
(කේෂර ගුණතිලක)
ජාතික ජන බලවේගයට බලය හිමිව තිබූ මැදගම ප්රාදේශීය සභාවේ 2027 අයවැය ඡන්දයෙන් පාලක පක්ෂය වූ ජාතික ජනබලවේගය එක් ඡන්දයකින් පරාජයට පත් විය.
සභාපති ඒ.ජී අජිත් ප්රියන්ත රත්නායක මහතාගේ ප්රධානත්වයෙන් සභා ශ්රවණාගාරයේදී මෙම රැස්වීම පැවැත්විණි.
සභාපතිවරයා විසින් 2027 වර්ෂයේ අයවැය ලේඛනය සභාවට ඉදිරිපත් කළ අතර ඒ සඳහා සිදු කළ ඡන්ද විමසීමේදී පාලක පක්ෂය වන ජාතික ජන බලවේගය ඡන්ද 08,විපක්ෂය ප්රමුඛ පොදු සන්ධානයට ඡන්ද 09 හිමි විය.
සමඟි ජන බලවේගය මන්ත්රිවරු 04 දෙනා ,එක්සත් ජාතික පක්ෂයේ මන්ත්රීවරයා , ශ්රීලංකා පොදු ජන පෙරමුණ මන්ත්රීවරයා ,සර්ව ජන බලයේ මන්ත්රීවරයා ,පොදුජන එක්සත් පෙරමුණේ මන්ත්රිවරු දෙදෙනා අය වැයට විපක්ෂව ඡන්දය දුන්හ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd