IMG-LOGO

මෛත්‍රී - චන්ද්‍රිකා සුසංයෝගයෙන් අලුත් සංධානයක්

(මුදිතා දයානන්ද)

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මූලික කරගත් අලුත් සන්ධානයක් ගොඩනැගීමේ සාකච්ඡා සිදුකෙරෙමින් පවතින බවද එහි නායකත්ව මණ්ඩලයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් හිටපු ජනාධිපතිවරුන් වන මෛත්‍රීපාල සිරිසේන මහතා සහ චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය යෝජනා කර ඇති බවට එම පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

නව සන්ධානයද එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නම යෝජනා වී ඇති බවද එහෙත් එහි ලේකම් දූරය සම්බන්ධයෙන් පවතින ගැටලුවක් නිසා පුටුව ලකුණ යටතේ පවතින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නම භාවිතා කිරීමේ වැඩි ඉඩකඩක් පවතින බවද එම ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙම සන්ධානයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, මහජන එක්සත් පෙරමුණ, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය ඇතුලු සන්ධානයේ හිටපු පක්ෂ කීහිපයක් එකතු වීමට කැමැත්ත පළ කර ඇති බවද වාර්තාවේ.

නිමල් ලංසා හිටපු අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ඇරඹි නව සන්ධානයද මෙම සන්ධානයට එක්වනු ඇති බවද වාර්තාවේ.

 



අදහස් (21)

මෛත්‍රී - චන්ද්‍රිකා සුසංයෝගයෙන් අලුත් සංධානයක්

Nadadawa withanage sisira kumara Friday, 26 January 2024 07:50 PM

පරණ මුහුණු අලුතින් එන්න හදන්නේ...! 

:       4       46

Rawana Friday, 26 January 2024 08:14 PM

කලකදී වහලු කලකදී රහ වෙනවාලු...

:       1       15

chinthaka Saturday, 27 January 2024 12:03 AM

වරෙල්ලා වරෙල්ලා, අපි බලාගෙන ඉන්නේ එනකම්... අවුරුදු 75 ක් රටකාලා කාලා තවත් කන්නද? නැහැ අපි මේ සැරේ කවන්නම් මදි නොකියන්නම...!

:       0       0

රටවැසියෙක් Saturday, 27 January 2024 12:18 AM

ඔය පාර්ලිමේන්තුවේ හිටපු කිසිම කෙනෙක් අලුතෙන් පත්වෙන රජයකට සුදුසු වෙන්නේ නෑ. ලංකාවේ නැද්ද හොඳ බුද්ධිමත් මිනිස්සු...? එකම කොටසක්ද මෙරට පාලනය කළ යුත්තේ...?

:       0       10

chandima Saturday, 27 January 2024 03:20 AM

පුතාගේ එංගලන්තයේ බංගලාවේ රෙපෙයාර් එකක්වත් කරන්න ඕනෑ වෙලාද?

:       0       8

Siri Saturday, 27 January 2024 04:05 AM

ඒ ගොල්ලන්ට ලැජ්ජත් නෑ. අපට ලැජ්ජත් නෑ. මාර වැඩක් ලංකාවට වුනේ...!

:       0       9

Aruna Saturday, 27 January 2024 06:51 AM

ලැජ්ජා නැතිකම මහමුදලි කමටත් එහා...!!! කරුණාකරලා දැන් විශ්‍රාමයෙන් ඉන්න අපිට තවත් කරදර නොකර...!

:       0       7

Sara Saturday, 27 January 2024 09:11 AM

නොදකින්...!

:       0       10

S,p,bandara Saturday, 27 January 2024 10:50 AM

ඇපත් නෑ. ඕවාට රැවටුණු වයසක පරම්පරා නෑ...

:       1       13

Kandy Sanath Saturday, 27 January 2024 12:03 PM

මොන සුසංයෝගේ ආවත් මෙදාපාර රටම මාලිමාවට...! ​

:       6       12

gandheeraSunday, 28 January 2024 09:49 AM

හූ හූ... සිහින ජනාධිපති තමයි ඉතින්...!

