අගුණුකොලපැලෑස්සේ යකාගල අක්කර එකහමාරක පමණ පලදාව සහිත පැපොල් වගාවක් කපා විනාශ කැර ඇතැයි අයිතිකරු එම් ඒ සමන්ත පොලීසියට පැමිණිලි කැර ඇත.
පැපොල් වගාව කපා දැමී යැයි කියන පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන සිටි ඔහු ඉඩම අයිතිකරුගේ නෑයෙකි.
පැපොල් ගසකින් සතියකට කිලෝ තුනක පමණ පලදාව නෙළාගනී. පැපොල් ගසක ආයු කාලය වසර දෙකහමාරකි.ඒ අනුව තමන්ට රුපියල් ලක්ෂ කිහිපයක හානි සිදු වු බව ඔහු කියයි.මේ දිනවල අගුණුකොලපැලැස්සේ පැපොල් කිලෝවක මිල රුපියල් 55-60 අතර වෙයි.
කොටහේන දැරියගේ මරණය සම්බන්ධයෙන් ජාතික ළමාරක්ෂක අධිකාරියද වෙනම පරීක්ෂණයක් ආරම්භ කර ඇත.
සෞදි සංචාරය අවසන් කිරීමෙන් පසු, ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කටාර් රාජ්‍යයේ සංචාරය කිරීමට නියමිතය. මෙම සංචාරයේ දී ඇමෙරිකන් ජනාධිපතිවරයාට කටාර්
සිරියානු නව අන්තර්වාර රජයට සහාය පළ කරමින්, ඇමෙරිකාව විසින් එරටට පැනවූ සියලු සම්බාධක ඉවත් කරන බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පැවැසීය. ට්‍රම්ප් මෙසේ පැවැ
ලොව දිළිඳුතම ජනාධිපති යන නාමයෙන් ලොව පුරා ප්‍රසිද්ධියට පත්, ලතින් ඇමෙරිකාවට අයත් බොලිවියා රාජ්‍යයේ හිටපු ජනාධිපති හෝසේ මුජිකා දිවියෙන් සමුගත්තේය. ඔහ
නුවරඑලියේ සිට මඩකලපුව දක්වා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් රෝදයක් ගැලවී අනතුරට පත් වීමෙන් එම බස් රථයේ ගමන් ගත් සිව් දෙනෙකු තුවාල ලබා නුවරඑලිය දිස්ත්‍රික
දෙමටගොඩ ගුවන් පාලම ප්‍රදේශයේදී පිරිසක් විසින් පොලු වලින් පහරදී බරපතල තුවාල ලබා සිටි පුද්ගලයෙකු රෝහල් ගත කිරීමේදී මියගොස් ඇතැයි දෙමටගොඩ පොලිසිය පවසය
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
යකාගල පැපොල් වගාවේ යකා නටලා
දයා අලහකෝන් Thursday, 24 July 2014 05:44 AM
මේ නරුමයට වැඩි දොහක් නොයා සොබාදහම දඬුවම් දේවි. (අ)
ඇසළ Thursday, 24 July 2014 05:53 AM
අරාබියේ වගේ අත් දෙකම මුලින්ම කපන්න තියෙන්නේ ආයිත් ජීවිතේටම පිහියක් අල්ලන්න බැරි වෙන්න. (නදී)
ලුම්බිණි Thursday, 24 July 2014 05:53 AM
වන සිවුපාවන් වැනි මිනිසුන් මැද කොහොම හොඳින් ඉන්නද? (නදී)
සත්‍ය Thursday, 24 July 2014 05:57 AM
ඔය සරුසාර ලැබූ ගස් ටික කපාපු නරුමයාට බොන වතුරත් කන කෑමත් බඩේලිය යන්න ලැබේවා ! (නදී)
ධම්ම Thursday, 24 July 2014 05:59 AM
කපන්න එක පිහි පාරයි. නමුත් හදන්න මොන දහඩියක් හෙලන්න ඇද්ද? නරුම ක්‍රියාවක්. (නදී)
කුමාර Sunday, 27 July 2014 03:30 AM
සොබාදහම මේවට දඩුවන් දේවි (නදී)
හේමන්ත Thursday, 24 July 2014 06:10 AM
උදේ, හැන්දෑවේ, මුළු රාත්‍රිය පුරාම බුදුන්ගේ බණ අහන කෙනෙක් නැතත් බලෙන් අස්සන රටක නේද අපි මේ ඉන්නේ (නදී)
රොෂාන් Thursday, 24 July 2014 06:13 AM
මේවා ඵල දෙන්න ඕනේ කරපු අයට (නදී)
කසුන් Thursday, 24 July 2014 06:27 AM
ලංකාවේ මිනිස්සුන්ට ආවේනික, දියුනුවෙන්න තියන ක්‍රම වලින් එකක් තමයි මේ. (නදී)
පාරා Friday, 25 July 2014 05:11 AM
වැරැද්දට දඩුවම.(අ)
සුසී Thursday, 24 July 2014 06:35 AM
මෙහෙමත් අමන මිනිස්සු (නදී)
සජීව Friday, 25 July 2014 05:52 AM
මීට වැඩිය හොදයි ඒ මනුස්සයව මරල දැම්මනම් (අ) ...
