
(අංජුල මහික වීරරත්න)
පසුගිය ජනවරම තුළ ජනතාව තැබු අපේක්ෂාවන් ඉටු කිරීමට වත්මන් රජය අපොහොසත් වුවහොත් ජනතාව සුබවාදී අනාගතයක් පිළිබඳ සිහින දැකීම ද අතහරිනු ඇති බව ජනාධිපති අනුර දිසානායක මහතා පැවසීය.
ජනතා අපේක්ෂා ඉටු වන රාජ්‍යයක් නිර්මාණය කිරීමට රාජ්‍ය නිලධාරීන් කැපවිය යුතු බවද ජනාධිපතිවරයා කීය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව සඳහන් කර සිටියේ මුදල් ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස අද (22) එම ආමාත්‍යාංශයේ දී වැඩ භාර ගැනීමෙන් අනතුරුව එහි කාර්යමණ්ඩලය අමතමිනි.
පසුගිය ආර්ථික කඩා වැටීම හමුවේ රට මුදා ගැනීමට මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් ලබා දුන් දායකත්වය මෙහිදී කෘතවේදීව අගය කළ ජනාධිපතිවරයා මින් ඉදිරියට ඇති ජයග්‍රහණ කරා යාමේ දී සියලු දෙනාගේ සහාය අපේක්ෂා කරන බව ද සඳහන් කළේය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ද්‍රෝහී ජෙප්පන්ට උතුරේ ලැබුණු ඡන්ද ලැබුනේ බෝන් අගේන් සහ කතෝලික පල්ලියේ ඡන්ද (උතුරේ 90% ක්‍රිස්තියානි අද වනවිට, සින්හල අය මේවා දන්නේ නෑ)... මැල්කම්ගේ සහ බෝන් අගේන් පල්ලි අන්තිම මාස වල ජෙප්පන්ට ඡන්දේ දෙන්න කිව්වේ ඇයි..? ප්‍රතිඵල දැනටම පේනවා. අද රාජකාරියක් පටන් ගන්න කොට බෞද්ධ සන්කේත කිසිවක් නෑ. පොල්තෙල් පහන, පන්සිල් ගැන්වීම, බුලත්, නැටුම්.. ඒ වෙනුවට තඩි ටයි පොලු පිරිලා.. ජෙප්පන්ට කවුරුහරි ඒත්තු ගන්නලා තියනවා බුද්ධාගම තියාගෙන රට දියුණු කරන්න බෑ කියලා...
මේ මුහුණු දැක්කාම රටේ පොරොන්දු ඉටුවන තුරු බලා සිටින පුරවැසියන්ගේත් මුහුණු වෙනස් වෙනවා.
තවමත් කයිය විතරයි ගහන්නේ..!
මේ සැරේ බැරි වුණොත් බැරි කමම තමයි. කඩාකප්පල් කාරයෝ ඔක්කොම තමා සමගයි නේද?
සුබ සිහින වේවා..! සුබ රාත්‍රියක්..!
මුවා ජලය කියා රැවටිලා දුවන්නේ මිරිඟුව පස්සේ. ඕක තමයි සුබ සිහිනය. මේ සිහිනයට කවදාවත් ලඟා වෙන්න බැහැ. මිරිඟුවට කවදාවත් ලං වෙන්න බැහැ. එය ඈත තියෙන්නේ. නමුත් හතිවැටී මැරී වැටෙන තුරු ජලය සොයාගෙන මිරිගුව පසුපස දුවනවා.
රටේ පළමු පුරවැසියා වන ජනාධිපතිතුමාව අනුගමනය කරලා බැරිද අනිත් නිලධාරීන්ටත් ඩබල් පොකට් ෂර්ට් අඳින්න? ඩෙනිම් කලිසම් අඳින්න? හෝ තමන්ට පහසු වෙන ඇඳුමක් අඳින්න. ජනාධිපතිතුමා නම් මුකුත් කියන එකක් නෑ. පාර්ලිමේන්තුවේ මාලිමාවේ මන්ත්‍රීලා ඇමතිලා ඔක්කෝම මේ රස්නේ ටයි කෝට් සූට් ඇඳළා ඇයි කියලා හිතා ගන්න බෑ. සමහරු ටයි කෝට් ඇඳගෙන ලීටරේට කිලෝමීටර් 5 ක් දුවන වායුසමීකරණය කරපු බී.එම්.ඩබ්ලිවු. කාර්වල එනවාත් දැක්කා...
කතාව සහතිකම ඇත්ත... මොකද පත්වෙන රජයවල් කොතරම් රටට හිතකාමී තීන්දු ගත්තා වුණත් හැමදාම සිටින රාජ්‍ය නිලධාරි වැඩ නොකළොත් කිසි කෙනෙකුට කිසිවක්ම කරන්න බැහැ. ආයතන සංග්‍රහයේ සෑම කෙනෙක්ම පවතින රජයට පක්ෂපාතී වියයුතුයි කිව්වාට තමන්ගේ පක්ෂයේ ආණ්ඩුවක් නැත්නම් සුලු සේවකයෝත් වැඩක් කරන්නේම නැහැ. මෙහෙම වෙන්නේ පත්වීම් දීලා අවශ්‍ය පුහුණුවක් නොදීම නිසා තමයි..
සහතික ඇත්ත. ලංකාවේ ජනතාව "චින්තනය, ආසියාවේ ආශ්චර්යය, ලිච්චවී යහපාලනය" ඔය මොනවාද නොදැක්කේ මෑත කාලයේදී? මෙවර කෙළවුනොත්, මිනිස්සු සිහින කියන වචනය ශබ්ද කෝෂයෙන් අයින් කරලා දාවි...!
මේ පාර වැරදුනොත් 81 වසරක සාපයට ඔයාලාත් දායක වෙනවා. මිනිස්සු කෙසේ වෙතත් ඔයාලා නපුරු හීනයක් දකීවි, ගෝඨාභය දැක්කාටත් වඩා...
මානව හිතවාදී අනුර කුමාර ජනාධිපතිතුමාට ආසියාවේ ආශ්චර්යය, පෙන්වීමට, සියලු ශක්තිය, දහිරිය නිරතුරුවම ලැබේවා...!
අනගි දැක්මක්...
මම කයියකු මිස, මැජික්කරුවකු නොවේ...