
(ටී.කේ.ජී.කපිල)
ශ්රී ලංකාවේ පැවැත්වෙන 2026 - මිස් ඉන්ටර්නැෂනල් වර්ල්ඩ් ( Miss International World - 2026 ) තරගාවලියේ , අවසාන මහා තරගයේ ( Grand Finally ) ප්රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වීම සදහා , 2025 වසරේ මිස් ඉන්ටර්නැෂනල් වර්ල්ඩ් තරගාවලියේ ජයග්රාහිකාව වූ කැටලිනා ඩියුක් ( Catalina Duque ) මෙනවිය අද අලුයම දිවයිනට පැමිණියාය .
ඇය 2024 වසරේ මිස් කොලිම්බියා ( Miss Colombia ) රූ රැජින තරගාවලිය ජයග්රහණය කරන්නට ද සමත් වී සිටියාය .
ඇය පිළිගැනීම සදහා මිස් ඉන්ටර්නැෂනල් වර්ල්ඩ් තරගාවලියේ ශ්රී ලංකා ජාතික සංවිධායිකා රජිතා ලොකුබණ්ඩාර මහත්මිය සහ ශ්රී ලංකා සංචාරක ප්රවර්ධන කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් ද කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ .


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd