(ආරියරත්න රණබාහු)
හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරසේන මහතාගේ සභාපතිත්වය යටතේ පැවති සමයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අසාධාරණයට ලක්වූ පිරිස් සම්බන්ධයෙන් සොයා බැලීමට පස්දෙනෙකු ගෙන් යුත් කමිටුවක් පත් කිරීමට තීරණය කළ බව එම පක්ෂයේ නව වැඩ බලන මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පැවසීය
එහිදී සොයා බලන කරුණු අතර හිටපු සභාපතිවරයා විසින් අත්තනෝමතික ලෙස දී ඇති ආසන සංවිධායක ධුර ද වේ
අදාළ කමිටුවට අමාත්‍ය මහින්ද අමරවීර රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න සමග වීර කුමාර දිසානායක සහ ෆයිසර් මුස්තාපා යන මන්ත්‍රීවරු ඇතුළත් වේ
එම කමිටුවේ සභාපති ධුරය තමන් විසින් දරන බවද දුමින්ද දිසානායක මහතා පැවසීය
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දේශපාලන මණ්ඩලය මෙම තීරණය ගත් බවද හෙතෙම කීය.
විදේශිකයන් මෙරටට පැමිණිමේදී එක් පුද්ගලයෙකුට දින 30ක වීසා බලපත්‍රයක් සඳහා අය කළ ඩොලර් 50ක පැරණි ගාස්තුව එලෙසම පවත්වා ගෙන යාමටත්, ඉන්දියාව, චීනය, රුසියාව, ජ
ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ ලබාදුන් මුදල්වලින් ව්‍යාජ ලේඛන සකස් කර,රජයේ රෝහල් වළ ස්නායු රෝගීන් සඳහා භාවිතායට බෙදා හැරි ’’ඉමියුනෝගලොබින්’’ හා පිළි
හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය වසර පහකට පසු කොළඹ ටී බී ජයා මාවතේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයට අද (06) සවස පැමිණි
හෝමාගම ලංගම ඩිපෝවට අයත් සිසු සැරිය බස් රථයක් ධාවනය වෙමින් තිබියදී නුගේගොඩ හයිල්ලෙවල් මාර්ගයේ ජම්බුගස්මුල්ල ප්‍රදේශයේදී එහි රෝදයක් ගැලවී මාර්ගය දිග
හොරණ ග්‍රේස්ලන්ඩ්වත්ත ප්‍රදේශයේ දී ව්‍යාපාරිකයකුට වෙඩිතැබීම සැලසුම් කල ප්‍රධාන සැකකරු සතුව තිබූ ටී 56 වර්ගයේ ගිනි අවියක්, එම මැගසීනයක් සහ මිමි 7.62 x39 වර්
රණවිරු සැමරුම් මාසය ප්‍රකාශයට පත් කරමින් ප්‍රථම රණවිරු කොඩිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත පැළඳවීම ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
මෛත්‍රි සමයේ අගතියට පත්වූවන් ගැන සොයන්න කමිටුවක්
පිටරටවැසියා Friday, 26 April 2024 06:24 PM
මුලින්ම ලියාගන්න මහින්ද රාජපක්ෂ නම, මොකද මුලින්ම ඇඩ්‍රස් නැති වුණේ එයාටනේ... අන්තිමටම ලියාගන්න මෛත්‍රිපාල සිරිසේන නම, මොකද එයා හින්දා එයාටම ඇඩ්‍රස් නැති වුණා..
පිටරටවැසියා Friday, 26 April 2024 06:29 PM
ඕගොල්ලෝ ඔක්කොම හින්දා මේ රටේ සියළුම ජනතාව වසර 76ක් තිස්සේ අගතියට පත්වුණා. ඒ ගැන සොයන්න කමිටුවක් දාන්නේ කවදාද?
මං සුදනා Saturday, 27 April 2024 12:08 PM
දන මන වසග කරවන අර හැඩ මෙන්ම වසග කරවන සුලු සුරූපී දේහ විලාසිනිය ගෙවල් කුලිය අරගත්ත හැටිත් සොයන්නෙ නැතේ??
Sabee Saturday, 27 April 2024 02:52 PM
ඒක තමයි ඉස්සෙල්ලාම හොයන්න ඕනෑ. ඒ වුණාට මමනේ සභාපති. ඉතින් හොයන්නේ මට ඕනෑ දේ විතරයි..!
වජිරසේන Sunday, 28 April 2024 06:09 AM
ඒ කාලයේ හිටපු කෘෂිකර්ම ඇමැතිවරයා වාර්ෂිකව ඉතාමත් ඉහළ මිලකට අමාත්‍යාංශයට බොරැල්ලේ ගොඩනැගිල්ලක් බදු අරගෙන ජනතා මුදල් කාබාසිනියා කිරීම සම්බන්ධයෙන් මොනවත් කරන්න අදහසක් නැතෙයි... හැම කෙනාම ආණ්ඩුව ගත්තොත් අරකට කොමිසමයි, මේකට කොමිසමයි කියලා කියනවා... එහෙම කළාම පසුගිය කාලයේ කරපු වංචා, දූෂණ ගැන බලනවා මිස වෙනත් කිසිම වැඩක් කරන්න කාලයක් නැති තරමට රටේ හොරකම්, වංචා, දූෂණ සිදුවුණා.. ඒවා සොයන්න වෙනමම අමාත්‍යාංශයක් හා අධිකරණ සෑම පළාතකම පිහිටුවන්න වෙනවා. එහෙම නැතුව ඒ ප්‍රශ්නය විසඳීමට කෙසේවත් බැහැ. නුඹලාට ඒවා සොයනවා හැර රට ගොඩනැගීමට කිසිම සැලසුමක් නැහැ වගේ නේද? නිකම් බොරු සෝබන එපා උන්නැහේ...!