දුම්රිය කෞතුකාගාරයක් ලෙස හැඳින්වුවද, මෙහි ඇති ඇතැම් උපකරණ අදටද දුම්රිය සේවයේ භාවිතාවේ පවතී. එමෙන්ම මෙහි පැමිණෙන පුද්ගලයන්ට ශ්‍රී ලංකාවේ විවිධ භූ විෂමතා කලාපවල දුම්රිය ධාවනය පිළිබඳ අවබෝධයක් ලබාගත හැකි දුම්රිය කුඩා අනුරූ කිහිපයක්ද මෙහි දක්නට ඇත.

 

සටහන/ ඡායාරූප - ඕෂිත වරකපිටිය

 

2016-07-04-ent-29
2016-07-04-ent-30
2016-07-04-ent-31
2016-07-04-ent-32
2016-07-04-ent-33
2016-07-04-ent-34
2016-07-04-ent-36
2016-07-04-ent-37
2016-07-04-ent-38
2016-07-04-ent-39
2016-07-04-ent-40
2016-07-04-ent-41
2016-07-04-ent-42
2016-07-04-ent-43
2016-07-04-ent-44
2016-07-04-ent-46
2016-07-04-ent-47
2016-07-04-ent-48
2016-07-04-ent-49
2016-07-04-ent-50

 



අදහස් (0)

යකඩ යකාගේ වතගොත කියන දුම්රිය කෞතුකාගාරය

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 490 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 103 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 302 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site