
(ටී.කේ.ජී.කපිල)
මැදපෙරදිග යූද ගැටුම් නිසා , එම කළාපයේ රටවල ගුවන් අවකාශයන් වසා දමා ඇති නිසා අද අලුයම 12.00 පැයේ සිට එදින රාත්‍රී 12.00 දක්වා කාළය තුළ මැදපෙරදිග කළාපයේ රටවල් වල සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණෙන ගුවන් යානා 33 ක ගුවන් ගමන් වාර අවලංගු වී ඇති අතර , මෙම කාළය තුළ කටුනායක ගුවන් තොටුපොළෙන් මැදපෙරදිග කළාපයේ රටවල් වෙත පිටත්වීමට නියමිතව තිබූ ගුවන් ගමන් වාර 32 ක් අවලංගු වී ඇති බව කටුනායක ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා සදහන් කළේය .
එසේම මෙම සිදුවීම නිසා මැදපෙරදිග කළාපයේ සිට මෙරටට පැමිණි ගල්ෆ් , එයාර් ඇරේබියා , ෆ්ලයි ඩුබායි සහ කටාර් ගුවන් සේවා වල ගුවන් යානා 04 ක් යළිත් එම රටවල් වෙත යෑමට නොහැකිව කටුනායක ගුවන් තොටුපොළේ නවතා දමා තිබෙන බව ද ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා සනාථ කළේය .
එහෙත් ඉන්දියාව , පකිස්තානය , බංගලදේශය , නේපාලය යන මධ්‍යම ආසියානූ රටවලට , රුසියාව , එංගලන්තය , ප්‍රංශය සහ ජර්මනිය යන යුරෝපා රටවලට සහ චීනය , සිංගප්පූරුව , මැලේසියාව , ජපානය , දකුණු කොරියාව යන ඈත පෙරදිග රටවල් කරා ගුවන් ගන්නා ගුවන් යානා සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වෙමින් පවතී .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd