(යොහාන් භාසුර)
මුදල් අමාත්‍යාංශ නිලධාරීන් ධීවරයන් සහ එම ක්ෂේත්‍රය ආරක්ෂා කරගැනීම සම්බන්ධයෙන් කිසිඳු අවබෝධයකින් තොරව කටයුතු කරමින් සිටින බවත් ඒ අනුව ධීවරයින් රැකබලා ගැනීමට හැකිවන වැඩ පිළිවෙලක් සකස් කිරීමට මෙම නිලධාරීන් සමත්ව නොමැති බවත් කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පැවසීය.
මුදල් අමාත්‍යාංශ නිලධාරීන් ධීවර ක්ෂේත්‍රයෙන් මෙරට ආර්ථිකයට දෙන දායකත්වය පිළිබඳව නිසි අවබෝධයකින් තොරව කටයුතු කර ඇති බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
මෙරට අවිධිමත් අංශයේ රැකියාවල නියුතු සියලුදෙනා හට වෘත්තීය ගරුත්වයක් සහ අභිමානයක් ලබාදීමට කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය ආරම්භ කළ “ගරුසරු” වැඩසටහන යටතේ ධීවර ක්ෂේත්‍රයේ රැකියාවල නියුතු වෘත්තිකයින් සමඟ අද (17) කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශයේ පැවති හමුවකදී අමාත්‍යවරයා එසේ පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොකද රනිල්ගේ ගෝලයන්ට පොඩියට අඩුපාඩු කියන්නේ. රනිල්ගෙන් කැපෙන්න තමයි යන්නේ..! දෙනදේ කාලා ඔහේ ඉන්න ... අමාත්‍යාංශයට බනින්නේ නැතිව...
මුදල් ඇමැති ඔයාලාගේ පිනානේ. එයාට ධීවරයින් ගැන විතරක් නෙමේ, මුළු රට ගැන හා රටේ ජනතාව ගැන කිසිම අවබෝධයක් නෑ!!! මම හිතන්නේ වයසත් එක්ක Dementia ව තදවෙලාද කොහේද?
මුදල් අමාත්‍යාංශයේ විතරක් නෙවෙයි, ලංකාවේ සියලු රාජ්‍ය ආයතනවල කිසිම සේවකයෙකුට නිලධාරි කෙනෙකුට සාමාන්‍ය ජනතාව ගැන අබමල් රේණුවක තරම් හැඟීමක් නැහැ. ඒ ඔක්කෝමලා හිතාන ඉන්නේම ඔවුන්ලා ඔක්කෝම මහ රජවරු කියලා තමයි. උදාහරණයක් හැටියට රාජකාරි ලිපියක් ලියද්දී ඇමතුමක් යොදන්න නියමයක් තිබුණත් ඒ ගැන කිසිම හැඟීමක් නැහැ. ආයතන ලොක්කා වුණත් ඒවා බලන්නේ නැහැ... ඔහේ අත්සන් කරනවා විතරයි ලිපියක් යැව්වත් පිළිතුරු නැහැ. දුරකථන ඇමතුමක් දුන්නත් කතා කරන්නේ නැහැ. සමහර කෙනෙක් කියන්නේ මම දන්නේ නැහැ මාගේ වැඩක් නොවෙයි... එහෙම නැත්නම් පොතේ තියෙන්නේ ඔහොම තමයි කියලා කියනවා. රජයේ සේවයේ විශ්‍රාම ගත් අයෙක් හැටියට අපිට මේවා හරිම වේදනාවක් වෙනවා රටේ මේ තත්වය ඇති කළේ නූගතුන් ලක්ෂයකට රැකියා ලබාදීම කළ ජනාධිපති තමයි...