:       0       0

අරවින්ද මොනරවිල Saturday, 27 January 2024 12:04 PM

චන්ද්‍රිකා, සිරිසේන, රනිල්, මහින්ද සජිත් සියළු දෙනාම හවුලක් හදාගෙන එක පෙරමුණකට ඇවිල්ලා ඡන්ද ඉල්ලන එක රටට හොඳයි. අවුරුදු හැත්තෑ පහක් රට කෑව... නඩය එකට තියලා පරද්දන්න පුළුවන් එතකොට...

:       4       14

abaran Saturday, 27 January 2024 01:11 PM

චන්ද්‍රිකා එයාගේ කාලේදී රටට කරපු කෙන්ගෙඩියක් නැහැ. බොරු කයිවාරු විතරයි තිබුනේ. දැන් විශ්‍රාම ගිහිනුත් අවුරුදු 18 ක් විතර වෙනවා. තවත් එනවා රට හදන්න. මහජනතාව පත්කරපු ආණ්ඩුවක් අවුරුදු දෙකෙන් තමන්ගේ පෞද්ගලික උවමනාවට විසිරවිමේ විපාක තමයි මේ දැන් අපි ගෙවමින් තියෙන්නේ. එනිසා මෙයාව නම් ආයේ සත පහකටවත් විශ්වාස කරන්න එපා. සිරිසේනවත් සතයකට විශ්වාස කරන්න එපා. දැක්කනේ දින 52 ආණ්ඩු පිහිටුවලා රටට කෙලවපු කෙළවිල්ල. නාමල් කුමාරවගේ අය තියාගෙන නටපු විගඩමක්. එනිසා මේ මිනිස්සු දෙන්නාවම ආයේ රට පාලනයට ගාව ගන්නවත් එපා...

:       0       10

sanjaya Saturday, 27 January 2024 10:03 PM

ජාතික ජනබලවේගයට ජයවේවා,මාලිමාවට ජයවේවා !!!

:       0       0

chandani Saturday, 27 January 2024 10:04 PM

අපේ මාලිමාව අපිට හොඳයි. අවුරුදු 70 ක් රටකාපු හැත්තට වඩා...

:       0       0

chinthaka Saturday, 27 January 2024 10:08 PM

චන්ද්‍රිකා නෝනේ, ඒ කාලේ හොරාකාපු සල්ලි ඉවර වෙලාද, ආයෙත් අපිට කෙලවන්න ගත්තේ? ඒවා නම් මේ පාර වානා.

:       0       0

gamunu Saturday, 27 January 2024 10:10 PM

ලංසාගේ සන්ධානයේ ඉන්නේ මිනිහාගේ තාත්තාගේ ගුබ්බෑයමේ අයද?

:       0       0

suranga Saturday, 27 January 2024 10:13 PM

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, එක්සත්ජාතික පක්ෂය, පොහොට්ටුවෝ, මහජන එක්සත් පෙරමුණ, කොමියුනිස්ට් පක්ෂය වගේ පක්ෂවලට ගෑවුණු කාටවත් අපේ ඡන්ද නැත, අපේ මුළු ගමම මාලිමාවට!

:       0       0

Nedakin Sunday, 28 January 2024 12:58 AM

කක්කුස්සි වලවල්වල බැස්සත් මොවුන් ගඳ දරාගෙන ඉන්න පුළුවන් අය... අප්පිරියයි..!

:       0       0

m. saman perera Sunday, 28 January 2024 11:25 AM

මිනිස්සුන්ට කන්න නැති වුණත්, රට වලපල්ලට ගියත් පක්ෂ හදා බඩවඩාගන්න මිනිස්සු...

:       0       0

fairoos Sunday, 28 January 2024 01:16 PM

මෙදාපාර නම් පරණ කාටත් මොන පක්ෂයෙන් ආවත් ඡන්දෙ නැත...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 438 1
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 220 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1937 4
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

Our Group Site