යකඩ තීරුබදු රහිතව පිටරටින් ගෙන්වීමට අවසර දීම නිසා තම ජීවිකාව අනතුරේ යැයි කියමින් සමස්ත ලංකා පරණ යකඩ එකතුකරන්නන්ගේ සංගමය අද (16) කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිට උද්ඝෝෂණයක් කළේය.
පරණ යකඩ කිලෝවකට ලැබෙන උපරිම මිල රුපියල් 15 ක් බව ඔවුහු කියති.
කොළඹ මාර්ග රැසක දැඩි වාහන තදබදයක් ද ඇතිවිය.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යකඩ ඉන්දියාවෙන් ගෙන්වන්නේකෙනා හොයා ගන්න ඕනෑ ඔය උද්ගෝෂණ වැඩක් නැහැ.(ම)
මම නම් හිතන්නේ යම් බලවත් දේශපාලඥයෙක් යකඩ පිටරටින් ගෙන්වා විකුණන බිස්නස් එකක් කරනවා ඇති. ඒකයි ඔය. අපේ රටේම එකතුවෙන පරණ යකඩ ප්‍රතිචක්‍රීකරණය කරලා ගන්නෙ නැතුව පිටරට වලට සල්ලි පොම්ප කරනවා. විශේෂයෙන් ඉන්දියන් යකඩ ලංකාවෙ යකඩ වලට වඩා ඉතාම පහත් තත්ත්වයක තිබෙන්නෙ. නඩුත් හාමුදුරුවන්ගෙ බඩුත් හාමුදුරුවන්ගෙ නිසා ඉතින් අපිට කරන්න කියන්න දෙයක් නැහැ (නි)
මම මේ කල්පනා කළේ මේ යහපාලන ආණ්ඩුවෙන් මොනතරම් නම් නිදහසක් තියෙනවද කියල ඕනෑම කෙනෙක්ට තමන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පාරට බහින්න, මොකද මීට කලින් ආණ්ඩුව කාලේ නම් මෙහෙම එක පිට එක පිට උද්ගෝෂණ කරන්න කාටවත් පුළුවන් වුනේ නැහැනේ . මොකද ඒ කාලයේ කෙනෙක් තමන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පාරට බහිනවා කියන්නේ නැවත ගෙදර යන එක බොරුනේ...(බ)
පවු මේ අහිංසක මිනිස්සු (නි)
ඔය පොලිසියටයි, ගරු අධිකරණයටයි කොකා පෙන්වමින් ඉන්න " යකඩ සුදා " හමුවුනොත් ලංකාවෙන්ම ලාබෙට යකඩ මිලදී ගන්න පුළුවනි. (බ)
එරංග තැලෙන යකඩේ උඩ දාගෙන තලනවලු මිනිසුන්ට ඕනේ දෑන් රජය කියන එලදෙනගෙන් කිරියි මසුයි එකවර ලබාගන්න (බ)
උද්ගෝෂණ කරන මිත්‍රවරුනි,ඕගොල්ලෝ ඉන්න තැනම පිටිපස්සෙන් තියෙන්නේ,අවුරුදු 500ක් පරණ,කිසිම වැඩකට නැති,ගොනා මොඩල් ස්ටේෂන් එක,ලංකාවේ ප්‍රධාන ස්ටේෂන් එක කියල කියන්නත් ලැජ්ජයි, ඔක්කොම එකතුවෙලා ඕක කඩලා කුඩු කරලා දාන්න,එතකොටවත් බලමු මුන් අලුත් විදිහට එකක් හදයිද කියල. (බ)
සාධාරණ ඉල්ලීමක්. (බ)
ඊලගට බෝතල් පත්තර කාරයොත් පෙළපාලි යාවි වගේ .කාර් පෙර්මිට් එකත් ඉල්ලුවානම් (බ)
මේ ආණ්ඩුවට මොනවා වෙලාද ? (බ)
ලංකාවම වැසියනසේ ගෙන්වන වාහන අමතර කොටස් (යකඩ කොටස්) ගෙන්වීම සිමා කළොත් හොඳයි .පංචිකාවත්ත ,රාජගිරිය, දෙල්කඳ, ගම්පොල කුරුණෑගල,ගම්පහ වැනි නගරවල පාර අයිනේ නොවිකිනි ගොඩගසා ඇති බව බලන අයට දැකගත හැක (බ)
