(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
ලංකාව කාලයක් තිස්සේ වංචාකරුවන්ගේ හොරුන්ගේ තිප්පොලක්, ගුම්බෑයමක් බවට පත්ව තිබු බව අමතක කළ යුතු නැතැයි ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
සමාගම් වල ඉන්න අධ්‍යක්ෂවරුන් මෙන්ම කොටස් හිමියන් සහ අනෙකුත් පාර්ශවයන් සම්බන්ධයෙන් තොරතුරු එකතු කොට ඒවා නිසි පිළිවෙලකට ක්‍රියාවලියකට ගේන්න අප මේ පනත ඉදිරිපත් කර තිබෙනවා.ලංකාවේ ව්‍යාපාර ඇරැඹීමේ දී සමාගම් ලෙස ලියාපදිංචි වීම ඉතා හොඳ දෙයක්.ඒ ආයතන ක්‍රියාවලියට ඇතුළත් වන ආයෝජකයන් අධෛර්යමත් කිරීමක් මෙයින් වන්නේ නැහැ. නිවැරදි ව්‍යාපාරිකයන් කවුද? ඔවුන්ගේ තොරතුරු මොනවාද? කියා තොරතුරු එකතු කර ගන්න මේ සංශෝධනය ගෙනවිත් තිබෙනවා. අපේ රට කාලයක් තිස්සේ වංචාකරුවන්ගේ හොරුන්ගේ තිප්පොලක්, ගුම්බෑයමක් බවට පත්ව තිබුණා.ඒ වගේම ටෙන්ඩර් මගඩි වලින් මුදල් උපයන අය හිටියා.ඒ නිසා අපේ ආයතන පද්ධතිය යම් පරිහානියකට දූෂණයකට ලක්ව තිබෙනවා.රට යම් නීත්‍යානුකූල ක්‍රියාවලියකට නතු කර ගැනීම අපේ අරමුණයි.මෙවැනි සමාගම් වල පිරිසිදු බව ආරක්ෂා කිරීමත් ක්ලීන් ශ්‍රී ලංකා ව්‍යාපෘතියේ කොටසක් ලෙස හඳුන්වා දිය හැකියි.යමක් ක්ලීන් කරනකොට කවුරු හරි කලබල වෙනවා කියන්නෙම ඒකෙ පොඩි කෑල්ලක් තියෙනවා යනුවෙන්ද අමාත්‍යවරයා කීය.
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
මේ රට කලක් හොර ගුබ්බෑයමක් වූ බව අමතකද?
Nishantha Wednesday, 23 July 2025 04:37 PM
මොකෝ මත නැත්තේ මේ ළඟදීත් කන්ටේනර් 323 පැන්නුවා, 76,000/- ගානේ මල්ටි ප්ලග් ගන්න ගියා...
කපුරුහාමි Wednesday, 23 July 2025 04:51 PM
දූෂිතම පව්ල් පාලනයක් ගෙනගිය උන්දැලා සහ පව්ලේ හතර වරිගෙම ඉන්නා අය, වටේම හිටපු දූෂිත දේසපාලුවෝ සහ හෙන්චයියලා මහාපරිමාණ හොරකම් වන්චා දූෂණ නාස්තිය කරලා රටම විනාශ කෙරුවා. වහලුන්ට අමතක වුණාට ජනතාවට ආසියාවේ ආස්චර්‍ය පෙන්වනවා කියලා මහාපාරට වැටෙන තැනට වැඩ සිද්ද කරපු, ර්‍රීරී මාන්ස හූරාගෙන හූරාගෙන කාපු බලලෝභී, බඩගෝස්තරවාදි දූෂිත දේශපාලුවන්ගේ කෙරුවවාල් ගැන අපිට නම් අමතක නැතුවා...
යෝගා Wednesday, 23 July 2025 04:56 PM
කන්ටේනර් හොරකම, ප්ලග්බේස් මගඩිය, හොර ඔප්පු, හාල් ලුණු ආනයන කොමිස් දිහා බැලුවම දැන් රට ඉස්සරටත් වඩා හොර ගුබ්බෑයමක්... ඇතුලේ වෙන ඩීල් සමහර පාපිසි දන්නෙත් නැතුව ඇති...