නිලුපුල් Thursday, 24 July 2014 07:12 AM
තම වපුරන දෙයට අනුව ඵලදාව ලැබේ. මෙම සාපරාධී ක්‍රියාව සිදුකළ අයටද මෙලොවදීම එහි විපාකය ලැබෙනු ඇත. (නි)
ශලින්ත Thursday, 24 July 2014 02:06 PM
කොච්චර අමාරුවෙන් වෙන්න ඇද්ද මේ මනුස්සයා මේ ටික වවාගන්න ඇත්තේ? මේ වගේ නරුම වැඩ කරන මිනිස්සුත් ඉන්නවානේ ඇත්තට? (නි)
ලක්මාල් Thursday, 24 July 2014 07:22 AM
හිත්පිත් නැති නරුම ක්‍රියාවක්. ගස් මොනවා කළාටද මෙවන් විනාශයක් කළේ? ඉතාම තිරිසන් ක්‍රියාවක්. දැඩි දඩුවම් පමුණුවන්න. (නි)
පද්මිනී Thursday, 24 July 2014 07:32 AM
දරුවෝ වගේ ආදරෙන් රැක බලාගත්තු මේ වගාව හානි කළ මේ නරුමයට තමාගේම අඹු දරුවන්ටත් මේ දේ කරන්න බැරිවෙයි කියල හිතන්න අමාරුයි. (නදී)
නිශාර්ඩ් ප්‍රීනා Thursday, 24 July 2014 07:33 AM
ඉරිසියාව නමැති සුව කල නොහැකි රෝගයෙන් පෙලෙන අයගේ/අයකුගේ ,මහ පොලොව නුහුලන අපරාධ තමා මේවා. (නදී)
පුබුදු Thursday, 24 July 2014 08:09 AM
බුදුහාමුදුරුවෝ දේශනා කරපු හැමදෙයක්ම ඇත්ත වේගෙනම යනවා. මිනිසුන්ට මිනිසුන් පෙන්නන්න බැරිවෙන කාලය ඉක්මනින්ම උදාවෙනවා වගේ මට දැනෙනවා බුදුහාමුදුරුවනේ. (අ)
ප්‍රියා Thursday, 24 July 2014 08:38 AM
හේමන්ත, බුදුබණ අහන කෙනෙක් නෙවෙයිද දන්නේ නෑ මේක කරලා තියෙන්නේ. (නදී)
අමිල Thursday, 24 July 2014 08:41 AM
හෙන ගහන්න ඕනා මේ වගේ අයට (නදී)
සදජිත් Thursday, 24 July 2014 05:51 PM
පවු! අහිසංක මනුස්සයා වගකළ දේවල් වලට දැන් කවුද වගකියන්නේ? (නි)
දිලිප් Thursday, 24 July 2014 09:20 AM
මීට කලිනුත් මේ වගේම සිද්ධියක් වුනා නේද දකුනේ (නදී)
රෝහණ Thursday, 24 July 2014 09:33 AM
මල්ලි ගොවිතැනක් කරලා වගාව පළ දරනකොට සිතට හරිම සතුටක් වගේම මේවගේ දෙයක් දකිනකොට ඇතිවෙනනේ හරිම කලකිරීමක් දුකක්. නමුත් ඔබ දක්ෂ උත්සහවන්ත තරුණයෙක්. ඔබට එය දරාගෙන ඉදිරියට යන්න හැකියාවක් ඇතිබව මා තරයේ විශ්වාශ කරමි. ඔබට ජය. (නදී)
අාසිරි Thursday, 24 July 2014 09:36 AM
කොහොමද බෞද්ධ සිංහල රටක මිනිස්සුන්ගේ වැඩ (නදී)
සූරියාරච්චි Thursday, 24 July 2014 08:28 PM
ඇයි මිනිසුන් මෙච්චර නරක? (නි)
රසික Friday, 25 July 2014 10:48 AM
වගකිවයුත්තගෙත් ඔය විදියටම කපල දැම්මා නම් හරි. (අ)
නාලි Thursday, 24 July 2014 10:32 AM
අනුන්ගේ දුක තමා සමහර අයගේ සතුට (නදී)
ජයරංග Thursday, 24 July 2014 10:37 AM
මේක සොබාදහමට කරපු අපරාදයක් ඔහුට සොබා දහමෙන්ම වන්දි ලැබෙයි (නදී)
චමින්ද බුලත්සිංහල Thursday, 24 July 2014 10:39 AM
මේ අපරාදය කරපු අයට පඩිසන් දෙන්න ඕනේ (නදී)
රුවන්තිකා Thursday, 24 July 2014 10:56 AM
තිරිසන් මිනිස්සුනේ ඉන්නේ. කොච්චර මහන්සියෙන්ද මේ පැපොල් ගස් හදල තියෙන්නේ. අද තමන්ගේම කියන අයගෙන් තමයි හානි වෙන්නේ (නදී)
තිලා Friday, 25 July 2014 02:14 AM
කුහක රටේ මොන කතාද? මේ වගේ ඉරිසියාව කුහක කම පිරුණු රටක් මේ ලෝකේ නොපවතීවා (නදී)
නිශාන්ත ඩබ්ලිව්.ජි Thursday, 24 July 2014 05:31 AM
මේවා කරන අයට දෙන්න ඕන මරණ දඩුවම. (අ)
රජින්ද Thursday, 24 July 2014 05:33 AM
මේ දිහා බලනකොට පේනවා ලංකාවේ මිනිස්සුන්ගේ ඉරිසියාව හා හැගීම් වලදී තිරිසන් ගති පෙරට වඩා දැන් වැඩියෙන් ඉස්මතුව එන බව.(අ)
දිලූ Thursday, 24 July 2014 05:34 AM
පැපොල් ගස් ටික මොන වරදක් කලාටද අනේ? (අ)