දංකොටුව බුජ්ජම්පොළ දී මරා වෑන් රියක දමා පුළුස්සා තිබබෙව කියන සිරුරු පහ සම්බන්ධ පශ්චාත් මරණ පරීක්ෂණය අද (14) මීගමුව මහ රෝහලේදී පැවැත්වේ.
රියදුරු බව කියන නේවි කපිල නොහොත් කපිල සෙනරත් බණ්ඩාරගේ සිරුර ඔහුගේ බිරිය හා ඥාති පුත්‍රයෙක් විසින් හඳුනාගනු ලැබූහ.
කපිලගේ දකුණු පාදයේ තිබූ ආබාධයක් හේතුවෙන් සවිකළ යකඩ පතුරකින්ද ඔහුගේ ගෙළේ තිබූ සුදු යකඩ මාලයකින්ද හඳුනාගැනීමට ඔහුගේ බිරිය හා ඥාති පුත්‍රයා සමත්වූහ.
මළ සිරුරුවල එක්ස් රේ පරීක්ෂණයක්ද සිදුකළ අතර දංකොටුව පොලිසිය මරණ පරීක්ෂණයට සහාය විය.
පන්නල මාකදුර පදිංචිව සිටි නේවි කපිල හා ඔහුගේ සහයකයන්ගේ දැවී ගිය සිරුරු සියුම් ස්කෑන් පරික්ෂණයකට ලක්කර හඳුනා ගැනීමට උත්සහ කරන බව මීගමු රෝහල් ආරංචි මාර්ග කියයි.
![IMG_0013[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/03/IMG_00131.jpg)
![IMG_0008[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/03/IMG_00081.jpg)
![IMG_0009[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/03/IMG_00091.jpg)
![IMG_0012[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/03/IMG_00121.jpg)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මිනිස් ඝාතන අනුමත කල නොහැකිය. නමුත් මනෝජ් අමිල මේ දුන්නු දඬුවම කප්පම් ඉල්ලන්න එන අයට ඔක්කොටම හොඳම හොඳ පාඩමක්. දුක් මහන්සියෙන් හම්බකරන සල්ලි රටේ ඉන්න කප්පම් කාරයන්ට දෙන්න කව්ද කැමති වෙන්නෙ. (ර)
කවුරුත් කාටවත් කරදරයක් නොවෙන්න ජීවත්වෙන්න පුරුදුවෙන්න ඕනෑ (ම)
මේ වගේ බියගුළු පාතාල මැරයන්ට අත්විය යුතු නියම දඩුවම ඔය ක්‍රමේ කියා මා හිතනවා.මිනිසුන් බියවද්දමින් පෝෂණය වන මෙවැනි අය තුරන් කළ යුතුය. (ම)
මේවට පොලිසියට බැනල වැඩකුත් නැහැ... (ම)
තාබෘෘ සිල්වා ඔය හරියටම හරි. කොහෙන් හරි මේවගේ අයට දඬුවම් ලැබිය යුතුයි. (ර)
මේ හමුදා සොල්දාදුවාට ඇත නොතබනු කියලා, එහෙම නැත්තම් රණවිරු දඩයම කියලා කව්රුවත් කියයිද දන්නේ නැහැ. (ර)
මේක හොද වැඩක් . වැඩේ හරියටම කරලා තියෙනවා. (ර)
කප්පන් කාරයන් රටට බෝකළේ පොලිස්සියයි දෙස්පාලුවනුයි (අ)
කව්රු කළත් හොද වැඩක් , කප්පම් කාරයෝ මරන්නම ඕන , මොකද අපේ රටේ නීතිය කප්පම් කාරයන්ට යට වෙලා තියෙන්නේ .මම නම් කියන්නේ අර අහිංසක ව්‍යාපාරිකයා නිදොස් කොට නිදහස් කරන්න ඕන , (බ)
ලංකාව පුරාම ඉන්න කප්පම් කාරයොන්ට මෙන්න නියම දඩුවම ....නියමයි (බ)
නීතිය බල්ලට ගිය රටක මංජු කර වැඩේ හරියටම හරි. පොලිස්සිය විසින් කළයුතු දේ තමයි මංජු කළේ. මෙය හරියටම හරියන්න පසුගිය මස කපිලට ඇප දුන්න අයත් මෙම වැන් එකට දමලා පත්තු කරන්න තිබුනේ. ඒවගේ නීතිය ක්‍රියාත්මක කරන රටේ සමාජය ඇතුලාන්තය නොදත් නිල දරුවන්ට පුහුණුව ලබා දිය යුතුයි.තවත් මෙවැනි අය සිටිනවා නම් ඇප අවලංගු කර ඇතුලට දැමිය යුතුයි. (බ)
කව්රු කළත් හොද වැඩක් , කප්පම් කාරයෝ මරන්නම ඕන , මොකද අපේ රටේ නීතිය කප්පම් කාරයන්ට යට වෙලා තියෙන්නේ .මම නම් කියන්නේ අර අහිංසක ව්‍යාපාරිකයා නිදොස් කොට නිදහස් කරන්න ඕන (බ)
මනුස්ස ඝාතන අනුමත කරන එක හොද නැහැ. නමුත් ඔය කියන නේවි කපිල හොද පුද්ගලයෙක් නොවෙයි කප්පම් දුෂණ නඩු තිබෙන ඇප මත නිදහස ලබා එලියට අාපු කෙනෙක්...කවුරු කළත් වැඩේ නියමයි අවි ගත්තෝ අවියෙන් විනාශ වෙන්න ඕනේ (බ)
කප්පම් කල්ලි සහ මැරයින් කිසිම අනුකම්පාවකින් තොරව විනාශ කර දැමිය යුතුයි. (අ)