IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


මේ සැරේ වැරදුනොත් මිනිස්සු සුබ සිහින දකින එකක් නෑ

(අංජුල මහික වීරරත්න)

පසුගිය ජනවරම තුළ ජනතාව තැබු අපේක්ෂාවන් ඉටු කිරීමට වත්මන් රජය අපොහොසත් වුවහොත් ජනතාව සුබවාදී අනාගතයක් පිළිබඳ සිහින දැකීම ද අතහරිනු ඇති බව ජනාධිපති අනුර දිසානායක මහතා පැවසීය.

ජනතා අපේක්ෂා ඉටු වන රාජ්‍යයක් නිර්මාණය කිරීමට රාජ්‍ය නිලධාරීන් කැපවිය යුතු බවද ජනාධිපතිවරයා කීය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව සඳහන් කර සිටියේ මුදල් ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස අද (22) එම ආමාත්‍යාංශයේ දී වැඩ භාර ගැනීමෙන් අනතුරුව එහි කාර්යමණ්ඩලය අමතමිනි.

පසුගිය ආර්ථික කඩා වැටීම හමුවේ රට මුදා ගැනීමට මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් ලබා දුන් දායකත්වය මෙහිදී කෘතවේදීව අගය කළ ජනාධිපතිවරයා මින් ඉදිරියට ඇති ජයග්‍රහණ කරා යාමේ දී සියලු දෙනාගේ සහාය අපේක්ෂා කරන බව ද සඳහන් කළේය.



අදහස් (13)

මේ සැරේ වැරදුනොත් මිනිස්සු සුබ සිහින දකින එකක් නෑ

Sam silva Friday, 22 November 2024 09:58 PM

ද්‍රෝහී ජෙප්පන්ට උතුරේ ලැබුණු ඡන්ද ලැබුනේ බෝන් අගේන් සහ කතෝලික පල්ලියේ ඡන්ද (උතුරේ 90% ක්‍රිස්තියානි අද වනවිට, සින්හල අය මේවා දන්නේ නෑ)... මැල්කම්ගේ සහ බෝන් අගේන් පල්ලි අන්තිම මාස වල ජෙප්පන්ට ඡන්දේ දෙන්න කිව්වේ ඇයි..? ප්‍රතිඵල දැනටම පේනවා. අද රාජකාරියක් පටන් ගන්න කොට බෞද්ධ සන්කේත කිසිවක් නෑ. පොල්තෙල් පහන, පන්සිල් ගැන්වීම, බුලත්, නැටුම්.. ඒ වෙනුවට තඩි ටයි පොලු පිරිලා.. ජෙප්පන්ට කවුරුහරි ඒත්තු ගන්නලා තියනවා බුද්ධාගම තියාගෙන රට දියුණු කරන්න බෑ කියලා...

:       2       4

saman Friday, 22 November 2024 10:50 PM

මේ මුහුණු දැක්කාම රටේ පොරොන්දු ඉටුවන තුරු බලා සිටින පුරවැසියන්ගේත් මුහුණු වෙනස් වෙනවා.

:       0       4

Lalith Friday, 22 November 2024 11:40 PM

තවමත් කයිය විතරයි ගහන්නේ..!

:       2       5

pj Saturday, 23 November 2024 03:22 AM

මේ සැරේ බැරි වුණොත් බැරි කමම තමයි. කඩාකප්පල් කාරයෝ ඔක්කොම තමා සමගයි නේද?

:       2       3

Sahan Saturday, 23 November 2024 03:37 AM

සුබ සිහින වේවා..! සුබ රාත්‍රියක්..! 

:       1       2

ආචාර්ය තිස්ස සේනානායක (PHD in Astrophysics) Saturday, 23 November 2024 03:55 AM

මුවා ජලය කියා රැවටිලා දුවන්නේ මිරිඟුව පස්සේ. ඕක තමයි සුබ සිහිනය. මේ සිහිනයට කවදාවත් ලඟා වෙන්න බැහැ. මිරිඟුවට කවදාවත් ලං වෙන්න බැහැ. එය ඈත තියෙන්නේ. නමුත් හතිවැටී මැරී වැටෙන තුරු ජලය සොයාගෙන මිරිගුව පසුපස දුවනවා.

:       3       3

Nishan Saturday, 23 November 2024 06:35 AM

රටේ පළමු පුරවැසියා වන ජනාධිපතිතුමාව අනුගමනය කරලා බැරිද අනිත් නිලධාරීන්ටත් ඩබල් පොකට් ෂර්ට් අඳින්න? ඩෙනිම් කලිසම් අඳින්න? හෝ තමන්ට පහසු වෙන ඇඳුමක් අඳින්න. ජනාධිපතිතුමා නම් මුකුත් කියන එකක් නෑ. පාර්ලිමේන්තුවේ මාලිමාවේ මන්ත්‍රීලා ඇමතිලා ඔක්කෝම මේ රස්නේ ටයි කෝට් සූට් ඇඳළා ඇයි කියලා හිතා ගන්න බෑ. සමහරු ටයි කෝට් ඇඳගෙන ලීටරේට කිලෝමීටර් 5 ක් දුවන වායුසමීකරණය කරපු බී.එම්.ඩබ්ලිවු. කාර්වල එනවාත් දැක්කා...

:       1       2

Lakmali Saturday, 23 November 2024 06:39 AM

කතාව සහතිකම ඇත්ත... මොකද පත්වෙන රජයවල් කොතරම් රටට හිතකාමී තීන්දු ගත්තා වුණත් හැමදාම සිටින රාජ්‍ය නිලධාරි වැඩ නොකළොත් කිසි කෙනෙකුට කිසිවක්ම කරන්න බැහැ. ආයතන සංග්‍රහයේ සෑම කෙනෙක්ම පවතින රජයට පක්ෂපාතී වියයුතුයි කිව්වාට තමන්ගේ පක්ෂයේ ආණ්ඩුවක් නැත්නම් සුලු සේවකයෝත් වැඩක් කරන්නේම නැහැ. මෙහෙම වෙන්නේ පත්වීම් දීලා අවශ්‍ය පුහුණුවක් නොදීම නිසා තමයි..

:       2       1

පිටරටවැසියා Saturday, 23 November 2024 10:17 AM

සහතික ඇත්ත. ලංකාවේ ජනතාව "චින්තනය, ආසියාවේ ආශ්චර්යය, ලිච්චවී යහපාලනය" ඔය මොනවාද නොදැක්කේ මෑත කාලයේදී? මෙවර කෙළවුනොත්, මිනිස්සු සිහින කියන වචනය ශබ්ද කෝෂයෙන් අයින් කරලා දාවි...!

:       0       2

primeshika Saturday, 23 November 2024 01:20 PM

මේ පාර වැරදුනොත් 81 වසරක සාපයට ඔයාලාත් දායක වෙනවා. මිනිස්සු කෙසේ වෙතත් ඔයාලා නපුරු හීනයක් දකීවි, ගෝඨාභය දැක්කාටත් වඩා...

:       0       6

ගමේ එකාලා Saturday, 23 November 2024 04:21 PM

මානව හිතවාදී අනුර කුමාර ජනාධිපතිතුමාට ආසියාවේ ආශ්චර්යය, පෙන්වීමට, සියලු ශක්තිය, දහිරිය නිරතුරුවම ලැබේවා...!

:       3       1

saki Saturday, 23 November 2024 08:46 PM

අනගි දැක්මක්...

:       2       2

Gamini Sunday, 24 November 2024 03:54 PM

මම කයියකු මිස, මැජික්කරුවකු නොවේ...

:       2       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 226 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 171 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 975 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site