ගිනි අවි දෙකක් අතැතිව ඉරිදා (09) සවස පාදුක්ක වටරැක ගොඩනැගිලි ද්‍රව්‍ය අලෙවි හලක් කොල්ලකෑමට පැමිණි  කොල්ලකරුවන් දෙදෙනා සීසී ටීවී දර්ශන ඇසුරෙන් හදුනාගෙන ඔවුන් පිළිබදව තොරතුරක් ලබා දෙන්නෙකුට විශේෂ ත්‍යාගයක්  දීමට තීරණය කර ඇතැයි පාදුක්ක පොලිසිය පවසයි.

පාදුක්ක වටරැක 20 කණුව මංසන්ධියේ පිහිටි ගොඩනැගිලි ද්‍රව්‍ය අලෙවි සලට මුහුණු ආවරණය වූ හිස් ආවරණ පැළද පැමිණ අහසට සහ වට පිටාවට වෙඩි තබමින් රුපියල් ලක්ෂ හතරකට ආසන්න මුදලක් මංකොල්ල කා පලා ගොස් ඇතැයි ද පොලිසිය කියයි.

මේ  පිලිබදව තොරතුරක් වෙතොත් පාදුක්ක පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක බිමල් පෙරේරා මහතාට දුරකථන අංක 0777554184 හෝ 0112 859110 මගින් දැනුම් දෙන ලෙස පොලිසිය දන්වා සිටියි.

vlcsnap-2014-11-10-09h36m26s147