IMG-LOGO

මැති ඇමැති 7ක් :ඇමැති ඥාතී 149 ක් අල්ලසට කොටු

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)


අල්ලස් හා දූෂණ චෝදනා සම්බන්ධයෙන් හිටපු මැති ඇමැතිවරුන් හත් දෙනකු  සහ දේශපාලඥයන්ගේ ඥාතීන් 149 දෙනෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින්    අත්අඩංගුවට ගනු ලැබ  ඇතැයි අගමැතිනී  ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පාර්ලිමේන්තුවේදී  පැවසුවාය.

එසේම අල්ලස් හා දූෂණ චෝදනා මත  රාජ්‍ය නිලධාරින් 100 දෙනෙකුද අත්අඩංගුවට ගෙන ඇති බව ඇය ප්‍රකාශ කළාය.

අගමැතිවරිය මෙසේ පැවසුවේ ජාතික ජන බලවේගයේ කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී නන්දන පද්ම කුමාර මහතා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

මිනිසුන් කෙඳිරි ගාන එක නැවැත්විය  නොහැකි බවත් කෙඳිරි ගෑවත් නැතත් නීතිය ක්‍රියාත්මක වන බවත් ඇය කීවාය.

රජයට පළිගැනීමේ කිසිදු අවශ්‍යතාවක් නැතැයිද අගමැතිවරිය පැවසුවාය. ජනතාව ජනවරම   දුන්නේ හොරු ඇල්ලීමට බවත් රජය එය ක්‍රියාත්මක කරමින් සිටින බවත් හරිනී අමරසූරිය මෙනවිය පැවසුවාය

වැරදි නොකර හිටියා නම් කෙඳිරි  ගෑමට අවශ්‍ය නැතැයිද ඇය කීවාය. අල්ලස් කොමිසමට රජය කිසිදු බලපෑමක් ඇති නොකරන බවත් ඒ අයට නිදහසේ කටයුතු කර ගෙන යෑමට අවශ්‍ය වාතාවරණය සකස් කරදී  ඇති බවත් අගමැතිවරිය  සදහන් කළාය

අගමැතිවරිය මෙසේද පැවසුවාය.

86 දෙනෙකු අල්ලස් චෝදනා මත 2024 වර්ෂයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. 34 දෙනෙකු 2025 ජුනි මස 30 දිනට අල්ලස් චෝදනා මත අත්අඩංගුවට ගෙන තිබෙනවා. දූෂණ චෝදනා මත 29 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. දේශපාලනඥයන් හිටපු දේශපාලනඥයන් දූෂණ චෝදනා මත 7 දෙනකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. . රාජ්‍ය නිලධාරීන් හිටපු රාජ්‍ය නිලධාරීන් 2024 වර්ෂයේ දී අල්ලස් චෝදනා මත 58 දෙනෙකු අල්ලලා තිබෙනවා.  2025 ජුනි 30 දිනවට අල්ලස් චෝදනා මත 28යි. දූෂණ චෝදනා මත 14යි. එකතුව 42යි.

සිවිල් පුද්ගලයන් 2024 දී  28 දෙනෙකු  අල්ලස් චෝදනා මත අත්අඩංගුවට ගෙන තිබෙනවා.  2025 ජුනි මස 30 දිනට  අල්ලස් චෝදනා මත හයයි. දූෂණ චෝදනා මත තුනයි. එකතුව නවයයි.

දේශපාලනඥයන්ගේ ඥාතීන් 2025 ජුනි  30 දිනට අදාලව දූෂණ චෝදනා මත පහයි. 2024 වර්ෂයේදී අල්ලස් චෝදනා මත අසූහයයි.2025 වර්ෂයේදී අල්ලස් චෝදනා මත 34යි. දූෂණ චෝදනා මත 29යි. සම්පූර්ණ එකතුව 63යි.



 

 



අදහස් (1)

මැති ඇමැති 7ක් :ඇමැති ඥාතී 149 ක් අල්ලසට කොටු

Bunny Preena Thursday, 07 August 2025 04:36 PM

මළ කෙලියයි . කාපුවා වමාරන්න වෙයි වගේ.

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 564 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 331 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 495 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

Our Group Site