
(සුජිත් හේවාජුලිගේ)
සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී මුජිබර් රහුමාන් මහතා ගල්අඟුරු ගනුදෙනු විමර්ශන කොමිෂන් සභාව හමුවේ හෙට (30) පෙනී සිටීමට නියමිතය.
ඒ එම කොමිසමෙන් කෙරුණු දැනුම්දීමක් අනුවය.
ගල්අඟුරු ගනුදෙනු සම්බන්ධයෙන් කොමිසමේ පොලිස් විමර්ශන අංශය විසින් මුජිබර් රහුමාන් මහතාගෙන් පසුගිය සතියේදී ප්රකාශයක් සටහන් කරගන්නා ලදී.
ගල්අගුරු ගනුදෙනුවලට අදාල ලියකියවීලි ගණනාවක් රහුමාන් මහතා එම කොමිෂන් සභාවට පසුගියදා බාර දුන්නේය. එම ලියකියවිලිවල අඩංගු තොරතුරු සම්බන්ධයෙන් ඔහුගෙන් අද ප්රශ්න කෙරෙනු ඇතැයි එහි ආරංචි මාර්ග සඳහන් කළේය.
ගල්අඟුරු ගනුදෙනු සම්බන්ධයෙන් කොමිසම බලශක්ති හිටපු අැමතිවරයා අැතුලු සියයකට ආසන්න පිරිසකගෙන් දැනට ප්රකාශ සටහන් කරගෙන ඇත

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd