කොළඹ කොම්පඤ්ඤවීදීය මෝගන් පාරේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ වෘත්තිය සමිති පරිශ්‍රයට බලෙන් ඇතුළු වී සේවකයින් කිහිප දෙනකුට පහර දුන්නැයි කියන සිද්ධීයක් සම්බන්ධයෙන් එජාප මන්ත්‍රීන් හතර දෙනකුට හා ජාතික සේවක සංගමයේ දෙදෙනකුට කොළඹ කොටුව මහෙස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා අද (23) නොතීසි නිකුත් කළේය.
එජාප මන්ත්‍රීවරුන් වන රවී කරුණානායක ,ආර් යෝගරාජන් ,අජිත් පෙරේරා හා නලින් බණ්ඩාර යන මහත්වරුන්ට ලබන 27 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස නියෝග නිකුත් කැරිණි.
කොළඹ වරායේ ආරක්ෂක පුහුණු පාසලක දේශපාලන කටයුතු කෙරෙතියි කියමින් එජාප මන්ත්‍රීවරු එහි ගියහ. ඔවුන්ගේ වාහන වලට ගල් මුල් ප්‍රහාර ද එල්ල විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගුටි කාපු කට්ටිය දැන් රෝහල් ගතවෙලත් ඇතිනේ නේද? සාමාන්‍යයෙන් කෙරෙන්නේ නම් එහෙමයි. (නදී)
හා හා අපි හිතපු විදියටම වැඩේ වෙලා ගුටි කාපු එක වැරදි කාරයා (නදී)
මාර වැඩේනේ. දැන් මන්ත්‍රීලා හතර දෙනාට නේද පහර දුන්නේ? හරිනේ මට අමතක උනා මේක ලංකාව කියලා. මොකද හැමදේම කනපිටනේ වෙන්නේ. (නදී)
ඉස්සර ගුටිකාපු අය කිව්වේ අපිම ගහ ගත්තා, අපිම ගස් බැඳගත්තා කියලා. දැන් කියන්නේ, දැන් ටිකක් ඉස්සරහට පියවරක් ගිහින් ආශ්චර්ය දෝරේ ගලනවා කියා (නදී)
'එල්දොරදෝ' සිතු පැතූ සම්පත් ලැබෙන රාජ්‍යය - අපිට ඒ ගැන හිතන කොට දැනෙන්නේ හරි ආඩම්බරයක් (නදී)
වැදගත් නිලතල දරන්නන් හැසිරෙන විදිය ගැන දුකයි (නි)
මේවා ගැන මොනවා කියන්නද? කාට කියන්නද? (නි)
හිනා හිනා හිනා හිනා වෙන්න හිනා. සැබෑව අමතක කර වෙන්න හිනා.... අපේ අර අහවල් තැනට යන ගමන සාර්ථක වේගෙන එනවා හිතුවාට වඩා ඉක්මනින්. (නි)
අපි දැක්කේ නැහැනේ එහෙම කාටවත් ගහනවා. එතකොට අර ගල්ගහපු අයට නොතීසි නිකුත් කළාද? තව අර ධීවරයන්ට ගහපු අයට? අනේ දෙවියනේ! කොහෙද අපේ රට යන්නේ? (නි)
මොකටද වෘත්තිය සමිති කාර්යාලයකට ගියේ? (නි)
එළඹෙන මැතිවරණ ජය ලබනවා කියා එජාප කියනවා නේද ?එයට පසු අඩුපාඩු සොයා ඒවා සම්පුර්ණ කරන්න'(හේ) .
ආසියාවේ ආශ්චර්යය කියන්නේ මේකට තමයි.(හේ)
අනේ මෙයාලා දුක් විඳින තරම් අප වෙනුවෙන්.(හේ)
ඕනේ නැති වැඩ කරන්න ගියපුවාම ඔහොම දේවල් වෙනවා.(හේ)
වැරදිකළ අයට දඩුවම් කරන්නේ ලංකාවේ ! ලංකාවේ!! වැරදිකළ රියදුරන් නිදහස් කරන්නේ එංගලන්තේ ! එංගලන්තේ !! (නදී)
ඉස්සර යු අැන් පිය ඡන්ද කල විදියට ආණ්ඩුවත් කරනවා කියල එයාල හිතන්න ඇති. ඡන්ද අවලංගු කරලා රට පාලනය කරපු අය, හොර ඡන්ද දාපු අය ,පොලිසියෙන් දාල පොස්ටේර් අලවපු මතක ඇත්නේ (නදී)
සුද්දන්ට එන්න කියමු අපේ රට බලන්න කියමු, බලාලා ඉගෙන ගන්න කියමු අපි.... මරු නීතියක් නේ ....(නදී)
අපි මැරී ඉපදුන අය නොවෙයි. යු එන් පිය බලයේ සිටි දේවතාවේම සිදුවූ දේවල් මේවාට අන්තය. ඒ අමිහිරි අතීතය බොහෝ දෙනෙකුට අමතක වෙලා , ආපසු ආවත් ඒවා අනිවාර්යෙන් වෙනවා. හොටු ගෑණි දීලා කැහි ගෑණි ගන්නවා වාගේ (නදී)
කොහොම හරි නොමිලේම හොඳ ප්‍රසිද්දියක් නම් ලැබුණා. ටිකක් ගුටි කෑවාම මොකද. හැබැයි ඉතින් අනික් පැත්තේ අයට මොනවත් නැද්ද එහෙ කරපු දේවල් සාදාරණද? අපේ අධිකරණය සාදාරන නිසා හොඳයි (නදී)
කොච්චර උත්සහ කරත් එජාප නායක රනිල්ට රජ යෝග නැ.(හේ)
මොනවද මහත්තයෝ මේ දාගන්න ප්‍රශ්න? (නි)
බලමුකෝ ඉදිරියට වෙනදේත්... (නි)
වැරැද්දක් කළා නම් දඬුවම් විඳිය යුතුයි (නි)
මේක ලංකාවනේ! (නි)