මේක රජයේ හොද යෝජනාවක්. හොද දෙයට හොදයි කියන්න ඕන, හැබැයි නියම යකඩ ගෙන්නන්න ඕන, අර කෝටි ගණන් දීල ගෙනත් තියය බාල පාසල් නිල ඇඳුම් වගේ නම් තමයි ප්‍රශ්නය. මේගොල්ල මේවට විරුද්ධව උද්ඝෝෂණ කිරීම නිකම් විහිළු. (බ)
මේ මිනිස්සු ලොකු සටනක් දී ජීවිතය ජයගන්න ගමන් අබලි ද්‍රව්‍ය ඉවත් කිරීමෙන් ලොකු සමාජ මෙහෙවරකුත් කරනවා. මේ වගේ ව්‍යාපාරවලට අකුල් හෙලීම නෙවි කරන්න ඕනේ දිරිදීමයි.කොහෙද ඔක්කොටම වඩා දේශපාලකයින්ට වටින්නේ කොමිස් එකනේ. (බ)
ඔය මන්ත්‍රී කෙනෙක්ගේ වැඩක්, උගේ වෙළදාමක් හරි එ්කාගේ හෙන්චයියකුට දෙන්න ඔතන අහිංසකයන්, කුඩ්ඩන්, වගේම යකඩ හොරුත් ඉන්නවා (බ)
මෙයාලට ආණ්ඩුවෙන් කියලා නැහැනේ පරණ යකඩ විකුණන්න කියලා. මේක එයාලා පුද්ගලිකව විසඳාගන්න ඕනෑ ගැටළුවක්. යකඩ ආනයනයට බදු ගැහුවහම ඉදිකිරීම් කරන්නේ කොහොමද? අපි මොකටද අපේ සල්ලි දීලා මේ පරණ දේ ගන්නේ? (නි)
අපේ රටේ මිනිස්සුන්ට ඕනේ කෑමයි නෑමයි දෙකම.මේ ඔක්කොම ලංකාවේ විතරයි.ලංකාවේ මිනිස්සුන්ට නොමිලේ ලැබෙන දේවල් වැඩියි.අගේ නැත්තේ එකයි.(ම)
මේ මිනිස්සු පව් බව ඇත්ත, එ්ත් ලංකාවේ යකඩ නිෂ්පාදනයට අවශ්‍ය අබලි යකඩ වල හිගයක් තියෙනවා. ලංකාවේ යකඩ කූරු සහ වෙනත් ද්‍රව්‍ය නිෂ්පාදන සමාගම් ඉල්ලා සිටිනවා අබලි යකඩ පිට රටින් ගෙන්වන්න අවසර දෙන්න කියල. මේ දෙකෙන් රටට වාසියක් වෙන දේ මොකක්ද කියල හොදට හිතල බලල තීරණය කළ යුතු වෙනවා. (බ)
එරංග, ඔබ ප්‍රශ්නය දිහා බලන්නේ එක පැතිකඩකින් පමණයි. හිතන්න එදා මිනිසුන්ට එළියට බහින්න තරම් මෙතරම් දැවෙන ප්‍රශ්න තිබුනද? (නි)
යකඩ උණු වුණත් පාලක සිත් උණු වේවිද ? (ම)
මේ අයට යන්න තිබුනේ පරණ යකඩ ටිකකුත් අරගෙන රවී ගේ ගෙදර ගාවටනේ , (ම)
ආරච්චිගේ,අවුරුදු 150 කට වඩා පැරණි ගොඩනැගිල්ලක් සංරක්ෂණය කරනවා හැර එය කඩාබිඳ දැමීම හරිද? (නි)
මම නම් කියන්නේ මේක හොඳ වැඩක්. මොකද ගොඩනැගිල්ලක් හදන්න බැහැ අපිට, යකඩ කපාගෙන යනවා. (නි)
මේගොල්ලෝ එකතු කරන පරණ යකඩ වලින් කාර් එකක් තියා, පරණ බක්කි කරත්ත රෝදයකට යකඩ පට්ටමක් හදාගන්නත් මාස ගණනක් යන නිසානේ රජය මෙවැනි තීරණයක් ගත්තේ. දැන් රටපුරාම තිබෙන ගංවතුරටත් වඩා ඉක්මනට ලෝකය පුරාම විකුණාගන්න නොහැකිව තිබෙන මළ කෑ යකඩ අපේ රටේ ගොඩගැසේවි... (නි)
ගරු ඇමතිතුමනි, මේ උදවියට සවන් දෙන්න (නි)
පාලක හිත් උණු වෙන්නේ ජන්දෙ දවස් වලට. ඔහොම යන් (ම) .
විරෝධතාව කෙසේවෙතත් මෙයාලා හොඳ 'ඩාන්ස්' එකක් දාන බවයි මට නම් පෙනෙන්නේ. (නි)
පරණ යකඩ වලින් නැවත නිෂ්පාදනය කරන යකඩ ගොඩක් දේවල් වලට භාවිතා කළ නොහැක, ලංකාවේ වැඩිම පරිසක් වැඩකරන ඉදිකිරීම් කර්මාන්තයට එ්කට ඉතා යහපත් යෝජනාවක් (බ)
පව් අහිංසක මිනිස්සු. (ර)