
(සුජිත් හේවාජුලිගේ)
සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතාගේ සහෝදරියගේ ගල්කිස්සේ නිවසට ඉකුත් 12 වැනිදා සිකුරාදා පැමිණ ඇති අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ යැයි කියා ගත් කණ්ඩායමක් මන්ත්‍රීවරයා පිළිබඳව දීර්ඝව විමසීම් කර ඇතැයි වාර්තාවේ.
මේ පිළිබඳව රහුමාන් මන්ත්‍රීවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අසංක කරවිට මහතාට පැමිණිලි කර ඇත.
මන්ත්‍රීවරයාගේ සහෝදරියගේ නිවසට අා එම කණ්ඩායම සිම් කාඩ් පතක් නැති වීමක් සම්බන්ධයෙන් මන්ත්‍රීවරයා පැමිණිල්ලක් කර ඇති හෙයින් ඒ ගැන විමසීමට පැමිණි බව ප්‍රකාශ කර ඇත. තමා කිසිවිටෙකත් එවැනි පැමිණිල්ලක් කර නොමැති බව මුජිබර් රහුමාන් මහතා පැවසීය.
මීට ප්‍රථම තමා නිවසේ නොමැති අවස්ථාවක මෙවැනිම කණ්ඩායමක් කොලොන්නාවේ නිවසට පැමිණ තමා පිළිබඳව බිරිඳගෙන් කරුණු විමසා තිබූ බව පැවසූ මන්ත්‍රීවරයා ඊට ප්‍රථම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් යැයි කියාගත් කණ්ඩායමක් බිරිඳගේ බොරැල්ලේ මහ ගෙදරටද පැමිණ තමා පිළිබඳව විමසා තිබූ බව සඳහන් කළේය.
මෙය තමා අනියම් ආකාරයෙන් බිය වැද්දීමේ අරමුණින් කරන ලද ක්‍රියාවක් හැටියට සැක කරන බවත් මේ සම්බන්ධයෙන් පොලිස්පතිවරයාට අද දිනයේ පැමිණිල්ලක් කරන බවත් මුජිබර් රහුමාන් මහතා ප්‍රකාශ කළේය.
මෙවැනි නිවට ක්‍රියා වලින් තමා බියවැද්දය නොහැකි බවද ඔහු කීය.
2025 දෙසැම්බර් මස 04
721
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
559
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
452
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
මුජිබර් පස්සේ කණ්ඩායමක් ලූහු බැඳලා:පොලිසියට පැමිණිල්ලක්